9
අනෙක් පක්ෂවලට ඇඟිල්ල දිගු කරන ජවිපෙ නාරාහේන්පිට ඉඩමක තට්ටු පහක ගොඩනැඟිල්ලක් හැදුවේ කෙසේදැයි රටට හෙළි කළ යුතු බව පාණදුර ආසන සංවිධායක, හිටපු ඇමැති නන්දන ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ වේලාවෙ අපි කවුරුත් මුහුණ දී ඉන්නේ රටේ ඉරණම වෙනස් කරන ජනාධිපතිවරණයකට. මේ වෙනකොට සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන් බලය ගත්තොත් රට වෙනස් කරන්න මොනවද කරන්නේ කියලා කියන කාලය. ගොඩක් කතා අපිට ඇහෙනවා. ගොඩක් සුරංගනා කතා තමයි. හරියට නිශ්චිතව තාක්ෂණිකව කොහොමද මේ රටේ විවිධ ක්ෂේත්‍ර හසුරුවන්නේ කියන එක සම්බන්ධව මේ ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනාගෙන් එකම එක අපේක්ෂකයෙක් විතරයි කියන්නේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විතරයි.
හොරු අල්ලනවා කියන මාතෘකාව මේ වෙලාවේ බොහොම ජනප්‍රිය මාතෘකාවක්. නමුත් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හොරකම් ඇල්ලීම සම්බන්ධව නිශ්චිත වැඩපිළිවෙළක් කතා කරනවා මම නම් දැක නෑ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ අද ඊයේ නෙමෙයි. 2001 මහමැතිවරණය දිනුවට පස්සෙ තමයි රටට ඒ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ. මෙරට ප්‍රධානතම බදු එකතු කරන ආයතන පාලනය කරන්න, මූල්‍ය පාලනය කරන්න, පරිපාලන ක්ෂේත්රය පාලනය කරන්න, තොරතුරු පද්ධතියක් නිර්මාණය කර ඒ හරහා අයුතු ලෙස ඉපැයීම් පාලනය කරන්න වැඩපිළිවෙළක් මුලින්ම සකස් කළේ රනිල් වික්‍රමසිංහ මහතා. මට හොඳට මතකයි ඒ දේ ක්‍රියාත්මක කරනවාට විපක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ඒ සඳහා විරුද්ධ වෙන්න විපක්ෂය භාවිත කළ ප්‍රධානතම චෝදනාව තමයි මේ මෘදුකාංග ක්‍රියාත්මක කිරීමෙන් රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය නැති කරනවා කියලා. නමුත් ඒ වෙනකොට මේ රටේ පුරවැසියන්ගේ සමස්ත වත්කම් සම්බන්ධ තොරතුරු එකතු කිරීම එක්තරා කොටසකට පමණක් කෙරෙමින් තිබුණා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. බය වෙන්න අවශ්‍යතාවක් නෑ. ආදායම් උපයන කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍යතාවක් නෑ.”
නෙත්මි පූජනී රත්නායක සහ මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