28
විපක්ෂයේ පිරිසට සහ ජවිපෙට රට ගොඩනැඟීමට වැඩපිළිවෙළක් නැති බවත් ඇත්තේ බලයට කෑදරකමක් පමණක් බවත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ කැස්බෑව ආසනයේ පොදු ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙසේද පැවසීය.
මේ රටේ ආර්ථිකය වැටිලා ජනතාව පීඩාවට පත්වෙලා හිටපු අවස්ථාවේ වගකීම් ගන්නේ නැතිව පැනලා ගිය අනුර කුමාර, සජිත් ප්‍රේමදාස අද රට හදන හැටි කියලා දෙනවා. මිනිරන්වලින් ග්‍රැෆයිට් හදනවා කියනවා, පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවෙන් මුළු ආසියාවටම සීනි දෙන්න පුළුවන් කියනවා. ත්‍රිකුණාමලය සංවර්ධනය කර රටේ ණය ගෙවනවා කියනවා. රටේ ණය ට්‍රිලියන 27ක් වෙනවා. අනුර කුමාරට අංක ගණිතය තේරෙන්නේ නැහැ. ආර්ථිකය හදන්නේ කොහොමද කියලා ඇහුවම පිටරට මිනිස්සුන්ට ඩොලර් 500ක් එවන්න කියනවලු. ඒ මිනිස්සු මාසෙට පඩිය ගන්නේ ඩොලර් 300 -350යි. මේ වගේ මිනිස්සු අන්දන අයට ජනතාව අවස්ථාව දෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක ඇතුළු විපක්ෂයේ අයට රට ගොඩනැඟීමට වැඩපිළිවෙළක් නෑ. බලයට කෑදරකමක් පමණයි තිබෙන්නේ යැයි පැවසීය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා-
මේ අවස්ථාවේ එකමුතුකම රැකගෙන ඉදිරියට යා හැකියි. ඒ සඳහා සුදුසුම නායත්වය අප සමඟ සිටිනවා. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රට කඩා වැටිලා තිබෙන වෙලාවෙ රට භාර ගත්තා. පවතින රජය බැහැ කියනකොට වගකීම තියෙන්නේ විපක්ෂයටයි. නමුත් ඒ කවුරුත් භාර ගත්තේ නැහැ. දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න කාලේ රනිල් වික්‍රමසිංහ මහතා දැක්කා මේ ආර්ථික කඩා වැටීම. පස්සෙ අපි කිව්වා ඔබතුමා පාර්ලිමේන්තුවට ගිහින් මේවා කියන්න කියලා. එතුමා භය නැතිව වගකීම භාර ගත්තා. IMF එකත් එක්ක ගිවිසුම් ගැහුවා. වෙනස්කම් කළා.
ඒ වෙලාවෙ ජනතාවට අමාරු වුණා. ජනතාවට පීඩනයක් ආවා. නමුත් ජනාධිපති දුප්පත් ජනතාව අමතක කළේ නැහැ. අද රට ස්ථාවර වෙලා තිබෙනවා. නමුත් ජනතාවට ආර්ථික වශයෙන් අමාරුයි. අපේ ඊළඟ වැඩසටහන ජනතාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනයෑමයි. ඉදිරියේදී රැකියා වැඩි කරනවා. කෘෂිකර්මය දියුණු කරනවා. සංචාරක කර්මාන්තය දියුණු කරනවා.
මේ රටට හොඳ කාලයක් එනවා. එය දකින්න වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාර්ගයේම තවත් අවුරුදු 5ක් යන්න ඕනෑ. රට බබළනවා දකින්න කැමති නිසා තමා මේ ඔක්කොම එකතු වෙලා තියෙන්නේ යැයි ප්‍රකාශ කළේය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමට එක්වූ බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියශාන්ත, පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් පෙරේරා, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්වරු උත්සව සභාව ඇමතූහ. කැස්බෑව එජාපයේ ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රිය මහතා සංවිධාන කළ මේ වැඩසටහනට මහින්ද කහදගම, හිටපු සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් සහහාගි වී සිටියහ.
නෙත්මි පූජනී රත්නායක