6
මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට අයත් කාරණයක් වුව කොමිසමට පමණක් තනිව මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැත. ඒ සඳහා සෙසු රාජ්‍ය සේවාවල පූර්ණ සහයෝගය ලබාගත යුතුය. මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නිල වශයෙන් රාජ්‍ය සේවයේ දෙලක්ෂ පනස්දහසක පමණ සේවය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙරට රාජ්‍ය සේවයේ වගවීම, කාර්යක්ෂමතාව හා විශ්වාසවන්තභාවය සනාථ කරන ප්‍රධාන අවස්ථාවක් ලෙස මැතිවරණ පෙන්වා දිය හැකිය. ඉන්දියාව – ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා වන ප්‍රධාන සිද්ධියක් ලෙස මැතිවරණය හෙවත් ජනතාවගේ කැමැත්ත විමසීම පවතින අතර සෑම මැතිවරණයක්ම පවත්වනු ලබන්නේ රාජ්‍ය සේවයේ සහභාගිත්වය සහිතවය. මෙහිලා රාජ්‍ය සේවකයන්ගේ වගවීම ප්‍රමුඛ කාර්යයන් දෙකක් යටතේ විග්‍රහ කළ හැකිය.
(i) මැතිවරණ සමය තුළ පොදු සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම.
(ii) නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවීමකින් ක්‍රියා කිරීම.
විදුලිය සැපයීම, ජලය සැපයීම, තැපැල් සේවාව, සෞඛ්‍ය සේවාව, ගමනාගමනය වැනි පොදු සේවා නිසි ලෙස පවත්වාගත නොහැකි වුව හොත් මැතිවරණයට එය අහිතකර ලෙස බලපායි. එලෙසම එය පවතින රජයට හා රජයේ ඡන්ද අපේක්ෂකයන්ට අවාසිසහගත වන්නටත් පුළුවන. මේ පසුබිම මත වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම, වැඩ තවත් ප්‍රමාද කිරීම නොකළ යුතුව තිබේ. මේ කාලය තුළ තවත් වැදගත්ම සේවාවක් වන්නේ පොලිසියේ කටයුතුය. පොලිස් දෙපාර්තමේන්තුව හා ත්‍රිවිධ හමුදාව සාමකාමී මැතිවරණයකට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු සේම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුව තිබේ. නීතිය බලගැන්වීම මේ අංශයට භාරවන තවත් වැදගත් කාරණයකි.
මැතිවරණ පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට අයත් කාරණයක් වුව කොමිසමට පමණක් තනිව මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැත. ඒ සඳහා සෙසු රාජ්‍ය සේවාවල පූර්ණ සහයෝගය ලබාගත යුතුය. මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නිල වශයෙන් රාජ්‍ය සේවයේ දෙලක්ෂ පනස්දහසක පමණ සේවය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ ඡන්ද පොළ පවත්වා ගැනීම, ඡන්ද ගණන් කිරීම, කෙටි කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීම යන කාරණා සඳහාය. මේ හැරෙන්නට ඡන්ද දායකයාට කාරුණික සේවයක් ලබාදීමේ වගකීමද මැතිවරණ නිලධාරියා වෙත පැවරෙයි.
ඡන්ද දායකයා අකුරු නොදැන සිටීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවේ. තමන් කැමැති පක්ෂයේ ලකුණ, පාට, අපේක්ෂකයාගේ නම දැනගැනීම පමණක් ප්‍රමාණවත්ය. ඡන්දය ලකුණු කළ නොමැති නම්, නිලධාරීන්ගේ සහාය ඊට ලබාගත හැකිය. රහස්‍යභාවය රැකීමට නිලධාරියා බැඳී සිටී. 1930 ගණන්වලදී ඡන්ද පොළවල්වල මෙය පැහැදිලි කරදෙන නිලධාරීන් සිටි බව සඳහන්ය. ඔබට ඇහුම්කන් දෙන හා කරුණාවෙන් සලකන නිලධාරි මණ්ඩලයක් සිටින බව තහවුරු කිරීමට රජය හැමවිටම කටයුතු කර තිබේ.
නිලධාරීන් තෘප්තිමත්ව තැබීම හා ඔවුනට අවශ්‍ය පහසුකම් සැපයීම ද මෙහිදී වැදගත් වෙයි. නවාතැන් පහසුකම්, ආහාරපාන, ගමනාගමන පහසුකම් සැපයීමට දිස්ත්‍රික් තේරීම්කාරක ප්‍රධාන නිලධාරියා කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ මහමැතිවරණයක් වුව ජනාධිපතිවරණයක් වුව එක දිනයකින් පවත්වා හමාර කළ හැකි පසුබිමක් තිබේ. ඉන්දියාවේ පැවැති මහමැතිවරණය පියවර හතකින් පැවැත්විණි. අපේ රටේ එබඳු තත්ත්වයක් නැත. මනාප ගණන් කිරීමට ඇතොත්, පමණක් ප්‍රතිඵල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වෙයි.
මෙහිදී ඡන්ද අපේක්ෂකයන් නිරවද්‍යතාව තහවුරු කරගන්නා තෙක් නැවත – නැවත මනාප ගණන් කිරීමට හෝ ඡන්ද ගණන් කිරීමට හෝ නිලධාරීන්ට සිදුවනු ඇත. නිලධාරීහු ඊට බැඳී සිටිති.
මැතිවරණ රාජකාරියෙහි යෙදී සිටින නිලධාරීන් ප්‍රධාන අභියෝග කිහිපයකට මුහුණදිය යුතුව තිබේ. ඒවායින් කිහිපයක් මෙසේය.
(i) ස්වාභාවික විපත්වලට මුහුණදීම
(ii) දේශපාලන බලපෑම්වලට මුහුණදීම
(iii) ආබාධිත ඡන්ද දායකයන්ට සහයෝගය දැක්වීම
(iv) ඡන්දපොළ මතුවන ආරවුල් විසඳාගැනීම
දැනට පවතින කාලගුණික තත්ත්වයට අනුව ගංවතුර, අධික වර්ෂාව හා අයහපත් කාලගුණය පැවැතිය හැකිය. එහෙත් ඒ මත මැතිවරණය නැවැත්විය නොහැකිය. ඡන්දය දීම හා ඡන්දය පැවැත්වීම මානුෂික අයිතියක් ලෙසද ඊට බාධා කිරීම හෝ උල්ලංඝනය කිරීම හෝ අපරාධයක් බවද සලකනු ලැබේ.
මැතිවරණ නිලධාරීන් මේ සියල්ල අතර මහජනයා සමඟ හොඳ හිත ද පවත්වා ගත යුතුය. මහජනයාගේ ගැටලුවලට විසැඳුම් ලබාදීම ද ඔවුන්ගේ වගකීමකි. රාජ්‍ය සේවය විවිධ අවස්ථාවලදී දැඩි ව්වේචනයට ලක්වන්නේ අකාර්යක්ෂමතාව හා වගකීම් විරහිතව ක්‍රියා කිරීම නිසාය. එහෙත් මැතිවරණයකදී ඔවුනට එබඳු හැසිරීමක යෙදීමට ඉඩක් නැත.
රන්ජන් අමරරත්න