29
මේ රටේ මහජනයා සතු දේපළ කොල්ල කමින්, හොරකම් කරමින්, පිටරටවලින් පවා දේපළ ගත්, මේ මහා පරිමාණ චෞර වළල්ල ගෙදර යවන දවස තමයි සැප්තැම්බර් මාසේ 21 වැනිදා උදා වෙලා තියෙන්නේ යැයි සමඟි ජන බලවේග කලාවැව ආසන සම සංවිධායක, මිහින්තලා ආසන ප්‍රධාන සංවිධායක සුරංග රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර එප්පාවල, මාවතවැව කොට්ඨාසයේ සමඟි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
සැප්තැම්බර් මස 21 වැනිදාට මේ රටේ පරිවර්තනීය දේශපාලන වෙනසක් සිදු වෙන්න තියෙන දවසක්, මේ රටේ ජනතාවට දේශපාලනය පිළිබඳව කලකිරිලා දේශපාලනඥයෝ පිළිබඳව කලකිරිලා, දේශපාලනඥයෝ එපා කියලා ඉන්න මේ ජනතාව, නැවත වතාවක් සජිත් ප්‍රේමදාස මැතිතුමා පිළිබඳව විශ්වාසයෙන්, සමඟි ජන බලවේගය පිළිබඳව විශ්වාසයෙන් එකතු වෙලා ඉන්නවා. 1994 ඉඳන් පටන් අරන් දීර්ඝ කාලයක් මේ රටේ ජනතාවට එපා වෙලා තියෙන, දූෂිත වෙලා තියෙන ,ජරා ජීරණ වෙලා තියෙන මේ රටේ මහජනයා සතු දේපළ මංකොල්ල කමින් මේ රටේ දූෂිත දේශපාලන යුගය අවසන් කිරීමේ දවස තමයි සැප්තැම්බර් මස 21 වැනිදාට යෙදිලා තියෙන්නේ.
මේ රටේ ජනතාව අද විශාල බලාපොරොත්තුවක් තියාගෙන, මේ රටේ දුක්විඳින දුගී දුප්පත් අහිසංක පීඩිත පන්තිය වෙනුවෙන් යමක් කරයි කියලා බලාපොරොත්තුවෙන්, සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා ඒකරාශී වෙමින් ඉන්නවා. මේ රටේ විපක්ෂ නායකවරයෙක් විදිහට, කිසිම විපක්ෂ නායකවරයෙක් නොකරපු වැඩකටයුත්තක් කරමින් එතුමාගේ පියා සේම ජනතාවට සේවය කරමින් සිටිනවා.
අපිට මේ මැතිවරණයේදී ජයග්‍රහණය පිළිබඳව දෙගිඩියාවක් නෑ, අපි දන්නවා දැන් අපිට රැල්ල පෙරළිලා ඉවරයි කියලා. සමීක්ෂණ වාර්තාවලින් කියනවා, බුද්ධි අංශ වාර්තාවලින් කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා 50% ඉක්මවලා ඉවරයි කියලා. ඒක අපිට දැනෙනවා ගමට ගියාට පස්සේ, අපි ගමට ගියාම අපිට ඇවිත් කියනවා ‘අපි අවුරුදු 30ක් ශ්‍රී ලංකා එකේ පෝලිම් බූත්, නමුත් මම අද සජිත් එක්ක එකතු වෙනවා සජිත්ගේ වැඩපිළිවෙළට සහාය දක්වන්න’ කියලා.‘මම අවුරුදු 50ක් පරම්පරාවෙන් පරම්පරාවට ශ්‍රී ලංකාකාරයෝ අපි, අපේ තාත්තාගේ කාලයේවත් දීලා නෑ. හැබැයි මේ පාර අපේ පවුලම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය දෙනවා.’ කියනවා. ඒ වගේ බළ කණු, බළකොටු අද සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා ඒකරාශී වෙමින් තියෙනවා.
ඔබට තව අවුරුද්දක් දෙකක් යද්දී භය නැතිව එළියට බැහැලා මම සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්නට දායක වුණ කෙනෙක් කියලා භය නැතිව කියන්න පුළුවන් වැඩපිළිවෙළක්, වැඩසටහනක් සමඟි ජන බලවේගයේ තියෙනවා. සමහර දේශපාලන කණ්ඩායම් තියෙනවා වැඩපිළිවෙළක් මොකුත් නෑ, වැඩසටහනකුත් නෑ, කණ්ඩායමකුත් නෑ, වේදිකාවට ඇවිත් හැබැයි ලොකු ටෝක් දෙනවා. හැමදාම 74 වසරක දේශපාලන ශාපය ගැන කියනවා, මේ රටේ දේශපාලනයේ හිටපු ඔක්කෝටම බණිනවා, 74 වසරක ශාපය කියලා වේදිකාවට ඇවිත් කතා කරද්දී මේ ශාපයට වැඩිපුරම වගකියන්න ඕන ඒ අය කියලා ඒ අය දන්නේ නෑ.
තිසර සමල් – අනුරාධපුර