1
ජනතාව ඡන්දපොළට යා යුත්තේ ක්‍රෝධය, වෛරය වැපිරීමට නොව රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ ජාතික නායකයාට කෘතවේදීත්වය දැක්වීමට පමණක් බව එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට පෙරේදා (22) එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
ජනාධිපතිවරණය දැන් ආරම්භ වී තිබෙනවා. ඇතැම් අය මේ ජනාධිපතිවරණය නියමිත වේලාවට පවත්වන්නේ නෑ කියා සටන් පාඨ සමාජ ගත කළා. තවත් අය කිව්වා මේ මැතිවරණය කල් දානවා කියලා. දුර්වල දේශපාලන කණ්ඩායම් විවිධ බොරු පණිවිඩ සමාජගත කරමින් ඉදිරියට යනවා. ඒ දුර්වල දේශපාලන කණ්ඩායම් දැන් එදාටත් වඩා දුර්වල තැනකට ගමන් කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශපාලනයෙන් නිදහසින් පසු කළ හැකි උපරිම වැඩ කොටස කර අවසන් කරලයි තිබෙන්නේ. දැන් ලංකාවේ දේශපාලනය නව මාවතකට යොමුවී තිබෙනවා. ඒ මාවත නැවත වෙනස් කරන්න ඉඩ තබන්න හොඳ නැහැ. යම් විදිහකින් එසේ කළොත් ලංකාව බරපතළ ඛේදවාචකයට මුහුණ දෙනවා. පොරොන්දු දේශපාලනය සහ ප්‍රතිපත්ති දේශපාලනය අතර විශාල වෙනසක් තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රට පොරොන්දු දේශපාලනයෙන් වසර 75ක් ඉදිරියට ගමන් කර තිබෙනවා. දේශපාලකයන් තමන්ට තනතුරක් ලබා ගැනීමට ජනතාවට උපරිම පොරොන්දු දෙමින් ඒ තුළින් සමාජය බරපතළ ඛේදවාචකයට පත් කර තිබෙනවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි රට බංකොලොත් තැනට ගමන් කිරීම. එසේ බරපතළ තැනකට ගමන් කර රට දැන් නැවත රටේ පුරවැසියන්ට ශක්තිමත්ව සිටිය හැකි තැනකට මේ රට ගෙනැවිත් තිබෙනවා. ලෝකයේ ඇතැම් බංකොලොත් වුණු රටවල් අවුරුදු 10කටවත් ගොඩගත නොහැකි තත්ත්වයක තිබියදී වර්තමාන අපේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොඩගෙන තිබෙනවා. මෙවැනි තත්ත්වයක් උඩ රටේ දේශපාලන නායකයන් ජනතාවට දෙන පොරොන්දු නීතිමය රාමුවකට නතු කර තිබෙනවා.
මේ මැතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාව බැලිය යුතුව ඇත්තේ, මෙය කුලයක් සඳහා නායකයකු තෝරනවා නොව, මේ ආගමක් සඳහා නායකයෙකු තෝරනවා නොව, මෙය ජාතියක් හෝ වෙනත් වර්ගයක් සඳහා නායකයෙක් තෝරනවා නොව, මේ මැතිවරණය ශ්‍රී ලාංකික මහජනතාවට ආසියාවේත්, ලෝකයේත් බලවත් ජාතියක් හැටියට හිස එසවීමට නම් රාජ්‍ය නායකයෙකු තෝරා ගැනීමයි මේ මැතිවරණයෙන් සිදු වන්නේ. රාජ්‍ය නායකයකු සඳහා අප තෝරාගත යුත්තේ සෑම අංශයකින්ම අංගසම්පූර්ණ වූ පුද්ගලයකු මිස අසම්පූර්ණ පුද්ගලයන් නොවෙයි. එසේනම් රනිල් වික්‍රමසිංහ නමැති මේ යුගයේ පහළ වූ ජාතික නායකත්වය, වසර 42ක් පාර්ලිමේන්තුවේ පළපුරුද්දත්, බංකොලොත් වූ රටක් වසර දෙකක් තුළ නැවත ගොඩගැනීමත්, දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් කාගෙවත් උපදේශයක් නැතිව කාගෙවත් අවවාද අනුශාසනා නැතිව තනිවම ලෝකයේ රටක් මුහුණ දිය හැකි ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් මුහුණදීලා ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කළ හැකි එකම අපේක්ෂකයා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතියි.
රනිල් හා සැසඳිය හැකි කිසිම අපේක්ෂකයෙක් මේ මොහොත වන විට ඉදිරිපත් වී නැති බව ජනතාව මතක තබා ගත යුතුයි. ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනා අතරින් බැලුවාම රනිල් වික්‍රමසිංහ මහතාට සමකළ හැකි කිසිම කාරණයක් අනිත් අපේක්ෂකයන් සතුව නැහැ. එහෙමනම් මේ වන තෙක් පැවැති ජනාධිපති මැතිවරණ දිහා බැලුවාම ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් ගණනක් වන 39 දෙනෙක් මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. එයින් සමහර අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටින්නේම වෙනත් අයගේ ආරක්ෂාවටයි. ඒ කියන්නේ අවශ්‍ය පහසුකම් මැතිවරණ අණ පනත් හරහා නොලැබෙන නිසා ඒ සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් යම් ප්‍රමාණයක් ඉන්නවා.
නෙත්මි පූජනී රත්නායක, මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