Home Politics News Room : රටේ ආර්ථි­ක­ය සුරක්ෂිත කළ ­හැකි ලයි­ස්තුවේ සිටින එකම නාය­කයා...

News Room : රටේ ආර්ථි­ක­ය සුරක්ෂිත කළ ­හැකි ලයි­ස්තුවේ සිටින එකම නාය­කයා රනිල්

1
0

  • ජන­පති රනිල්ගේ ජය­ග්‍ර­හ­ණය ස්ථිරයි – -පාර්ලි­මේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණ­ව­ර්ධන

මේ රටේ ආර්ථි­කය සහ දරු­වන්ගේ අනා­ග­තය සුර­ක්ෂිත කරන්න නම් පැහැ­දි­ලි­වම අපේ­ක්ෂක ලයි­ස්තුවේ සිටින එකම නාය­කයා වන්නේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා බවත් පළ පුරුද්ද සහ කළ පුරුද්ද තිබෙන දේශ­පා­ල­ඥ­යෙක් සිටි­නවා නම් ඒ මහ­තාම පම­ණක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී මිලාන් ජය­ති­ලක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බත්ත­ර­මුල්ල මෙහෙ­යුම් කාර්යා­ලයේ ඊයේ (23) පැවැති ඉදිරි ජනා­ධි­ප­ති­ව­රණ මෙහෙ­යුම් පිළි­බඳ දැනු­ම්වත් කිරී­මට සහ ඉදි­රි­යේදී බිහි­වී­මට නිය­මිත නව සන්ධා­නය පිළි­බ­ඳව දැනු­ම්වත් කිරීමේ මාධ්‍ය සාක­ච්ඡා­වට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී මිලාන් ජය­ති­ලක මහතා මෙසේ පැව­සීය.

විරුද්ධ පක්ෂ­යෙන් අපට කිසිම තර්ජ­න­යක් නැහැ වගේම අපට තර­ගෙ­කුත් නැහැ.මේ වෙන­විට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂයේ අපිත් එක්ක සිටි අත­ලො­ස්සක් මන්ත්‍රී­ව­රුන් ඉතුරු වෙලා ඉන්නවා.මේ වෙන­කොට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සිය­යට 95ක කණ්ඩා­ය­මක් අත්වැල් බැඳ­ගෙන සිටි­නවා පක්ෂය හැටි­ය­ටම ඇවිත්.පක්ෂයේ සිය­ලුම සංවි­ධාන,ශාඛා සංවි­ධාන, පාර්ලි­මේන්තු,ප්‍රාදේ­ශීය සභා ඇතුළු මේ සිය­ලුම සංවි­ධාන ඒක­රාශී කර­ගෙන අපි රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­පති නැවත වතා­වක් මේ රටේ ජනා­ධි­පති කරන්න ඕනෑ කියන චේත­නාව පද­නම් කර­ගෙන සහ­යෝ­ගය දෙන්නේ.මේ රටේ ආර්ථි­කය සහ දරු­වන්ගේ අනා­ග­තය සුර­ක්ෂිත කරන්න නම් පැහැ­දි­ලි­වම මේ ලයි­ස්තුවේ ඉන්න එකම නාය­කයා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තායි.මොකද ලයි­ස්තුවේ අපේ­ක්ෂ­ක­යන් ගත්තොත් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­පති පළ­පු­රුද්ද සහ කළ පුරුද්ද තිබෙන දේශ­පා­ල­න­ඥ­යෙක්.ඒ මහතා විත­රයි මේ වෙන­කොට ජන­තා­වට විශ්වා­සය තියන්න පුළු­වන් දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් මේ රටට පෙන්නුවේ.

ඒ මහතා සමඟ මීට කලින් අපි දේශ­පා­ල­නි­කව අපි වැඩ කර­ලත් නැහැ එකතු වෙලත් නැහැ.මොකද එතුමා තමයි අපට හිටපු ප්‍රබ­ලම ප්‍රති­වා­දියා වෙන්නේ.අපි මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­යාගෙ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කරන වෙලාවෙ අපට හිටපු ප්‍රබ­ලම ප්‍රති­වා­දියා වෙන්නේ.නමුත් මේ වෙන­කොට මේ රටේ අනා­ග­තය සහ සිය­ල්ලම ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ටයි කියන එක සහ ඒ විශ්වා­සය පසු­ගිය අවු­රුදු දෙකේ අපි දැක්කා.එදා අර­ග­ලය වෙලාවේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදි­රි­පත් වෙලා ඒ සියල්ල සම­නය කර මේ රට ඉතාම කෙටි කාල­ය­කින් යාව­ත්කා­ලීන කර රටේ ජන­තා­වට නැවත නිද­හසේ ජීවත් වෙන්න පුළු­වන් වට­පි­ටා­වක් හදා තිබෙ­නවා.ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙක් වන සජිත් ප්‍රේම­දාස මහ­තාට මම අභි­යෝ­ග­යක් කර­නවා.පුළු­වන් නම් ඔබ­තුමා විදේශ රට­ව­ල්වල ගිය වාර ගණන කියන්න කියලා.එතු­මාට ගුවන් යාන­ය­කින් විදේශ රට­කට ගිහින් රාජ්‍ය නාය­ක­යෙක් හම්බ වෙන්න තර­ම්වත් මාන­සික ශක්ති­යක් නැති කෙනා අර­ග­ල­යක් වෙලා­වෙ­දිත් පැනලා ගියා. අනුර කුමාර දිසා­නා­ය­කත් ඒ වගේම පැනලා ගියා.

