Home Politics News Room : අර්බු­දයේ ප්‍රධා­න­තම වින්දි­ත­යන් බවට පත්වෙලා ඉන්නේ අපේ රටේ කාන්තා­වන්

News Room : අර්බු­දයේ ප්‍රධා­න­තම වින්දි­ත­යන් බවට පත්වෙලා ඉන්නේ අපේ රටේ කාන්තා­වන්

1
0

පිය­ව­රෙන් පිය­වර ආරම්භ කළ ගමන විජ­ය­ග්‍ර­හ­ණ­ය­කින් කෙළ­වර කරමු යැයි ජාතික ජන බල­වේ­ගයේ ජනා­ධි­පති අපේ­ක්ෂක අනුර කුමාර දිසා­නා­යක මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසු­ගි­යදා (25) ජාතික ජන බල­වේ­ගයේ කාන්තා රැලිය අම­ත­මිනි. එය මාලි­ගා­වත්ත පී. ඩී. සිරි­සේන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අනි­වා­ර්යෙන්ම සැප්තැ­ම්බර් 21 වෙනිදා මේ රටේ අපි බලා­පො­රොත්තු වන දේශ­පා­ලන පරි­ව­ර්ත­නය සිදු වෙන බවට අපි කාටත් සුබ­වාදී බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කණ්ඩා­ය­ම්ව­ලට මේ පරි­ව­ර්ත­නය අව­ශ්‍යයි. මහලු, වැඩි­හිටි, තරු­ණ­ය­න්ටත් මේ දේශ­පා­ලන පරි­ව­ර්ත­නය අව­ශ්‍යයි. සෑම ක්ෂේත්‍ර­ය­කම ජන­තා­වට මේ පරි­ව­ර්ත­නය අව­ශ්‍යයි. මේ හැම දෙනා­ට­මත් වඩා ඔබට මේ පරි­ව­ර්ත­නය අව­ශ්‍යයි කියලා අපි දන්නවා. අද මේ අර්බු­දයේ ප්‍රධා­න­තම වින්දි­ත­යන් බවට පත්වෙලා ඉන්නේ අපේ රටේ කාන්තා­වන්. ඔබ හඬ නඟා කෑග­හලා නොකි­ව්වාට අපි දන්නවා ඈත ගම්වල අම්මලා, අක්කලා, නංගි­ලාගේ සිට මේ රටේ නග­ර­බ­දව ජීවත් වෙන සහෝ­ද­රිය දක්වා මේ හැම දෙනාම කියා­ගන්න බැරි, දරා­ගන්න බැරි වේද­නා­ව­කින් සහ පීඩා­ව­කින් පෙළෙන බව. විටෙක ඔබේ වේද­නාව ඔබ දරා­ගෙන ඉන්න ඇති. විටෙක පිට කරන්න ඇති. විටෙක කඳු­ළු­ව­ලින් පිට කරන්න ඇති. කොප­මණ වාර­යක්ද? කෑ නොග­හපු කටක්, කඳුළු පිට නොකළ ඇස් දෙකක්, වේද­නා­වෙන් බර නොවූ පපු­වක් මෙතැන කොතැ­නක හරි පුටු­වක වාඩි වෙලා ඉන්න­වාද? අපේ රටේ මේ සමස්ත ඛේද­වා­ච­කයේ ප්‍රධා­නම වින්දි­ත­යන් අපේ රටේ කාන්තා­වන්.

අපේ රටේ උතු­රේත්, දකු­ණේත් ඇතිවූ යුද්ධ­ව­ලින් විශාල යුද වැන්ද­ඹු­වන් ප්‍රමා­ණ­යක් නිර්මා­ණය වුණා. දරු­වන් අහිමි වූ අම්මලා උතු­රේත්, දකු­ණේත් කොප­මණ ඉන්න­වාද? අදත් විවිධ සමාජ අව­ලා­ද­ව­ලට, අප­හා­ස­ව­ලට මුහුණ දෙමින් තමන්ගේ ජීවිත පව­ත්වා­ගෙන යෑමට ඔවුන් කොප­මණ වෙහෙ­සක් දර­න­වාද? අපේ රටේ අප­රා­ධ­වල වැඩිම ගොදුර බවට පත්වී තිබෙන්නේ කවුද? අපේ රටේ විවා­හක කාන්තා­ව­න්ගෙන් 20%කට වැඩි ප්‍රමා­ණ­යක් එනම්, 1/5ක් ගෙද­රදී ගෘහස්ථ ප්‍රච­ණ්ඩ­ත්ව­යට පාත්‍ර වෙනවා. එක්කෝ ආර්ථික කඩා­වැ­ටීම හේතු­කො­ට­ගෙන නැති­නම් සමා­ජයේ වෙන කැළ­ඹි­ල්ලක් හේතු කොට­ගෙන නිර­න්ත­ර­යෙන් ඇය ගෙද­රදී පහර දීමට, කොන් වීමට, පීඩා­වට පත්වෙලා නැද්ද? ගෘහය කියන්නේ හැම දෙනා­ටම සතුට ගෙන දෙන තැනක් වෙන්න ඕනෙ. නමුත් අද එය ගෙදර ඉන්න කාන්තා­වට වේද­නාව ගෙන දෙන තැනක් බවට පත්වෙලා තිබෙ­නවා. කාන්තා­වන් සමා­ජ­යේදී කොත­රම් ගැහැ­ට­ව­ලට මුහුණ දෙන­වාද? ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිර වෙලා. 2021 වන විට ආසන්න වශ­යෙන් 200කට ආසන්න ප්‍රමා­ණ­යක් සිය­දිවි නසා ගන්නවා. ඔබගේ ජීවි­තයේ වැඩි කාල­යක් ඔබ වැය කරන්නේ ඔබගේ දරු­වන් වෙනු­වෙන්. නමුත් අද දරු­වන්ට අත්වී ඇති ඉර­ණම කුමක්ද? ළමා අප­චා­ර­වල ගොදුරු බවට පත්වලා. මත්ද්‍ර­ව්‍ය­වල ගොදුරු බවට පත්වෙලා. මහත් බලා­පො­රොත්තු තබා­ගෙන හදපු තම දරුවා තමන්ගේ ඇස්පනා පිටම විනාශ වෙනවා බලන් ඉන්න සිදු­වෙලා. ඔබගේ පපුව ඇතුළේ කොච්චර ගින්නක් පත්තු වෙන­වාද? මට ඊයේ රත්න­පු­රේදී හමු­වුණා ඒ වගේ අම්මා කෙනෙක්. තමන්ගේ දරුවා රාජ්‍ය ත්‍රස්ත­වා­දයේ ගොදු­රක් බවට පත්වෙලා. වාස් ගුණ­ව­ර්ධ­නත් එක්ක නඩු කියපු විදිය ඇය මට කිව්වා. ඇය තම දරු­වාට සාධා­ර­ණය ඉටු කර ගන්න දිග­ටම සටන් කළා. නමුත් ඇයට අව­සා­නයේ ඉතිරි වුණේ කඳුළු පම­ණයි. අපේ සමස්ත දරු පර­පු­රම මේ ව්‍යස­නයේ ගොදුරු බවට පත්වෙන්න ඉඩ දී අපි ඔහේ පාඩුවේ බලා­ගෙන සිටිය යුතුද?

