22
මෛත්‍රීපාල සිරිසේන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 6,217,162 51.28%
මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය 5,768,090 47.58%
ආර්. ඒ. සිරිසේන දේශප්‍රේමි ජාතික පෙරමුණ 18,174 0.15%
නාමල් අජිත් රාජපක්ෂ අපේ ජාතික පෙරමුණ 15,726 0.13%
ඉබ්‍රාහිම් මොහොමඩ් මිෂ්ලාර් එක්සත් සාම පෙරමුණ 14,379 0.12%
21 වන සියවස යනු ලෝක දේශපාලන හා ගෝලීය ආර්ථිකය වෙනස් වන්නට පටන්ගත් කාලයකි. දේශපාලනය මෙන්ම ආර්ථිකය ද එකම විලාසයකට දීර්ඝ කාලයක් පවතින්නේ නැත. ආර්ථිකයේ මුහුණුවර විවිධාකාරයෙන් වෙන්ස වන අතර දේශපාලනයට බලපාන සමාජ චින්තනය ද ඒ අනුව වෙනස් වෙයි.
ශීතල යුද්ධය නිල වශයෙන් නිමාවකට පත්වීම, සමාජවාදය බිඳ වැටීම, නව රිබරල් ආර්ථිකයේ නැඟී සිටීම, ගෝලීය වෙළෙඳාම වෙනසකට බඳුන්වීම, කලාපීය වශයෙන් ද රාජ්‍යයන් වශයෙන් ද කුඩා කණ්ඩායම් ගිවිසුම් ගතවීම, වෙනදාට වඩා ආරක්ෂිත කටයුතු ගැන උනන්දුවීම මේ කාලය තුළ දක්නට ලැබුණු විශේෂතා ලෙස සැලකිය හැකිය. මේ තත්ත්වයන් අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ද බලපෑවේය. එහි කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් දැක ගත හැකි විය.
1. ආර්ථික වශයෙන් නව ලිබරල්වාදයට දැඩිව නැඹුරුවීම හා ගෝලීය ගනුදෙනු කෙරෙහි වැඩි උනන්දුව
II. වමේ දේශපාලන ව්‍යාපාර අභිභවා දක්ෂිණ පාර්ශ්වයට බර දේශපාලන ව්‍යාපාර ශක්තිමත් වීම
III. ස්වදේශිකත්වය හා ස්වදේශික රාජ්‍යය කෙරෙහි පැවැති ආකර්ෂණය හා ගෞරවය බිඳ වැටීම
IV. තරුණ පරම්පරාව දේශපාලනයෙන් දුරස්වීම හා ඔවුන් අලුත් වෙනසක් අපේක්ෂා කිරීම.
2015 ජනවාරි 08දා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එබඳු වපසරියක් යටතේය. රට එක්සේසත් කිරීම, ත්‍රස්තවාදය පරාජය කිරීම, ජනප්‍රිය නායකත්වය, භෞමික අඛණ්ඩතාවය වැනි සාධක අභිභවා යමින් වෙනසක් අපේක්ෂා කරන්නට සමාජය සූදානමින් සිටියේය. පැවැති ආණ්ඩුව හා රටේ නායකත්වය මේ වන විට යම් තරමකින් ගැරහීමකට ලක්වෙමින් පැවැතිණි.
එහි සුවිශේෂී සිද්ධිය වූයේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හා පක්ෂයේ මහලේකම් ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. ඔහු පොදු අපේක්ෂකයා ලෙසින් හැඳින්විණි.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ නව දේශපාලන ව්‍යාපාරය විය. එය සටන්පාඨ කිහිපයක් ඔස්සේ සටන් වැදුණේය.
I. නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, කොල්ලකාරී ආර්ථිකය, පවුල්වාදය, හිතුවක්කාරී ඒකාධිපති පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම.
II. යුද්ධය අවසන් කළ ද ශක්තිමත් ආර්ථිකයක් පවත්වාගත නොහැකිවීම ජීවන වියදම ඉහළ යෑම.
III. රාජ්‍ය පාලනය, විදේශ ප්‍රතිපත්තිය, අධ්‍යාපනය අවුල්සහගතවීම, රට වේගයෙන් ආපස්සට ගමන් කිරීම.
ඉහත කී චෝදනා සනාථ කිරීමට අවශ්‍ය ඕනෑතරම් සාධක නිදර්ශන උදාහරණ පොදු සමාජයෙන් උකහා ගත හැකි විය. ජනාධිපතිවරයාට තෙවරක් ඡන්දය ඉල්ලිය හැකි බවට ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම කදිම නිදර්ශනය විය. එබඳු සූක්ෂ්ම දේශපාලන උපායමාර්ග ඔස්සේ රාජ්‍ය පාලනය දූෂිත වීමට ඉඩ නොදිය යුතු බවට සමාජ මතයක් ගොඩනැඟිණි. ජනාධිපති තරගයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලැබුවේය. මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනට පසු බැස්සේය. ඉනික්බිති පොදු අපේක්ෂකයා රාජ්‍ය පාලනය කරන්නට වූයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සමඟය. ඒ කාලය වන විට සහයෝගිතා දේශපාලනයට හා පොදු සන්ධානවලට ලෝකයේ විශ්වාසවන්ත තැනක් තිබිණි.
මේ පාලන ව්‍යුහය ස්ථාවර ලෙස පවත්වා ගැනීම දුෂ්කර වුව රටේ ජනතාවගේ අවධානයට ලක්විය යුතු වැදගත් දේශපාලන සංකල්ප කිහිපයක් ඉහත වෙනස ඔස්සේ සමාජගත විය.
I. පොදු අපේක්ෂකයා
II. යහපාලනය
III. පක්ෂ / විපක්ෂ ආණ්ඩුකරණය
IV.දේශපාලනයේ නව ප්‍රවණතා හඳුනා ගැනීම
1989 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ලොව ප්‍රකට සමාජ විද්‍යාඥයන් කිහිප දෙනෙකුගේ විග්‍රහවලින් කියැවුණේ මාක්ස්වාදයේ එන පන්ති විග්‍රහය අලුත් කරන්නට කාලය පැමිණ ඇති බවය. එය පිළිගත්ත ද නොගත්ත ද ලෙනින් නව දේශපාලන ප්‍රවණතා ගැන සිතා බලන්නට අපට සිදු වේ.
රන්ජන් අමරරත්න