Home Politics News Room : කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නට දුප්පත්කම නැති කරන්න...

News Room : කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නට දුප්පත්කම නැති කරන්න බෑ කියා මම සජිත්ට කීවා

1
0

“බදුල්ලේ පැවති තරුණයින් 1500ක් විතර සහභාගි වූ සමගි ජන බලවේගයේ විහිදුම් බලඝනය රැස්වීමකදී අපි අතීතය ගැන කතා කරන එක නවත්වලා මේ තරුණයින් එක්ක අනාගත දිසාවට හැරෙමු කියලා මම සජිත් ප්‍රේමදාසට කිව්වා. දැන් ඔබතුමා පියාණෝ ගැන කතා කරන එක නවත්වමු කිව්වා. දුප්පත් මිනිස්සුන්ට කුකුළු කූඩු වගේ ගෙවල් හදලා දුන්නා කියලා දුප්පත්කම නැති කරන්න බැහැ. ජාතියක් ගොඩ නගන්න බැහැ කියා කිවුවාÓ යැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා තංගල්ලේදී පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළ් තංගල්ල බස්‍ නැවතුම්පොළ අසල පැරණි පොළ භූමියේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.

“හිටපු පාලකයින් රට බංකොලොත් කරන්න පුළුවන් තරම් ණය අරන් ප්‍රතිලාභ නැති ව්‍යාපෘති කළා. හම්බන්තොට වරායක්, ගුවන් තොටුපොළක්, සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. මේවායින් රටට ප්‍රතිලාභ නැහැ. අපි ලෝකයට ණය වුණා. ණය ගෙවාගන්න බැරි බංකොලොත් රටක් බවට අපේ රට පත්වෙලා.

ජනතාවගේ තත්ත්වය ඊට වඩා දුක්ඛිතයි. අන්ත අසරණයි. රුපියල් දෙදාහේ ලයිට් බිල ගෙවාගන්න බැහැ. කන්න සල්ලි නැහැ. ඇඳුමක් පැලඳුමක් ගන්න විදියක් නැහැ. දරුවාගේ පාසල් වෑන් එකට ගෙවාගන්න බැහැ. පෙට්‍රල් ලීටරයක් ගහගන්න බැහැ. ගෑස් සිලින්ඩරයක් ගන්න බැහැ.

පොඩිකාලේ පොල් පිත්තකින් කපලා ගොන්නු අරගෙන යනවානේ. ඒ ජාතියේ හරකෙක් ගෙනැල්ලා නාමයෝජනා දුන්නත් තමුන්නාන්සේලා කතිරේ ගහනවා. ඒ නිසා තමයි අද රට මේ තත්ත්වයට වැටිලා තිබෙන්නේ. තමුන්නාන්සේලා මේ දේශපාලන සංස්කෘතියේ කොටස්කාරයෝ වෙලා තියෙනවා. මේ රට දියුණු කරන්න දේශපාලනඥයන්ට බුද්ධිය නැහැ. දැක්මක් නැහැ. ආශාවක්, අධිෂ්ඨානයක් නැහැ. රටට, ජනතාවට ආදරේ නැහැ. ඒකයි තමුන්නාන්සේලා හැමදාම ඔහොම ඉන්නේ.

මේ රටේ පසුගිය කාලයේ අරගලයක් තිබුණා. පාර්ලිමේන්තුවේ මා ඇතුළු 225ටම හෙණ ගහපන් කිව්වා. මම අරගලයට උදව් කළා. පාර්ලිමේන්තුවේ ඒ ගැන හඬ නැගුවා. අරගලය කියන්නේ ගාලු මුවදොර කූඩාරම් නෙවෙයි. මේ රටේ සියලු ජනතාවගේ හදවතේ ඒ වෙලාවෙ ඇතිවූ සංකල්පයක්. ඔබතුමා අරගලයට ආශීර්වාද කරනවා නම් පක්ෂවල ඉඳගෙන කරන්න එපා කියලා. අරගලයේ නායකයින් මගෙන් ඉල්ලීමක් කළා. මම අද දෙවෙනියා වෙලා හිටපු පක්ෂයෙන් එළියට ඇවිත් ඉන්නවා. දැන් මම ස්වාධීනයි. මම අරගලයේ තරුණයින්ගෙන් ඉල්ලා සිටිනවා දැන් ඇවිල්ලා මාත් එක්ක අත්වැල් බැඳගන්න කියලා.”

තංගල්ල – බන්දුල පද්මසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here