Home Politics News Room : රනිල් හා සැස­ඳිය හැකි කිසිම අපේ­ක්ෂ­ක­යෙක් ජන­පති සට­නට ඉදි­රි­පත්...

News Room : රනිල් හා සැස­ඳිය හැකි කිසිම අපේ­ක්ෂ­ක­යෙක් ජන­පති සට­නට ඉදි­රි­පත් වී නෑ

1
0

ජන­තාව ඡන්ද­පො­ළට යා යුත්තේ ක්‍රෝධය, වෛරය වැපි­රී­මට නොව රට ගොඩ­ගත් රනිල් වික්‍ර­ම­සිංහ ජාතික නාය­ක­යාට කෘත­වේ­දී­ත්වය දැක්වී­මට පම­ණක් බව එජාප සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජනා­ධි­පති මැති­ව­රණ මෙහෙ­යුම් ප්‍රධාන කාර්යා­ලයේ පැවැති විශේෂ මාධ්‍ය සාක­ච්ඡා­වට පෙරේදා (22) එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් එජාප සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන මහතා මෙසේද පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­ර­ණය දැන් ආරම්භ වී තිබෙ­නවා. ඇතැම් අය මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය නිය­මිත වේලා­වට පව­ත්වන්නේ නෑ කියා සටන් පාඨ සමාජ ගත කළා. තවත් අය කිව්වා මේ මැති­ව­ර­ණය කල් දානවා කියලා. දුර්වල දේශ­පා­ලන කණ්ඩා­යම් විවිධ බොරු පණි­විඩ සමා­ජ­ගත කර­මින් ඉදි­රි­යට යනවා. ඒ දුර්වල දේශ­පා­ලන කණ්ඩා­යම් දැන් එදා­ටත් වඩා දුර්වල තැන­කට ගමන් කර­මින් සිටි­නවා. ශ්‍රී ලංකාවේ පාර­ම්ප­රික දේශ­පා­ල­න­යෙන් නිද­හ­සින් පසු කළ හැකි උප­රිම වැඩ කොටස කර අව­සන් කර­ලයි තිබෙන්නේ. දැන් ලංකාවේ දේශ­පා­ල­නය නව මාව­ත­කට යොමුවී තිබෙ­නවා. ඒ මාවත නැවත වෙනස් කරන්න ඉඩ තබන්න හොඳ නැහැ. යම් විදි­හ­කින් එසේ කළොත් ලංකාව බර­ප­තළ ඛේද­වා­ච­ක­යට මුහුණ දෙනවා. පොරොන්දු දේශ­පා­ල­නය සහ ප්‍රති­පත්ති දේශ­පා­ල­නය අතර විශාල වෙන­සක් තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් විදි­හට ගත්තොත් අපේ රට පොරොන්දු දේශ­පා­ල­න­යෙන් වසර 75ක් ඉදි­රි­යට ගමන් කර තිබෙ­නවා. දේශ­පා­ල­ක­යන් තමන්ට තන­තු­රක් ලබා ගැනී­මට ජන­තා­වට උප­රිම පොරොන්දු දෙමින් ඒ තුළින් සමා­ජය බර­ප­තළ ඛේද­වා­ච­ක­යට පත් කර තිබෙ­නවා. එහි අව­සාන ප්‍රති­ඵ­ලය තමයි රට බංකො­ලොත් තැනට ගමන් කිරීම. එසේ බර­ප­තළ තැන­කට ගමන් කර රට දැන් නැවත රටේ පුර­වැ­සි­යන්ට ශක්ති­මත්ව සිටිය හැකි තැන­කට මේ රට ගෙනැ­විත් තිබෙ­නවා. ලෝකයේ ඇතැම් බංකො­ලොත් වුණු රට­වල් අවු­රුදු 10කට­වත් ගොඩ­ගත නොහැකි තත්ත්ව­යක තිබි­යදී වර්ත­මාන අපේ රටේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ගොඩ­ගෙන තිබෙ­නවා. මෙවැනි තත්ත්ව­යක් උඩ රටේ දේශ­පා­ලන නාය­ක­යන් ජන­තා­වට දෙන පොරොන්දු නීති­මය රාමු­ව­කට නතු කර තිබෙ­නවා.

