Home Politics News Room : සජිත් ජනපති වූ පසු වතු කම්කරු ජනතාවට හොඳ වැටුපක්...

News Room : සජිත් ජනපති වූ පසු වතු කම්කරු ජනතාවට හොඳ වැටුපක් දෙනවා

1
0

සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර් මස (21) දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව වතු කම්කරු ජනතාවට හොඳ වැටුපක් ලබාදෙන ගැසට් පත්‍රයක් පළමුව නිකුත් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පා.ම. නලින් බණ්ඩාර මහතා පැවසීය.

නලින් බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ පෙරේදා (18) දින දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බගවන්තලාව ශ්‍රී තෙණ්ඩායුධපාණි හින්දු කොවිලේ උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා කියා සිටියේ වසර 30කට පසු දුප්පතාගේ දුක හඳුනන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වන බවත්, එම ජනතාවගේ 100% ඡන්දය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට එම ජනතාව තීරණය කර ඇති බවයි.

වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය, නිවාස අයිතිය ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතා කියන දේ කරන, කරන දේ කියන නායකයෙකු නිසා ඔහු එම පොරොන්දු අනිවාර්යෙන්ම ඉටු කරන බවයි. මෙම රැස්වීමට දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක ප.ම. පලනි දිගම්බරම්, නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. එම්. උදයකුමාර් යන මහත්වරු ද සහභාගි විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here