Home Politics News Room : ජනාධිපති අපේක්ෂකයකු මියගියහොත් ආදේශකයකු පත්කරන්නේ මෙහෙමයි

News Room : ජනාධිපති අපේක්ෂකයකු මියගියහොත් ආදේශකයකු පත්කරන්නේ මෙහෙමයි

0
0

1994 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ගාමිණී දිසානායක මහතා සාහසික බෝම්බ

ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වූ අතර, ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා විසින් ගාමිණී දිසානායක මහතාගේ බිරිය වන වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මිය ආදේශක අපේක්ෂකයා ලෙස නම් කරන ලදී

මැතිවරණයකදී අපේක්ෂකයකු මියගිය හොත් ඔහුගේ අනුප්‍රාප්තිකයා පත්කරනු ලබන ක්‍රමයක් තිබේ. එය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වනවාද එසේ නොමැති නම් මැතිවරණ ක්‍රමය තුළ එම නීති ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුය. 1982 දී ආරම්භ කෙරුණු ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළ මෙන්ම මෑත කාලීන සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළද අවස්ථා කිහිපයකදී මැතිවරණ ව්‍යාපාරය අතරතුර අපේක්ෂකයා මියගිය හොත් සිදුවන්නේ කුමක්ද? එහි නීතිමය තත්ත්වය කුමක්ද? එවැනි තත්ත්වයක් තුළ සිදුවන්නේ කුමක්ද? යන්න සලකා බැලිය යුතුය.

සාමාන්‍ය ලෙස සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළ පාර්ලිමේන්තු හෝ මහ මැතිවරණ අපේක්ෂකයකු මියගිය හොත් ඔහුගේ හෝ ඇයගේ අනුප්‍රාප්තිකයා ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුය. එවැනි තත්ත්වයකදී සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සලකා බැලිය යුතුය. ලලිත් ඇතුළත්මුදලි මහතා මියයන්නේ 1993 පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය අතරතුරේදීය. ඒ කිරුළපන මැතිවරණ රැලියක් අතරතුරය. ඔහු මියගිය ද ඔහුගේ නම මැතිවරණ පත්‍රිකාවෙන් ඉවත් නොවූ අතර, ලලිත් ඇතුළත්මුදලි මහාතගේ නම ඉදිරියෙන් මනාප ඡන්ද ලක්ෂ ගණනක් සලකුණු වී තිබුණි. එහෙත් ලලිත් ඇතුළත්මුදලි මහතාගෙන් වූ පුරප්පාඩුව සඳහා පත් වූයේ ලැයිස්තුවේ ඊළඟට සිටි අපේක්ෂකයාය. මහ මැතිවරණයකදී වුවද ඒ තත්ත්වය සහ අනුප්‍රාප්තිකයා පත් කරනු ලබන මූලධර්මය වෙනස් වන්නේ නැත.

එහෙත් ජනාධිපතිවරණයකදී මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට හේතුව වූ මූලික කරුණ බවට පත් වූයේ අන් කිසිවක් නොව, මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස නාමයෝජනා භාර දුන් ස්වාධීන අපේක්ෂකයකු වූ ඉද්ද්‍රිස් ඉල්ලියාස් මහමුද් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ මරණයත් සමඟ අපේක්ෂකයකු මරණයට පත් වුවහොත් එම ජනාධිපති අපේක්ෂකයාට අනුප්‍රාප්තික අපේක්ෂකයකු පත් කළ හැකිද යන්න පිළිබඳව සමාජ අවධානය යොමුව තිබේ. එසේ අපේක්ෂකයකු මියගියහොත් එසේ අනුප්‍රාප්තික අපේක්ෂකයා පත් කර ගන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතුය. අපේක්ෂකයා මියගිය හොත් එම මියගිය අපේක්ෂකයාගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කරනවාද යන්න ගැන ගැටලුසහගත තත්ත්වයක් මතුව තිබේ. ඒ පිළිබඳව විමසා බලන විට ප්‍රායෝගික තත්ත්වය වන්නේ එක්කෝටි හැට ලක්ෂයක ඡන්ද පත්‍රිකා අතරින් එම නම ඉවත් කිරීම ප්‍රායෝගික නොවන දෙයක් බවය.

එහෙත් මෙවැනි තත්ත්වයකදී මියගිය අපේක්ෂකයා වෙනුවට ඔහු නියෝජනය කරනු ලබන පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන අපේක්ෂකයාව නම් කරන ලද පුද්ගලයාට තවත් ආදේශක අපේක්ෂකයකු නම් කිරීමට පුළුවන. අවශ්‍ය නම් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කර මියගිය ඉල්ලියාස් මහතාව නම් කළ ඡන්ද දායක පුරවැසියාට තවත් ආදේශක පුද්ගලයකු නාමයෝජනා සඳහා මැතිවරණය සඳහා ඉදිරිපත් කළ හැකිය. මියගිය ඉල්ලියාස් මහතා ස්වාධීන අපේක්ෂකයකු නිසා ස්වාධීන අපේක්ෂකයකු සපුරාලිය යුතු මූලික සුදුසුකම් සහිත පුද්ගලයකු ආදේශක අපේක්ෂකයකු ලෙස පත් කළ හැකිය.

1994 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ගාමිණී දිසානායක මහතා සාහසික බෝම්බ ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වූ අතර, ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා විසින් ගාමිණී දිසානායක මහතාගේ බිරිය වන වජිරා ශ්‍රීමතී දිසානායක මහත්මිය ආදේශක අපේක්ෂකයා ලෙස නම් කරන ලද අතර, එහෙත් ඡන්ද පත්‍රිකාවේ තිබුණේ වජිරා ශ්‍රීමතී දිසානායක නම නොව ගාමිණී දිසානායක මහතාගේ නමය. එහෙත් ගාමිණී දිසානායක මහතාගේ මරණයෙන් පසු ඡන්ද ප්‍රචාරක කටයුතු සිදු කළේ වජිරා ශ්‍රීමතී දිසානායක හෙවත් ශ්‍රීමා දිසානායක නමිනි. ඇය 1994 ජනාධිපතිවරණයෙන් පරාජය වුවද ලක්ෂ විසිහත ඉක්මවන ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණි.

අප සඳහන් කළේ ජනාධිපතිවරණයකදී අපේක්ෂකයකු මියගිය හොත් ඒ සඳහා අදේශක අපේක්ෂකයකු පත් කළ හැකිද නොහැකි ද යන්න පිළිබඳව විමසා බැලීමය.

උදිත ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here