අත­ර­ම­ඟදි මිනි­සුන් අත හැර පැනලා යන­වට වඩා අභි­යෝග ජය­ග්‍ර­හ­ණය කරන නාය­ක­යෙක් තමයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කියන්නේ. එතු­මාගේ නිව­සත් ගිනි තිබ්බට පස්සේ අපි හිතුවා ඒකම බය වෙලා පැනලා යයි කියලා. රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­තිගේ ගිනි තියලා එදා ඒ කණ්ඩා­යම් සූක්ෂ­මව කළෙත් එතු­මාව මේකෙන් අයින් කරන්න පුළු­වන්ද කියා බලන එකයි. නමුත් එතු­මාගේ ගේ ගිනි ගත්තත් ඒ ඉදි­රි­යට ගත් පිය­වර පස්සට තියන්නේ නැතිව මේ රටේ ජන­තාව ගැන හිතලා රට එක්සේ­සත් කළා. එහෙම නැත්නම් අද බංග්ලා­දේ­ශ­යක් බවට මේ රට පත් වෙලා. අද බංග්ලා­දේ­ශයේ පොලි­සි­යක් ක්‍රියා­ත්මක වෙන්නෙ නැහැ. ආර්ථි­කය වැටිලා. මිනිස්සු දුක් විදි­නවා. ජීවිත නැති වෙනවා. තිබෙන කර්මා­න්ත­ශාලා ගිනි තිය­නවා. මේ තත්ත්ව­ය­ටත් අපේ රට පත් වෙන්න තිබුණා. ඒ තත්ත්ව­යෙන් අපේ රට මුදා ගත් එකම නාය­කයා වෙන්නේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තායි. ඒ වගේම තමයි අනෙක් කිසිම දේශ­පා­ලන නාය­ක­යෙ­කුට ඒ හයිය නැහැ කියන එකත් මම බොහොම පැහැ­දි­ලිව කිය­න­වා­යැයි පැව­සීය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණ­ව­ර්ධන මහ­ත්මිය –

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය නියත බව දැන් පැහැ­දිලි වෙලා තිබෙ­නවා.අපි දැක්කා පසු­ගිය දිනක පාර්ලි­මේ­න්තු­වේ­දිත් තලතා අතු­කෝ­රළ මහ­ත්මිය රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­තිට සහ­යෝ­ගය දෙන්න තමන්ගේ මන්ත්‍රී ධුර­යෙන් පවා ඉවත් වෙලා කට­යුතු කළා. මේ රටේ කාන්තා­වක් තුළ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගැන මේ දේවල් දකි­න­කොට විශ්වා­ස­යක් ඇති වෙනවා.තලතා අතු­කෝ­රල කියන්නේ සජබෙ හිටපු කාන්තා ලාංඡ­නය විදි­යට තමයි අපි දකින්නේ. ඒ මහ­ත්මි­යත් තීර­ණය කර­නවා මේ වෙලා­වේදී රට හදන්න නම් බෙදිලා යන්න බැහැ කියලා. අපි හරි තීන්දු­වක් ගන්න ඕනෑ කියලා. ඒ තීන්දුව ගන්නේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වෙනු­වෙන් සහාය ලබා දෙන්න ඕනෑ කියලා. සජබෙ භාග­ය­කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහ­යෝ­ගය දෙන්න ඇවිත් තිබෙ­නවා. ඒ වගේම අපි දන්නවා සජබෙ වේදි­කාව තුළ පවා කාන්තා­වන්ට නිසි තැන ලැබෙන්නේ නැහැ කියලා.

ඒ තත්ත්ව­යන්ට මුහුණ දෙන හැටි අපි දැක්කා.ඒ පැවැති රැස්වී­මේදී කාන්තා­වන්ට නිසි තැනක් හම්බ වුණාද කිය­ලත් ලොකු ප්‍රශ්න­යක් තිබෙ­නවා. අද රටේ කාන්තා­වන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහ­යෝ­ගය දෙන්නෙ ඇයි කියා ප්‍රශ්න­යක් ආවොත් අපේ රටේ වැඩිම ආර්ථික අව­පා­ත­යක්, ඇති වුණ අර­ග­ල­යත් එක්කම තිබුණු ලොකුම ගැට­ලුව වගේම රටේ සුර­ක්ෂි­ත­භා­වය කියන දේ වැද­ගත් වෙනවා. රට ආර්ථික වශ­යෙන් කොහො­මද සුර­ක්ෂිත වෙන්නේ.රටේ ජන­තා­වගේ සහ දරු­වන්ගේ අනා­ග­තය සුර­ක්ෂිත වෙන්නේ කොහො­මද කියන කාර­ණා­වත් වැද­ගත්. අපි බලන්නේ දරු­වන්ට හොඳම දේ දෙන්න. ඉතා­මත්ම අප­හසු තත්ත්වයේ තිබුණ රටක් භාර­ගෙන ඒ ආර්ථි­කය ක්‍රම ක්‍රම­යෙන් ඉදි­රි­යට ගෙනාවා. වැටුණ රට ගොඩ­නැ­ඟුවා.මේ රටේ අර­ග­ල­යත් සමඟ ඇති වුණ ආර්ථික පසු­බෑම ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් අව­බෝධ කර­ගෙන ඉතා­මත්ම ප්‍රායෝ­ගි­කව ඒ සඳහා අවශ්‍ය පිළි­යම් යෙදුවා යැයි ප්‍රකාශ කළාය.

ඡායා­රූප – තිලක් පෙරේරා

නෙත්මි පූජනී රත්නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here