9
ලබන මස විසි එක්වැනිදා මේ රටේ ජනතාව අද ඉල්ලා සිටින්නේ වැටිච්ච රට ගොඩගත හැකි නායකයෙක් මිස ආගමකට නායකයකු නොවේ, කුලයකට නායකයකු නොවේ, එහෙමත් නැතිනම් වෙනත් සංස්කෘතියකට නායකයකු නොවේ, ජනතාව අද සොයන්නේ මේ රටට ජාතියට නායකයකුයි. ඒ නායකයා වෙන කවුරුවත් නොව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ ගාල්ල, සමෝදා රැස්විම් ශලාවේ පැවති එක්සත් ජාතික පක්ෂ හා රමේෂ් පතිරණ මහතාගේ ඒකාබද්ධ ක්‍රියකාරීන්ගේ රැස්විමක් අමතමිනි.
මෙහිදී වැඩිදරටත් අදහස් දැක් වූ වජිර අබේවර්ධන මහතා” 1948 බණ්ඩාරනායක මහතාත් ඩී.ඇස්. සේනානායක මහතාත් එකට එකතු වෙලා සිටි දේශපාලන තත්ත්වයට සමාන තත්ත්වයකට අද අපි නැවතත් එකතු වෙලා ඉන්නවා. එදා අපි එකතු වෙලා අපේ රටට නිදහස ලබා ගත්තා. රට දියුණුව කරා ගෙන ගියා. ජයග්‍රහණ ලබාගත්තා.
අදත් අපි මෙසේ එකතු වෙලා වැටිච්ච මේ රට ගොඩනගාගත යුතුයි. ඒ සඳහා ඔබ හැමදෙනාම එකතු වෙලා මේ මස 21 දින ඡන්දපොළට ගොස් ගෑස් සිලින්ඩරය ඉදිරියේ තමාගේ කතිරය ගැසිය යුතුයැයි ද පැවසීය.
මෙවර ජනාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින තිස්නමදෙනා අතර සිටින මේ රට ගොඩනැඟිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා මිස වෙන කවුරුවත් නොවේ. ඒ බව ජනතාව තේරුම් ගත යුතුයි. රට ගොඩනැගීම සඳහා දැනුම තියන මේ නායකයාට වෙනත් කිසිම උපදේශකවරුන් අවශ්‍ය නෑ. ඒ සියලු දේශීය ජාත්‍යන්තර දැනුම, සහාය එතුමාට තිෙයනවා.
දැන් අර පරණ දේශපාලන සංස්කෘතියෙන් රට ගොඩගන්න බැරි බව සියලු දෙනාම තීරණය කර තියනවා.
“ජනතා විමුත්ති පෙරමුණ කියනවා ඒගොල්ල බලයට ආවාම පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙනවා කියා. එය ඉතා භයානක ක්‍රියාවක් බව මතක තියා ගන්න. එහෙම වුණොත් මේ රට යළිත් විශාල අගාධයකයට යනවා. අපිට තනිවෙලා ඉන්න බැරි බව අවබෝධ කර ගත යුතුයි.
ඔය ජනතා විමුක්ති පෙරමුණ එදා කළ කී දේ මතක තිය ගන්න, රටේ තිබූ ජාතික සම්පත් කී දාහක් පුච්චල විනාශ කළා ද, රටක් වටින ජීවිත කීයක් විනාශ කළා ද, එහෙම රටට ජාතියට ජනතාවට වින කරපු මේ කණ්ඩායම් ගැන ජනතාව නියම තීරණයක් මේ මස 21 වැනිදාත් ජනතාව ගත යුතු යැයි ද ඒ මහතා පැවසීය.
ගාල්ල දිසා සමූහ
නන්දසිරි වැලිගමගේ