1
දැන් උදේට කිරි ටිකක් බොන අපිට කහට බොන්න ලෑස්ති වෙන්නයි කියන පක්ෂයක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵලයයි ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ජාතික විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනුෂ විමලවීර මහතා කියා සිටියි. ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට පැමිණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා විසින් එම කාර්යාලයේදී මෙම ආසන බලමණ්ඩල රැස්වීම කැඳවා තිබිණි.
ගම්පොළ එජාප ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතාගේ ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ ගම්පොළ ආසන සංවිධායකවරයා එජාපයට එකතු වී ඇති බව ප්‍රකාශ විය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුෂ විමලවීර මහතා
ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර වැඩවල මම අවුරුදු අටක් විතර ඉන්න කෙනෙක්. මේ දවස්වල පක්ෂය තුළ මුදල් ගනුදෙනු ලොකුවට වෙන නිසා මම ආසනයේ අය වැය වාර්තාව ඉල්ලුවා. කිසි දවසක මේ අය මේ අය වැය වාර්තාව දෙන්නෙ නෑ. බැරිම තැන මම රණ්ඩු කළා. මේ වංචාවට මම විරුද්ධ උනා. එදා මට ඒ අය කිව්වා එළියට බහින්න කියලා. ඉතිං මම මේ වංචාවන් ඉවසන්න බැරි නිසා එළියට බැස්සා.
විජිත හේරත් සහෝදරයා කියනවා අනුර දිසානායක ජනාධිපති වූ ගමන් රට හදන්න විශ්ව කර්මයෙක් නෙවෙයි කියලා.
ඇත්ත තමයි මෙයාලා දැන් ඉන්නේ දිනන තැනක නෙවෙයි. ඒ වගේම එයා කියනවා කිරි වෙනුවට කහට බොන්න ලෑස්ති වෙන්න කියලා.
රට වැටුනට පස්සේ පහුගිය අවුරුදු එකහමාරේ අපි උදේට උදේට වතුර බිබී හිටියේ. ඊට පස්සේ ටික කාලයක් කහට බීලා හිටියත් දැන් දැන් සීනි හැන්දක් දෙකක් දාලා ප්ලේන්ටි ටිකක් බොනවා. දැන් මගේ ගෙදර උදේට කිරි ටිකක් බොනවා. ඒ නිසා මේ අය කියන විදිහට මට බෑ ආයෙ කහට බොන්න ඒ අයගේ ළඟට යන්න.
රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න
අද ජනාධිපතිවරණයට තිස්නව දෙනෙක් පොර කනවා මීළඟ ජනාධිපති වෙන්න. ඒත් මීට වසර දෙකකට කලින් මේ රටේ මිලියන 22ක් වූ මිනිස්සු විවිධ පෝලිම්වල ඉන්නකොට මේ අයට නායකත්වය දෙන්න එක මනුෂ්‍යයෙක් හිටියේ නෑ. හිටිය එකම කෙනා තමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක අපට වෙන කිසිම ගනුදෙනුවක් ඩීල් එකක් කොන්දේසියක් නෑ එකම දේ තමයි මේ රට නැවත හදපු කෙනාට අපි ගෞරවය දක්වන එක. ඒ දේ නොකරනවා නම් අපි කුහකයෝ වෙනවා.
ගම්පොළ – සුරංග දිල්හාන්