Home Politics News Room : අනුර කුමාර එළි­දැ­ක්වූයේ ප්‍රති­ප­ත්ති­යක් නැති ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක්

News Room : අනුර කුමාර එළි­දැ­ක්වූයේ ප්‍රති­ප­ත්ති­යක් නැති ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක්

0
0

ජනා­ධි­පති අපේ­ක්ෂක අනුර කුමාර දිසා­නා­යක ඉදි­රි­පත් කර  තිබෙන්නේ ප්‍රති­ප­ත්ති­යක් නැති ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක් බව පාර්ලි­මේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පු­හාමි මහතා ප්‍රකාශ කරයි.

එම ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අනුර කුමාර මහතා වේදි­කා­වල කතා කරන කතා­වක් වැනි බවත් ඔහුගේ කතා­වල ද කිසිම හර­යක් නැති බවත් බංකො­ලොත් වූ රටක් නැවත ගොඩ­ගන්න ඔවුන්ට වැඩ­පි­ළි­වෙ­ළක් නැති බවත් හෙක්ටර් අප්පු­හාමි මහතා සඳ­හන් කළේය.

පෙරේදා (27) සමගි ජන සන්ධාන කාර්යා­ලයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පු­හාමි මහතා මේ බව පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් පාර්ලි­මේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පු­හාමි මහතා මෙසේද පැව­සීය.

‘රට විනාශ කරපු කණ්ඩා­ය­මක් තමයි නැවත රට පාල­නය කරන්න ඉල්ලන්නේ. ඒ නිසා රටේ ජන­තාව තීර­ණය කරන්න කොහො­මද මේක කරන්නේ කියලා. පැහැ­දිලි පිරි­සුදු කණ්ඩා­ය­මක් ඉන්නේ සමගි ජන බල­වේ­ගයේ කියලා කියන්නේ ඒකයි.

අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ව­රයා ඉදි­රි­පත් කර තිබෙ­නවා ප්‍රති­ප­ත්ති­යක් නැති ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යක්. ඒක අනුර කුමාර මහ­ත්තයා වේදි­කා­වල කතා කරන කතා­වක් වගෙයි. හැබැයි ඒ කතා­වල කිසිම හර­යක් නෑ. බංකො­ලොත් වූ රටක් යළි ගොඩ­ගන්න වැඩ­පි­ළි­වෙ­ළක් නෑ. දැන් මේ වෙන­විට ගම්වල කසිප්පු ගහලා එක එකාට ගෝරි දාගෙන කප්පම් අරන් කීයක් හරි හොයා­ගෙන රෑට බූරු ගහන කණ්ඩා­යම් දැන් ජවිපෙ වෙලා. අපි 88-89 කර­පුවා තමයි මේ සැරේ කරන්නේ කියන ප්‍රකා­ශය කර­මින් ගම්වල අහිං­සක මිනි­සුන් බිය­ව­ද්ද­මින් සැරි­ස­ර­නවා. ජවිපෙ එදා කළේ මොකක්ද කියා දැන් පැහැ­දි­ලිව පේනවා. එදා මේ රටේ ජන­තා­වට බෙහෙත් නැතිව බර­ප­තළ විදි­හට ප්‍රශ්න ඇති­වුණු මොහොතේ  ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා ප්‍රමුඛ ආණ්ඩුව ග්ලැඩිෂ් ජය­ව­ර්ධන මැති­නිය පත් කළා රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථා­වට. ඒ බර­ප­තළ අව­ස්ථාවේ ජවිපෙ ඉන්දි­යා­වෙන් බෙහෙත් ගෙනා­වොත් ගෙනාපු අය මර­නවා කීවා. ඉන්දි­යා­වෙන් කිසිම දෙයක් ලංකා­වට ගේන්න බැහැ කිව්වා. අව­සා­නයේ ග්ලැඩිෂ් ජය­ව­ර්ධන මහ දවල් මහ පාරේ මැරුවා. එදා කිසිම දෙයක් ඉන්දි­යා­වත් එක්ක සම්බන්ධ වෙන්න එපා කියපු ජනතා විමුක්ති පෙර­මුණ අද අනුර කුමාර දිසා­නා­යක මහ­ත්තයා යනවා ඉන්දි­යාවේ ඒ බෙහෙත් කර්මාන්ත ශාලා­ව­ටම. මතක් වෙන්නේ නැද්ද එදා ඉන්දි­යා­වෙන් ලංකා­වට ඖෂධ ගෙනාවා කියලා මේ රටේ මිනිස්සු මැරුවා කියන එක. මොකක්ද මේ පක්ෂයේ දෙබිඩි පිළි­වෙත.

