12
රටේ ජනතාව දුගීකමින් මුදාගෙන සමාජයේ යහපත් ජීවිතයක් ගත කළ හැකි අභිමානවත් ජනතාවක් හදන්න කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පෙරේදා (26) සේරුවිල දී පැවැත්විණි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.‘‘අපි නිර්මාණය කරන ජනතා ආණ්ඩුව හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර ලබාදී, කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000කට ගොවීන්ට දෙන්න කටයුතු කරනවා.
ඒ වගේම කිව්.ආර්. ක්‍රමවේදය යටතේ ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, පාසල් ප්‍රවාහන රථවලට, වී මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්න කටයුතු කරනවා.
පාස්කු දින ප්‍රහාරය, කොවිඩ් ව්‍යසනය, රට බංකොලොත් වුණු නිසා ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත් වුණා. කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව නිසා ගොවීන් විපතට පත්ව සිටිනවා. මේ නිසා ගොවීන්ගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වුණා. දැඩි ණයබරතාවකින් ගොවි ජනතාව පීඩා විඳිනවා. ගොවීන්ගේ වගා ණය කපා හරින්න කටයුතු කරනවා.
ඇපයක් නැතිව ණය ගත් කෝටිපතියන්ගේ, ධනවත් ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැර තිබෙනවා. ධනවතුන්ගේ හඬට වර්තමාන ආණ්ඩුව සවන් දෙනවා. නමුත් ගොවීන්ගේ හඬට ආණ්ඩුව කන් දෙන්නේ නෑ. කෝටි ප්‍රකෝටිපතියන්ට දුන්න සහන ඉවත් කර ඒ ණය අය කරගන්න අපේ රජයකින් කටයුතු කරනවා. ගොවීන්ගේ ණය ස්ථිරවම කපා හරින්න ක්‍රියා කරනවා.
වර්තමානයේ ගොවීන්ගේ අස්වැන්නට ලැබිය යුතු සාධාරණ මිල ලැබෙන්නේ නෑ. මහා පරිමාණ වී මෝල් හිමියන් විවිධ ගිවිසුම් මත ගොවීන්ගේ අස්වැන්න කුණු කොල්ලයට ලබාගෙන ගොවීන් පීඩාවට පත් කරනවා. සමගි ජන සන්ධාන රජයකින් ගොවීන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් දෙන්න කටයුතු කරනවා. ඒ වගේම පාරිභෝගිකයාටත් දරාගත හැකි මිලකට සහල් ලබාදෙන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරනවා. ගොවියාත් රැකෙන, පාරිභෝගිකයාත් රැකෙන මිල සූත්‍රයක් නිර්මාණය කරන්න ක්‍රියා කරනවා.
වර්තමාන රජයෙත්, රට බංකොලොත් කළ නායකයන්ගේ අමනෝඥ තීන්දු නිසා රටේ විශාල ප්‍රමාණයක් දුප්පත්භාවයෙන් මිරිකිලා සිටිනවා. ජීවත්වීමේ මාර්ගයක් නැති, දරුවන් නඩත්තු කරන්න නොහැකි, එදිනෙදා වේල් තුන පිරිමහ ගන්න බැරි, ආදායම් මාර්ගයක් නැති ජනතාවට ජනසවියේ, සමෘද්ධියේ, අස්වැසුමේ හොඳ ගුණාංග එකතු කර අඩුපාඩු ඉවත් කර දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
සෑම දුප්පත් පවුලකටම මාසයකට රුපියල් 20,000ක ප්රතිපාදනයක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
රටේ ජනතාව විවිධ අමනෝඥ කාර්යක්ෂම නොවන රාජ්‍ය ප්‍රතිපත්ති නිසා දුප්පත්භාවයට ඇද වැටුණාට සදාකාලිකව දුප්පත්කමේ සිටිමින් පින් පඩි ලබන සමාජයක් නොවෙයි වත්මන් සමාජය. අපේ රටේ ජනතාව අභිමානවත් ජනතාවක්. කාටවත් යටනොවී ස්ව උත්සාහයෙන් නැඟී සිටිමට කැමැති ජනතාවක් තමයි ශ්‍රී ලංකාවේ සිටින්නේ. වසර දෙකක් තුළ දුප්පත්භාවයෙන් මිදීමට අවශ්‍ය ශක්තිය සමගි ජන බලවේග රජයකින් ලබාදෙනවා. වසර දෙකක් ලබාදෙන ආධාර උපකාරවලින් මිදීමට ජනතාව කටයුතු කළ යුතුයි. ඒ ප්රතිලාභ ලබාදීමේදී
ගෘහයේ සිටින කාන්තාව මුල් කරගෙන අපි ඒ සහන දෙන්න කටයුතු කරනවා. පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන ක්‍රියාදාම විධිමත්ව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන්නේ කාන්තාවන්ට. දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහන ගෘහිණිය මූලික කරගෙන ක්‍රියාත්මක කරනවා.
අපේ රට බංකොලොත් වුණ රටක්. බංකොලොත් රටේ අසීමිත සම්පත් නෑ. නමුත් රටේ ක්‍රියාත්මක වංචාව, දූෂණය, අල්ලස නැති කර, රටෙන් හොරකම් කළ මුදල්, දේපළ නැවත ලබාගෙන ඒවා සොරකම් කළ පිරිසට නීතිය ක්‍රියාත්මක කරනවා. රටෙන් හොරකම් කළ මුදල්, දේපළ රටේ දුප්පත්භාවය තුරන් කිරීමට සහ රට සංවර්ධනය කිරීමට යොදා ගන්නවා.
