Home Politics News Room : සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන් ජනපතිට පංචවිධ යෝජනාවලියක්

News Room : සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන් ජනපතිට පංචවිධ යෝජනාවලියක්

1
0

රටේ සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන් පංචවිධ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත එළඹෙන 5 දා මතුගමදී භාර දීමට සූදානම් බව ධීවර රාජ්‍ය අමාත්‍ය පොදු ජන එක්සත් පෙරමුණ නව සන්ධානයේ ජාතික සංවිධායක පියල් නිශාන්ත මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘පියල් නිශාන්ත තරුණ තරුණ පදනම’ විසින් සංවිධානය කළ ‘බේරුවල තරුණ සමුළුවට’ අලුත්ගම ‘ඩට්ච් ගේට්’ හෝටල් පරිශ්‍රයේදී පෙරේදා (18) සවස එක් වෙමිනි.

මේ පංචවිධ යෝජනාවලියේ පළමු වැන්න අවුරුදු 18-21 අතර තරුණ තරුණියන්ට නව ව්‍යවසායකත්වයක් ගොඩනැංවීමට ඉතා අවම පොලියක් යටතේ ණය පහසුකම් වැඩසටහනක් ආරම්භ කිරීමය. අනෙකුත් යෝජනා අතර මෙරට ක්‍රියාත්මක පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ දේශීය අඩු ආදායම්ලාභි දරුදැරියන් වෙනුවෙන් නොමිලේ ශිෂ්‍යත්ව වැඩසටහන් ආරම්භ කිරීම, පාසල් හැර යන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෞද්ගලික හා රජයේ ආයතන තුළ රැකියා කෝටාවක් පිරිනැමීම හා එමඟින් ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා ඔවුන් පුහුණු කරමින් රාජ්‍ය ක්‍රීඩා ඇකඩමියක් නිර්මාණය කිරීම, සමාජ මාධ්‍ය හා ඩිජිටල් අවකාශය තුළ ව්‍යාපාර සිදු කරන තරුණ තරුණියන්ට ජාත්‍යන්තර ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එම ආයතන සමඟ ගිවිසුම් ඇති කරගැනීම, විධිමත් රැකියා බැංකු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා කරන තරුණ තරුණියන්ට ගෙවන වැටුප් සාධාරණ ලෙස වැඩි කිරීමට රාජ්‍ය මැදිහත්වීම සිදු කිරීමද ඇතුළත්ය.

නෙත්මි පූජනී රත්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here