9
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව පැෆරල් සංවිධානය මඟින් පවත්වනු ලබන විවාදය සඳහා සිදු කර ඇති විවෘත ආරාධනය පිළිගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.
එය තාර්කික සහ කරුණු මත පදනම් වු හරබර විවාදයක් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැෆරල් සංවිධානයේ මෙම උත්සහය අගය කරන බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන් වේ.
විවාදය පැවැත්වෙන දිනය සහ වේලාව සම්බන්ධයෙන් සහ විවාදයේ ආකෘතිය සම්බන්ධයෙන් හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ඔහු එම ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
මේ වන විටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් මහතා මෙන්ම දිලිත් ජයවීර මහතාද විවාදයේ පළමු අදියර සඳහා සහභාගී වීම මීට පෙර තහවුරු කර තිබුණි.
මෙම ජනාධිපතිවරණ විවාදයේ දෙවන හා තෙවන අදියරයන්ද සැප්තැම්බර් 08 හා 09 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන අපේක්ෂකයින් සිය අභිලාෂය එළඹෙන 24 වන දින මධ්‍යහ්න 12 ට පෙර පහත ඊමේල් ලිපිනයට යොමුකරන ලෙස පැෆරල් සංවිධානය දැනුම් දෙයි.