අපි ඉදි­රි­පිට පාර­වල් දෙකක් තියෙ­නවා. එක්කෝ මේ වේද­නාව, මේ ඛේද­වා­ච­කය, ඉවසා දරා ගනි­මින් අව­සා­නය කරා යන්න පුළු­වන්. නැති­නම් එක වතා­වක් හෝ අපි පොර­බ­දන්න ඕනෙ නැද්ද අපේ ජීවි­තය සොයා­ගන්න. සැප්තැ­ම්බර් 21 කියන්නේ ඔබ ඔබගේ ජීවි­තය වෙනු­වෙන් පොර­බ­දින අව­ස්ථාව. ඒ වෙනු­වෙන් අන් හැම දෙනා­ට­මත් වඩා විශාල කාර්ය­භා­ර­යක්, විශාල වග­කී­මක් ඔබට තිබෙ­නවා කියලා අපි විශ්වාස කර­නවා. අපි උද්ඝෝ­ෂ­ණය කර තිබෙ­නවා. රැස්වීම් කර තිබෙ­නවා. විවිධ කණ්ඩා­යම් එක්ක වැඩ කර තිබෙ­නවා. පසු­ගිය මාර්තු මාසෙ 30 වෙනිදා අපි පටන් ගත්තා, කාන්තා­වන්ගේ නැඟී සිටී­මට කාන්තා­වන් ඒක­රාශී කර ගන්න. මාත­රින් පටන් ගත් ඒ ව්‍යායා­මය මහා සුනා­මි­යක් වගේ රට පුරා පැති­රෙන්න පටන් ගත්තා. එය කොච්ච­රද කිය­නවා නම්, සතුරා අපට බය වුණා. ප්‍රති­වි­රුද්ධ පාර්ශ්වයේ පරා­ජය ඔවුන්ගෙ නළලෙ කෙටු­වෙත් මේ කාන්තා නැඟි­ටීම කියලා අපි විශ්වාස කර­නවා. තව කෙටි කාල­යයි තිබෙන්නේ. පිය­ව­රෙන් පිය­වර ආරම්භ කළ ගමන අත­ර­මඟ නතර කරන්නේ නැතිව අඩාළ වෙන්න දෙන්නේ නැතිව, විජ­ය­ග්‍ර­හ­ණ­ය­කින් කෙළ­වර කරන්න අපි හැම දෙනාම එකතු වෙමු කියලා මම ඉල්ලා සිටි­නවා.

ඔබට අපට තිබෙන්නේ එක අර­මු­ණක්. අපි නොදු­ටුව, නොදැ­කපු අය වෙන්න පුළු­වන්. ඈත දුර පළා­ත්වල අය වෙන්න පුළු­වන්. විවිධ වෘත්තී­න්වල යෙදෙන අය වෙන්න පුළු­වන්. හැබැයි අපි හැම­දෙ­නාම එකම අර­මු­ණ­කට ගැට ගහලා තිබෙ­නවා. ඒක තමයි මුළු රටම එක මිටට අපි එකතු වෙලා ඉන්නේ මොක­ටද? පොදු ජන­තා­වගේ ජීවි­ත­යත් අපේ අම්මා තාත්තා දූ දරු­වන්ගේ ජීවි­ත­යත් මීට වඩා උසස් තැන­කට ඔසවා තබන්න. සැප්තැ­ම්බර් 21 යනු මේ වැඩේ අව­සා­නය නොවෙයි. මේ වැඩේ පටන් ගන්නා දින­යයි. අපි ඉතා­මත් සැල­සු­ම්ස­හ­ග­තව, පිය­ව­රෙන් පිය­වර මේ රටේ ජන­තාව වැටී තිබෙන මේ දුක්ඛිත තත්ත්ව­යෙන්, මේ ඛේද­වා­ච­ක­යෙන්, රටක් හැටි­යට වැටිලා තිබෙන මේ අඳුරු අගා­ධ­යෙන් මුදා­ගැ­නීමේ වග­කීම අපි භාර ගන්න සූදා­නම්.”

ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික, පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මහ­ත්මිය ද මෙහිදි අදහස් දැක්වූවාය.

උපාලි කරු­ණා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here