මේ මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලාංකික ජන­තාව බැලිය යුතුව ඇත්තේ, මෙය කුල­යක් සඳහා නාය­ක­යකු තෝර­නවා නොව, මේ ආග­මක් සඳහා නාය­ක­යෙකු තෝර­නවා නොව, මෙය ජාති­යක් හෝ වෙනත් වර්ග­යක් සඳහා නාය­ක­යෙක් තෝර­නවා නොව, මේ මැති­ව­ර­ණය ශ්‍රී ලාංකික මහ­ජ­න­තා­වට ආසි­යා­වේත්, ලෝක­යේත් බල­වත් ජාති­යක් හැටි­යට හිස එස­වී­මට නම් රාජ්‍ය නාය­ක­යෙකු තෝරා ගැනී­මයි මේ මැති­ව­ර­ණ­යෙන් සිදු වන්නේ. රාජ්‍ය නාය­ක­යකු සඳහා අප තෝරා­ගත යුත්තේ සෑම අංශ­ය­කින්ම අංග­ස­ම්පූර්ණ වූ පුද්ග­ල­යකු මිස අස­ම්පූර්ණ පුද්ග­ල­යන් නොවෙයි. එසේ­නම් රනිල් වික්‍ර­ම­සිංහ නමැති මේ යුගයේ පහළ වූ ජාතික නාය­ක­ත්වය, වසර 42ක් පාර්ලි­මේ­න්තුවේ පළ­පු­රු­ද්දත්, බංකො­ලොත් වූ රටක් වසර දෙකක් තුළ නැවත ගොඩ­ගැ­නී­මත්, දේශීය වශ­යෙන් ජාත්‍ය­න්තර වශ­යෙන් කාගෙ­වත් උප­දේ­ශ­යක් නැතිව කාගෙ­වත් අව­වාද අනු­ශා­සනා නැතිව තනි­වම ලෝකයේ රටක් මුහුණ දිය හැකි ඕනෑම කාර­ණා­වක් සම්බ­න්ධ­යෙන් මුහු­ණ­දීලා ශ්‍රී ලාංකික ජන­තාව ආරක්ෂා කළ හැකි එකම අපේ­ක්ෂ­කයා වර්ත­මාන ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­තියි.

රනිල් හා සැස­ඳිය හැකි කිසිම අපේ­ක්ෂ­ක­යෙක් මේ මොහොත වන විට ඉදි­රි­පත් වී නැති බව ජන­තාව මතක තබා ගත යුතුයි. ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙනා අත­රින් බැලු­වාම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සම­කළ හැකි කිසිම කාර­ණ­යක් අනිත් අපේ­ක්ෂ­ක­යන් සතුව නැහැ. එහෙ­ම­නම් මේ වන තෙක් පැවැති ජනා­ධි­පති මැති­ව­රණ දිහා බැලු­වාම ඉති­හා­සයේ වැඩිම අපේ­ක්ෂ­ක­යන් ගණ­නක් වන 39 දෙනෙක් මේ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටි­නවා. එයින් සම­හර අපේ­ක්ෂ­ක­යන් ඉදි­රි­පත් වී සිටි­න්නේම වෙනත් අයගේ ආර­ක්ෂා­ව­ටයි. ඒ කියන්නේ අවශ්‍ය පහ­සු­කම් මැති­ව­රණ අණ පනත් හරහා නොලැ­බෙන නිසා ඒ සඳහා ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් යම් ප්‍රමා­ණ­යක් ඉන්නවා.

නෙත්මි පූජනී රත්නා­යක, මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here