Home Politics News Room : මාරවිල මුහුදේ නාන්න ගිය 18 හැවිරිදි තරුණයෙක් අතුරුදන්

News Room : මාරවිල මුහුදේ නාන්න ගිය 18 හැවිරිදි තරුණයෙක් අතුරුදන්

1
0

මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ වෙරළ තීරයේ දිය නෑමට ගිය වයස අවුරුදු 18 ක තරුණයකු අතුරුදන් වී ඇති බව මාරවිල පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ වැලිපැන්නගහමුල්ල, ඉලෙප්පුගමුව, කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ තරුන් සන්දීප දිසානායක නමැති තරුණයෙකි.

පෙරේදා (25) සවස 5.30ට පමණ අතුරුදන් වූ තරුණයා යහළුවන් පිරිසක් සමඟ දිය නෑමට පැමිණ තිබේ. ඔවුන් දිය නාමින් සිටියදී එකවරමින් පැමිණි රළ පහරකට හසුව ඔහු දියේ ගසාගෙන ගොස් ඇති අතර අනතුරුව යහළුවන් පිරිසගේ කෑගැසීමෙන් අසල සිටි අය පැමිණ ඔහු බේරා ගැනීමට අත්සාහ කළද ඒ වන විටත් ඈත දියඹට ගසා ගෙන ගොස්තිබීම හේතුවෙන් බේරා ගැනීමට නොහැකි වීඇත. තරුන් සන්දීප කුලියාපිටිය නගරයේ පෞද්ගලික ආයතනයක පාඨමාලාවක් හදාරා එම පාඨමාලා අවසන් දිනය වූ පෙරේදා (25) සවස යහළුවන් පිරිස සමඟ මාරවිල කුරුස පල්ලිය වෙරළ තීරයට දිය නෑමට පැමිණ තිබේ.

අනතුරුව නාවුක හමුදා කිමිදුම්කරුවන් පැමිණ අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් දියත් කළ ද මේ දිනවල පවතින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මාරවිල සමූහ – මිහිර විජේසේකර

පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පූර්ණමාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here