ඉන්දු – ලංකා ගිවි­සුම නිසා ඉන්දි­යාව තහ­නම් කර මේ රටේ විද්ව­තුන් උග­තුන් මරා මිනි­සුන්ගේ බෙලි කපලා වැට­ව­ල්වල ගහලා සම­හර තැන්වල ටයර් සෑය දාලා මැරුවා. රටේ හොඳම මොළ ටික මරලා මේ අය බලා­පො­රොත්තු වුණේ මොකක්ද? ලාල්කාන්ත කිය­නවා අපි ගමට අධි­ක­රණ බලය දෙන්න යනවා කියලා. රටේ අධි­ක­ර­ණ­යක් තිබෙ­නවා, රටේ නීති­යක් තිබෙ­නවා. ඒ නීතිය ක්‍රියා­ත්මක කරන පිරි­සක් ඉන්නවා. පොලි­සිය ඇතුළු කණ්ඩා­ය­මක් තිබෙ­නවා. හැබැයි මේ ගොල්ලෝ කියන්නේ ඒ කණ්ඩා­යම් දෙකම නෙමෙයි. ජනතා විමුක්ති පෙර­මුණ තමයි මේ වැඩ කොටස ගමේ කරන්න ඕනෑ. 88-89 ජන­තා­වට මතක් කර දෙනවා අපි උඹ­ලගේ දේවල් කාලා තමයි රට පාල­නය කරන්න හදන්නේ කියලා. මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ හෘද සාක්ෂි­යට අනු­වයි. හෘද සාක්ෂි­යට බිය වෙන ප්‍රධාන කාර­ණාව තමයි ආග­මට දහ­මට ගරු කරන විනය ගරුක කණ්ඩා­ය­මක් තමයි රටක අනෙක් අයට ගරු කරලා ජීවත් වෙන්නේ. අපේ රටේ ජන­තාව බෞද්ධ වේවා, හින්දු වේවා, කතෝ­ලික වේවා, ඉස්ලාම් වේවා මේ හැම එකක්ම ආග­මට දහ­මට ළැදිව තමයි ජීවත් වෙන්නේ.

ඒ නිසා තමයි මේ රටේ මෙච්චර කාලෙ­කට වින­යක් තිබෙන්නේ. ජවිපෙ කිය­නවා ඒ ගොල්ලන්ගේ රජ­ය­කින් ආග­මට කිසි ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා එතැන තිබෙන්නේ පැහැ­දි­ලි­වම ත්‍රස්ත­වා­දය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ­මු­ලින්ම උපුටා දමා මිනි­සුන්ට ආගම අද­හන්න ඇති අයි­තිය නැති කරන්න වැඩ­ස­ට­හ­නක් ගැන කතා කර­නවා. අනුර කුමාර දිසා­නා­ය­කලා මේ ක්‍රියා­ත්මක කරන්න හදන්නේ මහා බබාගේ මුහුණු දෙකේ ප්‍රති­ප­ත්තිය. රට ඉදිරි කාලයේ බර­ප­තළ ලෙස විනාශ වෙන්න ක්‍රම­යක් කියා කියන්න පුළු­වන්.

ලේ තැව­රිච්ච නැති, වෛරය, ක්‍රෝධය නැති පිරි­සුදු එකම පක්ෂය සමගි ජන බල­වේ­ගය කියලා   කිය­නවා. සිය­ලුම ආග­මි­ක­යන්ගේ ඉදිරි අනා­ග­තය භාර ගන්න ඉන්න එකම දේශ­පා­ලන නාය­කයා සජිත් ප්‍රේම­දාස මහ­තායි. සැප්තැ­ම්බර් 21දා අපි ජය­ග්‍ර­හ­ණ­යෙන් සතුටු වුණාට ඊට එහා ගිය වග­කී­මක් අපට පැව­රෙ­නවා යැයිද පැව­සීය.

රක්ෂණ ශ්රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here