Home Politics News Room : අපේ පළමු මන්ත්‍රීවරිය මොලමුරේ කුමාරිහාමි

News Room : අපේ පළමු මන්ත්‍රීවරිය මොලමුරේ කුමාරිහාමි

0
0

මොලමුරේ කුමාරිහාමි කෑගල්ල රුවන්වැල්ල ආසනයෙන් මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක් සමඟය.

ඇය සමඟ තරග කළ ඇතැම් අපේක්ෂකයන්ගේ ඇප අහිමි

වෙද්දී රුවන්වැල්ලේ ජනතාව මහත් ප්‍රීති – ඝෝෂා මැද

මොලමුරේ මැතිනිය පිළිගත්හ.

ශ්‍රී ලංකාව යනු කාන්තා නිදහස හා සමානාත්මතාව නිතැතින් ම හිමිකරගත් රාජ්‍යයකි. ආගමික නිදහස, පෞද්ගලික නිදහස අතීතයේ සිටම කාන්තාවට තිබිණි. ඒ හැරෙන්නට රාජ්‍ය නායකත්වය හිමිකර ගත් අවස්ථා ද ඉතිහාසයේ සටහන් වී ඇත. මෑත ඉතිහාසය නිරීක්ෂණය කළහොත් ලොව ප්‍රථම අගමැතිනිය බිහි වූයේ ශ්‍රී ලංකාවෙන්ය. ලොව ප්‍රථම ජනාධිපතිනිය බිහි වූයේ ද ශ්‍රී ලංකාවෙන්ය. 1930 ගණන්වල සිට අපේ කාන්තාවට ඡන්ද අයිතිය ලැබුණු අතර මන්ත්‍රණ සභාවට තේරී පත්වීමේ අවස්ථාව ද උදා විය. ප්‍රථම මහජන මන්ත්‍රීවරිය ලෙස සැලකෙන්නේ මොලමුරේ කුමාරිහාමිය.

ඇය කෑගල්ල රුවන්වැල්ල ආසනයෙන් මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක් සමඟය. ඇය සමඟ තරග කළ ඇතැම් අපේක්ෂකයන්ගේ ඇප අහිමි වෙද්දී රුවන්වැල්ලේ ජනතාව මහත් ප්‍රීති – ඝෝෂා මැද මොලමුරේ මැතිනිය පිළිගත්හ.

1931 නොවැම්බර් 10 දා මැතිවරණය පැවති අතර ප්‍රතිඵලය පහත සඳහන් පරිදි වේ.

ඒ. ඇස්. මොලමුරේ කුමාරිහාමි 13866

ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන මහතා 4168

ඊ. ඒ. වී. ද සිල්වා මහතා 1950

ඇලන් සේනානායක මහතා 718

ඇලන් මහතාගේ හා සිල්වා මහතාගේ ඇප අහිමි විය. පිරිමි පාර්ශ්වය පරාජයට පත්කරමින් රුවන්වැල්ලේ නායකත්වය මොලමුරේ මැතිනියට ලබා දීමට ජනතාව තීන්දු කිරීම මඟින් පෙන්නුම් කරන්නේ ප්‍රභූ පන්තියේ ඇතැම් කාන්තාවන් කෙරෙහි ජනතාවගේ පැවති ගෞරවය හා විශ්වාසය යැයි කිව හැකිය.

එදා මොලමුරේ කුමාරිහාමිගේ ජයග්‍රහණය අගයමින් පුවත්පතේ කාව්‍ය රචනා පළ විය. ඒවා තැන තැන ගායනා කරනු අසන්නට ලැබිණි.

