7
දැන් අපේ නායකයෝ කියනවා රනිල් මහතා එක්ක හිටගන්න එපා කියලා. ඒක වැරදියි. 2022 අවුරුද්දේ රට වැටුණම නායකයෝ ටික විදේශගත වුණා. සමහරු හැංගුණා. ඔබට මතක ඇති ඒ කාලේ හර්ෂද සිල්වා මහතා, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කළා. එළියට ඇවිල්ලා කිව්වේ මොකක්ද? මේක ගොඩ ගන්න බෑ කියලා. නමුත් දුක් විඳින ජනතාව වෙනුවෙන් රටේ බර කරට ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා විතරයි පුළුවන් කිව්වේ. එතුමා වැඩේ පටන් ගත්තා. රට ගොඩ දැම්මා. යැයි නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
අමාත්‍යවරයා එසේ පැවැසුවේ ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා මීගමුවේදී පැවැති රැස්වීමකදීය,
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය,
එතුමාගේ විශේෂත්වය තමයි ලෝකයේ රටවල්වලින් ආධාර අරගෙන රට ගොඩ දැම්මා. ආගම් භේද, ජාති භේද, නිල්, කොළ, රතු පාටවලින් භේද නිර්මාණය නොකර මුළුමහත් ජාතියටම සාමය උදා කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. මැතිවරණ 27 ක දී අපි එතුමාට විරුද්ධව කටයුතු කළා. නමුත් අද අපි එතුමා සමඟ හිට ගත්තේ රට වෙනුවෙන්. මම මේ අවස්ථාවේ ඔබට ආරාධනා කරනවා වෛරී දේශපාලනයෙන් තොරව රට ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්න කියලා.
ඩී. මිහිඳුකුල කොච්චිකඩේ