2
“රාජ්‍යයක් පාලනය කළ හැකි අපේක්ෂකයා හැටියට අද කැපී පෙනෙන යෝධයෙක් වගේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. දුවන් නැතුව එක තැන නතර වුණ රටක් ඉතා කෙටි කලකින් නැවත දුවන තත්ත්වයට පත් කළේ එතුමයි.”
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එලෙස ප්‍රකාශ කර සිටියේ අංගොඩ කැලණිමුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉඳුනිල් ජගත් කුමාර (පො.ජ.පෙ.) මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කොට තිබුණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, “එදා රට අරාජික වෙච්ච වෙලාවේ භාර ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ .එදා එල්.සී.එකක් යැව්වාම හැම රටකින්ම කිව්වේ බංකොලොත් රටක් නිසා පිළිගන්න බැහැ කියලා. ඒක නැති කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රට නැවත දුවන රටක් බවට පත් කරලා ආර්ථිකය නිවැරදි මාවතට ගත්ත නිසයි.”
රට ගොඩ ගන්න උත්සාහ ගත්තු හැම වෙලාවකම ඔය විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තුවෙදී ඡන්දයවත් ලබාදුන්නේ නැහැ. අද එහෙම අය ද රටේ පාලන බලය ඉල්ලන්නේ. ඡන්දයක් කරන්නත් රටක් තියෙන්න ඕනැ. කඩා වැටුණ රට යථා තත්වයට ගත්තට පස්සෙ අද අයිති කර ගන්න බලලෝභී නායකයො පොර කනවා. ලැජ්ජාවක් තියෙනව නම් ඡන්දෙට එයිද.
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මොන තරම් ආර්ථික අමාරුකම් තිබුණත් රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට නොකඩවා පඩි ගෙව්වා. ලෝකයේ මිත්‍ර රටවල් සියල්ල දැන් අප සමඟ සහයෝගයෙන් වැඩ කරනවා. අපට ලෝක බැංකුව , මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව , පමණක් නෙවෙයි හැම රටක්ම ලංකාව සමඟ ගනුදෙනු කරනවා. ආධාර, ව්‍යපෘතිවලට ජපානය ,මහජන චීනය ඇතුළු රටවල් දැන් ආධාර උපකාර කරනවා. ඇන හිටලා තිබුණ පාලම් 1000 වැඩ දැන් නැවත ආරම්භ කරල තියෙනවා.”
මෙම රැස්වීම අමතා කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති ගුත්තිල සිල්වා (එ.ජා.ප.), පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉඳුනිල් ජගත් කුමාර, හිටපු පළාත් සභා මන්ත්‍රීනි අසෝකා ලංකාතිලක ඇතුළු පිරිසක් ද කතා කළහ.
මුල්ලේරියාව සිරිසේන ගමගේ
කොළොන්නාව ඒ.සුමනසේන