දූ පුතුන් සැමට සම ප්‍රේම යෙනි

නෑ රදුන් ඉසිරු හැම ආහාර යෙනි

ලෝ රදුන් පුදන පැසසුම් ගීත යෙනි

මා මුදුන් මිණෙවු සිරිලක් මෑණි යෙනි

සුපසන් රජ සෙබෙහි අසුනක් කෙරේ දැරූ

සටනින් විජය සිරි ලැබ සිත සුරේ සරූ

යසසින් යසස් හර ලකඟන උරේ සැරූ

සැරදෙන් බැතිනි ඒ.ඇෆ්. මොළ මුරේ ගරූ

– ඉංගිරියේ ධර්මසිරි හරිශ්චන්ද්‍ර

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් ආණ්ඩුව මීට දින ගණනාවකට පෙර අලුත් නීතියක් ගෙන ආවේය. නීතියක් පැනවූයේ යැයි කීම වඩා නිවැරැදිය. එම නීතියට අනුව ඇෆ්ගන් කාන්තාවට ප්‍රසිද්ධ ස්ථානවල සිට ශබ්ද නඟා කතා කිරීම තහනම් ය. ගීත ගායනා කිරීම ද තහනම් ය. නීති උල්ලංඝනය කරන අයට දැඩි දඬුවම් පමුණුවනු ලැබේ. කාන්තා විමුක්තිය උදෙසා සටන් වදින ජගත් සංවිධාන කොතරම් විරෝධතා දැක්වුවද ඇෆ්ගන් ආණ්ඩුව ඉහත නීති වෙනස් කරන්නේ නැත. ඇතැම් ඉස්ලාම් රටවල් කාන්තාවගේ අධ්‍යාපනික අයිතිය ද කපා දමා ඇත.

සමාජ – ආර්ථික – දේශපාලනික වෙනසකින් තොරව අපේ ස්ත්‍රියට නිදහස ලැබී තිබේ. එය තහවුරු වී ඇත්තේ නීතියෙන් ය. වාර්ගිකත්වය හා ආගම පදනම් කරගෙන ඇතැම් නීති සංශෝධනය වී ඇති බව කිව හැකි’මුත් එය අපේ කාන්තාවට විශාල බලපෑමක් සිදු කර නැත. බලපෑම ඇත්තේ සමාජ ආකල්ප තුළය. තවම සාම්ප්‍රදායික – වැඩවසම් සමාජ චාරිත්‍ර පිළිගනු ලබන පිරිස් සිටිති. අපේ ජාතික දේශපාලනය කාන්තාවන්ගෙන් හීන වී ඇත්තේ ඒ නිසාය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ට අඩුය. පළාත් සභා, පළාත් පාලන ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඊටත් වඩා අඩුය. මීට බලපාන හේතු කිහිපයක් සැකෙවින් දැක්විය හැකිය.

(I) කාන්තාවට දේශපාලනය සුදුසු නැතැ’යි සැලකීම

(II) කාන්තාවට පවුලේ වගකීම භාරගැනීමට හා සමාජ සේවාව වෙනුවෙන් කාලයක් නැතිවීම

(III) දේශපාලන පසුබිම ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබීම

(IV) කාන්තාවන්ට දේශපාලන සහයෝගය උපරිමයෙන් නොලැබීම

(V) දේශපාලන සමාජ බර දැරීමට කාන්තාව ශක්තිමත් නැතැ’යි උපකල්පනය කිරීම

ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වී සාර්ථකත්වයක් ලැබූ කාන්තාවන් කුමන හෝ ආකාරයකින් දේශපාලන පවුලකට සම්බන්ධ බව පෙනී යන ප්‍රධාන තර්කයකි. සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා මැතිනිය මෙන් ම මොලමුරේ මැතිනිය ද ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය.

ලෝකයේ ස්ත්‍රීවාදය ආරම්භ වන්නේ එංගලන්තය, ප්‍රංශය ආදී ධනවත් රටවලින්ය. එම රටවල කාන්තාව අතීතයේ සිටම නිදහස භුක්ති වින්දාහ. එහෙත් සමාජ ආකල්ප සකස් කිරීම සඳහා කාන්තාවෝ එලෙස පෙරමුණට ආහ. ශ්‍රී ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය නියෝජනය කරමින් ඉංග්‍රීසි පාලන සමයෙහි මෙරටට පැමිණි ලෙනාඩ් වුල්ෆ් මහතාගේ බිරිය වූ වර්ජිනියා වුල්ෆ් මැතිනිය එංගලන්තයේ ස්ත්‍රී සංගමයක් නියෝජනය කළාය. ඇගේ තර්කය වූයේ පරිපාලනයට පුරුෂයාට වඩා ස්ත්‍රිය සුදුසු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here