24
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ලබන බදාදා සාකච්ඡා කරන බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
සාමාන්‍යයෙන් සෑම බදාදාවකම කොමිසම රැස් වන බවත්, එහිදී එම තීරණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය. නියමිත වූ පරිදි 2023 වසරේදී පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබිණි.
සුභාෂිණී සේනානායක