Home Politics News Room : සාධාරණත්වය ඇති රටක් හදන්න විදෙස්ගත ශ්‍රී ලාංකියන්ට එක්වන්න ආරාධනා

News Room : සාධාරණත්වය ඇති රටක් හදන්න විදෙස්ගත ශ්‍රී ලාංකියන්ට එක්වන්න ආරාධනා

1
0

නීතියක් හා සාධාරණත්වයත් ඇති මිනිසුන්ට ගරුකරන රටක් හදන්නට එක්වන ලෙස විදේශ රටවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මාතර දී පැවති ජනහමුවකට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීය. “සැප්තැම්බර් 21 මේ රට හදන්නට සියලු දෙනා පැමිණ දායක වෙන්න. විදේශ රටවල සිට බොහෝ දෙනා එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ ගෝඨාභය රාජපක්ෂ මෙන් ජනාධිපතිවරයා සිංහාසනයේ තබා යන්න නොවෙයි. අපේ රට දාල ගියපු බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඒ අය නැවත අපේ රටට එන්න බලාගෙන ඉන්නවා. මේ රට හැදෙනවානම් ඔවුන්ගේ දායකත්වය දෙන්න ඔවුන් සූදානම්. මේ රට හදන්න බැරි රටක් නොවෙයි. අප දිව්‍ය ලෝකයේ සැප ගැන විශ්වාස කරනවානම් ලංකාව කියන්නෙත් දිව්‍ය ලෝකයෙන් වැටුණු කෑල්ලක් වගේ. මේ රටේ දිස්ත්‍රික් විසි පහේම පැළ කරන්න බැරි දෙයක් නැහැ. ස්වභාවදහම හරියටම බෙදල දීල තියෙනවා. තේ කර්මාන්තය, සිංහරාජ වනාන්තරය, කුරුඳු කර්මාන්තය, කිරි කර්මාන්තය, වී වගාව, බඩ ඉරිගු, රට කජු, මේ හැම දෙයක්ම දීල තියෙනවා. මේක මොනතරම් අපූර්වත්වයක් ද? බදුල්ලට ගියොත් මුළු රටටම දෙන්න පුළුවන් එළවළු ටික, අල වගාව අපට ලබා දෙනවා. ශීත දේශගුණය, හා‍ සංචාරක කර්මාන්තය අප රටට දීල තියෙනවා. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 වුණාට, මේ රට තුළ රටවල් 25ක් ලෙස හදන්න පුළුවන්. ස්වභාවදහමේ වටිනාකම ප්‍රයෝජනයට ගෙන මේ රට ගොඩනඟන්න පුළුවන්. මේ රට හදන්න තිබෙන අඩුපාඩුව වන්නේ මේ රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමී පාලනයක් නොමැතිවීමයි.

අපේ තිබෙන්නේ පරම්පරා ගණනාවක් කැපවීම් කරන ලද දේශපාලන ව්‍යාපාරයක්. ඒ කරන ලද කැපවීමෙන් දැන් රට හදන්නට අවස්ථාව පැමිණ තිබෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් මේ කැපවීම කරන්නට සූදානමින් සිටිනවා යැයි හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

ටී.කේ. මහින්ද වැලිගම සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here