7
රටට සුදුසු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බව ජනතාව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි පක්ෂයේ සභාපති කලානිධි එම්. අන්වර් මහතා පැවසීය. ඔහු මේ බව ප්රකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (19) පස්වරුවේ පැවති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු එම් .අන්වර් මහතා:
“සජිත් ප්‍රේමදාසලා, අනුර කුමාරලා අතුරුදන් වුණේ පසුගිය කාලයේ රට ආර්ථික අවපාතයකට මුහුණ දීලා බංකොලොත් භාවයට යද්දී.ඒත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීතව ඉදිරිපත් වී රටේ වගකීම භාර ගත්තා; ඒ වගේම වසර දෙකකින් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන බව පෙන්නුවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික පක්ෂය තීරණයක් ගත්තේ රට ශක්තිමත් කර යහපත් රටක් කිරීම සඳහා ජනාධිපති රනිල්ට සහය දෙන්න. අපේ රටට සුදුසු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බව ජනතාව තීරණය කර අවසන්.”
දිගාමඬුල්ල විශේෂ
වසන්ත චන්ද්‍රපාල