Home Politics News Room : ජන­තා­වගේ අනා­ග­තය පැහැ­බර වෙන්න නම් ජනා­ධි­ප­ති­ව­රයා යන මේ පාරේ...

News Room : ජන­තා­වගේ අනා­ග­තය පැහැ­බර වෙන්න නම් ජනා­ධි­ප­ති­ව­රයා යන මේ පාරේ තව යා යුතුයි

0
0

රටේ අනා­ගත පර­පු­රට පැහැ­බර හෙටක් උදා කිරී­මට නම් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගමන් ගන්නා මේ දුෂ්කර ආර්ථික මාව­තේම තව ටික දුරක් යා යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක, නාග­රික සංව­ර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා පැව­සීය.    අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේ උඩු­ග­ම්පොළ ප්‍රදේ­ශයේ පැවැති ජන­හ­මු­ව­කට පසු­ගි­යදා (27) එක්වෙ­මිනි.

එහිදී අමා­ත්‍ය­ව­රයා මෙසේද පැව­සීය.  ‘වර්ත­මා­නයේ අපේ රටේ ක්‍රියා­ත්මක වන ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ප්‍රසිද්ධ විවා­ද­ය­කට එන්න කියලා ජනා­ධි­ප­ති­තුමා විපක්ෂ නාය­ක­තු­මා­ටයි අනුර කුමාර දිසා­නා­යක මහ­ත්ත­ය­ටයි ආරා­ධ­නා­වක් කළා. ඒ දෙන්නම කතා­ව­ලට හරිම දක්ෂයි. ඒ නිසා අපි හිතුවා පැනලා මේ අභි­යෝ­ගය භාර ගනියි කියලා. විපක්ෂ නාය­ක­තුමා සෑහෙන කල්පනා කරලා ඒ අභි­යෝ­ගය භාර අර­ගෙන තියෙ­නවා. හැබැයි එයා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා විදි­යට මේ විවා­ද­යට එන­වද කියලා තවම පැහැ­දිලි නැහැ. හන්දි ගානේ, පේමන්ට් ගානේ එකම බොරුව රවුම් කර කර කියන අනුර කුමාර දිසා­නා­යක මහ­ත්තයා නම් තවම කිසිම සද්ද­යක් නෑ. අපි දන්න පරණ ජේ.වී.පී කාරයෝ නම් මෙහෙම නෑ. අභි­යෝ­ග­යක් ආවම පැනල ඒක භාර ගන්නවා. නමුත් දැන් ඉන්න ජේ.වී.පී කාර­යන්ට එහෙම එඩි­තර කොන්දක් නෑ. එයා­ලට පුළු­වන් කයි­වාරු ගහන්න විත­රයි.  සජිත්ල, අනු­රල කියන ආර්ථික ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කළාම සාමාන්‍ය මිනි­ස්සුන්ට එදා වේල­වත් කන්න නැති වෙනවා. ඒවා මේ ලෝකේ ක්‍රියා­ත්මක කරන්න පුළු­වන් ප්‍රති­පත්ති නෙවෙයි. අනු­රලා සජිත්ලා පරණ මිනිස්සු. ඒක තමයි අනු­රගේ ආණ්ඩුවේ වෙන්ඩ මුදල් ඇමැති සුනිල් හඳු­න්නෙත්ති එලෝන් මාස්ක් ආර්ථික ඝාත­ක­යෙක් විදි­යට හඳු­න්වන්නේ.

උපාලි කරු­ණා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here