16
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක මහතා පත් කර ඇත. ඔහු වෙත පත්වීම් ලිපි ප්රදානය පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වන ගම්පහ ආසනය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ඩී.බණ්ඩාරනායක මහතාගේ මුණුපුරා වන ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක මහතා, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ පුත්‍රයාය.
මෙලෙස නව පත්වීම් ලැබූ ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව හෙතෙම සඳහන් කළේය.
ගම්පහ අතිරේක