ගොවීන්ගෙන් උදුරාගත් ගොවිබිම් නැවත ලබාදීමට සමගි ජන බලවේග රජයකින් කටයුතු කරනවා. ඒ වගේම වන අලි සහ මිනිසා අතර තිබෙන ගැටලුවට, වන සතුන් සහ ගොවින් අතර තිබෙන ගැටලුවට නිශ්චිත විසඳුම් දෙනවා. රක්ෂිත සහ ගොවිබිම් ආරක්ෂා කරමින් වගා හානියට විධිමත් රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර වන අලි – මිනිස් ගැටුම අවම කරන්න කටයුතු කරනවා.
තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්‍රමයක් රටේ ඇති කරන්න කටයුතු කරනවා. තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන්නත් පියවර ගන්නවා. තාක්ෂණය කේන්ද්‍ර කරගත් පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමටත් කටයුතු කරනවා. සෑම පාසලක්ම සුහුරු පාසල් බවට පත් කරන්නත් අපේ රජයකින් කටයුතු කරනවා.
ගම්උදාව වැඩසටහන නැවත ආරම්භ කර ග්‍රාමීය නිවාස, නාගරික නිවාස, වතු නිවාස, ධීවර නිවාස, උතුරු නැඟෙනහිර පළාත්වල නිවාස ඉදි කරන යුගය නැවත ආරම්භ කරනවා. දුප්පත්භාවය තුරන් කිරීමට දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම කන්තලේ සීනි කර්මාන්තශාලාව විවෘත වැඩසටහනක් ඔස්සේ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ඔස්සේ තරගකාරි ක්‍රමවේදයකට කන්තලේ සීනි කර්මාන්තශාලාව සක්‍රිය කර, රැකියා සපයන, උක් වගාව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
රටේ ජනතාව අධික දුප්පත්භාවයෙන් මුදාගෙන සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කළ හැකි අභිමානවත් සුහුරු පුරවැසියා අපි නිර්මාණය කරන්න කටයුතු කරනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා –
‘‘ගොවි ජනපදවල ජනතාව අද ඉතා අසීරුවෙන් තමයි ජීවත් වෙන්නේ. රටේ ගොවි ජනතාව බිමට ඇද දමා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඔවුන්ගේ ගොවිතැනට උදව් කරන්න පසුගිය කාලයේ පැවැති ආණ්ඩු විශාල සේවාවක් කළේ නෑ.
සමගි ජන සන්ධාන ආණ්ඩුවක් යටතේ කෘෂිකාර්මික සංස්කෘතියක් රටේ ඇති කරන්න කටයුතු කරනවා. ඒ වගේම ගොවිතැනින් ජීවත් වන ජනතාව ශක්තිමත් කරන්නත් සමගි ජන සන්ධාන ආණ්ඩුවක් හරහා කටයුතු කරනවා.
හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා –
‘‘මෙවර ජනාධිපතිවරණයේදී රටේ සියලුම ජාතීන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනය කරන්නේ ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් තොරවයි. රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. ඒ නිසා සියලු දෙනාගේම සහාය මෙවර සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න කටයුතු කරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා –
කවුරුත් අද ජීවත් වෙන්නේ අමාරුවෙන්. වේල් තුන පිරිමහගන්නේ ඉතාමත් අමාරුවෙන්. ලයිට් බිල ගෙවලා මාසේ ඉතුරු ටික ගෙවා ගන්නේ කොහොමද කියා කල්පනා කරනවා. හැබැයි තාම හුස්ම ගන්නවා. ජේ.වී.පී. එක පසුගිය ආණ්ඩු ටිකටම ජැක් එක ගැහුව, කිසිම වැඩක් නොකරපු අමාත්‍යාංශ 4ක් ගත්තා. නියෝජ්‍ය අමාත්‍යාංශ 4ක් ගත්තා. දූෂණ කමිටුවේ අවුරුදු 4ක් හිටියා. අල්ලපු හොරෙක් නෑ. මේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්නේ ආවේගවලට. මහින්ද රාජපක්ෂගේ උඩු රැවුලට දුන්නා. ඊට පස්සේ චන්ද්‍රිකාගේ සාරියට දුන්නා. ගෝඨාභයගේ හිනාවට දුන්නා. අපි තමයි ඔක්කොම කළේ කියන එකට දුන්නා. දීලා වුණ දේ දන්නවනේ. එහෙම කීයටවත් වෙන්නේ නෑ. මං කියන්නම් නිකම් ජේ.වී.පී. එකට ගියොත්. IMF පීටර් බෘවර් මහත්තයා හම්බවුණා ගිය මාසේ. එතුමා කිව්වා මේ ඡන්දේ දින්නට පස්සේ මුදල් සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න හරියට ප්ලෑන් එකක් දාගත්තේ නැතිනම් අපට දෙසැම්බර් මාසයේ ඉඳලා කන්න හම්බ වෙන්නේ නෑ. මේක සුළුවට හිතන්න එපා.
ප්‍රේමදාස මහත්තයා පැය 24ම වැඩ කරන නායකයෙක්. සුබසාධනය වෙනුවෙන් එතුමා සල්ලි කෙහෙන් හරි හොයා ගන්නවා. එතුමා පාටි දාන්නේ නෑ. පිටරට යන්නේ නෑ. අල්පේච්ඡ ජීවිතයක් එතුමා ගත කරන්නේ. ගෙවල් 20,000කට වැඩිය හදලා තිබෙනවා. ඒ එතුමා අමාත්‍යාංශයේ ඉන්න කාලේ. ඒ අමාත්‍යාංශයේ ඉන්න විට පන්සල්, පල්ලි කීයක් හැදුවද? ඔබ සියලු දෙනාගේම සහයෝගය අපිට දෙන්න. අනාගතය අමාරුයි. හැබැයි අපි කොහොමහරි ගොඩ ගන්නවා කියමින් මගේ කතාව අවසන් කරනවා යැයිද පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත