33
ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුත් අග්‍රාණ්ඩුකාර ධුරයේ වෙනසක් කිරීමට සේනානායක මහතා උත්සාහ කළේ නැත. විලියම් ගොපල්ලව මහතා සේනානායක මහතාගේ පාලන කාලය තුළදීත් අපක්ෂපාතීව කටයුතු කළේය. 1970 මහ මැතිවරණයෙන් සිය ආණ්ඩුව පරාජය වීමෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා තමාගේ ඉල්ලා අස්වීමේ ලියවිලි ගොපල්ලව මහතාට භාර දුන්නේය.
අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අත්සනින් යුතුව 1962 පෙබරවාරි 26 වැනිදා රාත්‍රී 11.30ට නිකුත් කරන ලද විශේෂ නිවේදනය ඉන් ස්වල්ප වේලාවකට පසු ලංකා ගුවන්විදුලි සේවය මඟින් ප්‍රචාරය කරන ලදි. එහි මෙසේ කියැවිණි. සර් ඔලිවර් ගුණතිලක උතුමාණන්ගෙන් පසු ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධුරයට විලියම් ගොපල්ලව උතුමාණන් පත් කිරීමට ශ්‍රී ලංකාවේ පිහිටි මහ රාජිණියගේ ආණ්ඩුව මඟින් පත් කරන ලද යෝජනාව මහ රාජිණිය විසින් කරුණා පෙරදැරිව අනුමත කර ඇති බවත්, මෙම පත්වීම මාර්තු 2 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්ය. එදිනම එම වේලාවට මේ හා සමාන නිවේදනයක් ලන්ඩනයේ බකිංහැම් මාලිගයෙන් ද නිකුත් කළ බව රොයිටර් ප්රවෘත්ති සේවය මඟින් වාර්තා කරන ලදි.
මර්දනය සම්බන්ධයෙන් දිවයිනටම විශිෂ්ට සේවයක් කළ වෛද්‍ය ජේ. එච්. එෆ්. ජයසූරිය මහතාට පොදු රාජ්‍ය මණ්ඩලීය උපකාර ත්‍යාගය පිරිනැමීම පිණිස ක්ෂය රෝග මර්දනය පිළිබඳ ලංකා ජාතික සංගමය මඟින් පවත්වන ලද උත්සවයට සහභාගි වී එය පිහිටුවන ලෙස ගොපල්ලව මහතා උපදෙස් දුන්නේය.
ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුත් අග්‍රාණ්ඩුකාර ධුරයේ වෙනසක් කිරීමට සේනානායක මහතා උත්සාහ කළේ නැත. විලියම් ගොපල්ලව මහතා සේනානායක මහතාගේ පාලන කාලය තුළදීත් අපක්ෂපාතීව කටයුතු කළේය. 1970 මහ මැතිවරණයෙන් සිය ආණ්ඩුව පරාජය වීමෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා තමාගේ ඉල්ලා අස්වීමේ ලියවිලි ගොපල්ලව මහතාට භාර දුන්නේය.
ජයග්‍රහණය කළ පක්ෂයේ නායිකාව ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රජ ගෙදරට කැඳවූ ගොපල්ලව මහතා නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස උපදෙස් දුන්නේය. 1972 මැයි මස 22 වැනි දින නව ජනරජ පනත සම්මත කර ගන්නා ලදි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ස්ටැන්ලි තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජන රජ පනත පිළිගත් බව සහතික කරමින් ඊට අත්සන් තැබුවේය. ජනරජ පනත සම්මත වීමෙන් පසු ශතවර්ෂ එකහමාරකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව එංගලන්තයේ මහ රැජිනට තිබුණු බැඳීම අවසන් වී නිදහස්, ස්වාධීන, ස්වෛරී ජන රජයක් බවට පත් විය. Ò සිලෝන් ” යන නම ඉවත් වී Ò ශ්‍රී ලංකා” යන නම ව්‍යවහාරයට ආවේය. ශ්‍රී ලංකා ජන රජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දිවුරුම් දුන්නාය. ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමෙන් පසුව ප්‍රථම විධායක නොවන ජනාධිපතිවරයා ලෙස විලියම් ගොපල්ලව මහතා මන්ත්‍රීවරුන් ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය. ඒ සමඟම Ò රජ ගෙදර” නමින් හැඳින්වුණු මන්දිරය Ò ජනාධිපති මන්දිරය” බවට පත් විය. අධිරාජ්‍යවාදී බැමිවලින් සම්පූර්ණයෙන් මිදුණු ශ්‍රී ලංකාද්වීපය ඒ ඓතිහාසික මොහොතේ ශ්‍රී ලංකා ජන රජයේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහතා ජාතියට දුන් මංගල පණිවුඩය ගුවන්විදුලිය ඔස්සේ තුන් සිංහලේ පුරා පැතිර ගියේය.
පරිපූර්ණ නිදහස ඇති ජන රජයක් මඟින් අභිනව යුගයක් ආරම්භ වෙන මොහොතේ ජනරජයේ පළමු වැනි ජනාධිපති වශයෙන් පත් වීමේ භාග්‍ය මා වෙත පැවරීම ගැන ගරු අග්‍රාමාත්‍යවරියටත්, රජයටත්, ජනතාවටත් මාගේ හෘදයාංගම කෘතගුණය මුලින්ම සඳහන් කරමි. ශ්‍රී ලංකා ජනරජය මඟින් අපේක්ෂිත සෞභාග්‍ය මුළුමහත් ජනතාවට උදා වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ අභිනව යුගයේ සමාරම්භ ලක්ෂණය වශයෙන් අපේ ස්වාධීන ධජය සඳහටම බැබළෙන සේ ඔසවමි.
1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රථම ජනාධිපති ධුරයට පත් වූ විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය 1976 මැයි 22 වැනිදාට අවසන් වීමට නියමිතව තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ පත් වීම සිදු කෙරෙන්නේ අවුරුදු හතරක් සඳහාය. ඒ අනුව නියමිත කාලය අවසන් වෙන විට ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට කැමති බව ගොපල්ලව මහතා අගමැතිනියට දන්වා සිටියේය. නමුත් අග්‍රාණ්ඩුකාර ධුරයේ මෙන්ම ජනාධිපති ධුරයේ ද අපක්ෂපාතී හා බුද්ධිමත්ව කටයුතු කර තිබීම නිසා ගොපල්ලව මහතාගේ සේවය තවදුරටත් ලබා ගැනීමට තමාත් ඇමැති මණ්ඩලයත් තීරණය කර තිබුණු බව අගමැතිනිය කියා සිටියාය. ඒ අනුව විලියම් ගොපල්ලව මහතාගේ සේවා කාලය තවත් වසර හතරකින් දීර්ඝ කරන ලදි.
1977 ජූලි 22 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය. පසුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගත්තේය.
1977 ඔක්තෝබර් 04 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙවැනි සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ අතර අගමැති ජේ. ආර්. ජයවර්ධන මහතා එම පදවියේ සියලු බලතල සමඟ විධායක ජනාධිපති බවට පත් විය. විලියම් ගොපල්ලව මහතාගේ පාලන කාලය තුළ 1965, 1970 සහ 1977 වර්ෂයන්හි මහ මැතිවරණ පවත්වා ඇති අතර එම මැතිවරණවලින් පසු බලයේ සිටි ආණ්ඩු වෙනස් විය. විපක්ෂය බලයට පත් විය. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය නායකයා ලෙස අපක්ෂපාතී ලෙස කටයුතු කළ ගොපල්ලව මහතා මහ ජනතාවගේ ආදරය දිනා ගත්තේය.