Home Politics News Room : රනිල් වික්‍රමසිංහ ලබන 21 දා ඓතිහාසික ජයක් ලබනවා

News Room : රනිල් වික්‍රමසිංහ ලබන 21 දා ඓතිහාසික ජයක් ලබනවා

1
0

“1948 වසරේදී අපි එකට ඉඳලා ශ්‍රී ලංකාවේ නිදහස ලබා ගත්තා. බණ්ඩාරනායක මහතා, ඩී.එස්. සේනානායක මහත්වරුන් ඔවුන් වෙන්වෙලත් 1952 වසරෙන් පස්සේ විවිධ දේවල් දිනාගෙන තියෙනවා. අපි දැන් ඒ වගේ එකට

එකතු වෙලා ඉන්නේ. එම නිසා මේ වෙලාවේ අපට පිටියත් මදි, ඡන්ද පෙට්ටිත් මදි. ඒ නිසා ලබන 21දා රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික ජයග්‍රහණයක් ලබනවා” යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එ.ජා.ප යේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීම සඳහා බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අනුර බටුවත්ත මහතා බද්දේගම නගර ශාලාවේ සංවිධානය කොට තිබූ රැස්වීමට පැමිණි වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවසුවේය.

“දැන් මේ හදන්නේ පක්ෂ දේශපාලනය කරන්න නෙමෙයි. රට ගැන හිතලා යන ගමනක්. රාජ්‍ය සේවකයා ගැන හිතලා කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප රපියල් 25000කින් වැඩි කරනවා කියා.

ලංකාවේ වර්ග හතරක් ඉන්නවා. අපි පඩි වැඩි කළේ වර්ග හතරටම. රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොවක් ඉන්නවා. මේ අය අන්ත අසරණ අය. දෙවැනි කණ්ඩායම තමයි පෞද්ගලික අංශයේ ලක්ෂ හැටපහක් ඉන්නවා. ඒ අයට අර්ථසාධකය තියෙනවා. හැබැයි ඒ අයට හැටෙන් පස්සේ ආර්ථිකය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය සේවකයන්ට හැටෙන් පස්සේ ආරක්ෂාව තියෙනවා. එයට පසු තුන්වැනි කණ්ඩායම ඉන්නවා. වාසනාවන්තම අය. මේසන් වැඩ, වඩුවැඩ, පොල් කඩන අය සහ ත්‍රීවීල් රියැදුරන්. ඒ ගොල්ලන් ආර්ථික තත්ත්වයේ හැටියට ඔවුන්ගේ පඩි වැඩි කරගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.

අපි මේ ආගමට දේශපාලනයක් නොවේ හදන්නේ. ආගමට නායකයෙක් ඉන්නවා. ඒ තමයි බුදු හාමුදුරුවෝ. කුලයට නායකයෙක් නෙමේ මේ හොයන්නේ, සංස්කෘතියට නායකයෙක් නෙමේ මේ හොයන්නේ ජාතියට නායකයෙක්. දැන් බලන්න මේ අපේක්ෂකයන් 39දෙනා අතරින් රනිල් මහතා සමඟ ගළපන්නවත් පුළුවන් කෙනෙක් ඉන්නව ද. අපේ රට එපැයි කිව්වොත් ලෝකයේ

වැටිච්ච රටවල්වලින් ඇවිත් කියාවි ඒ අයගේ රට ගොඩදාලා දෙන්න කියා.

මේ අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය නිශාන්න මුතුහෙට්ටිගම, හිටපු පළාත් සභා මන්ත්‍රි සිසිර කුමාර, යක්කලමුල්ල ප්‍රාදේශීය සභා හිටපු සභාපති යූ.ජී.ඩී. පියදාස, බද්දේගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රිවරු කිහිපදෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

බද්දේගම මධ්‍යම විශේෂ

ජස්ටින් පතිරගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here