Home Politics News Room : ජනා­ධි­ප­ති­තුමා ධීවර කර්මා­න්ත­යට කළ සේවය අති­ම­හත්: යාප­නයේ සමස්ත ධීවර...

News Room : ජනා­ධි­ප­ති­තුමා ධීවර කර්මා­න්ත­යට කළ සේවය අති­ම­හත්: යාප­නයේ සමස්ත ධීවර සහාය රනිල්ට

1
0

උතුරේ ධීවර කර්මා­න්තය නඟා­සි­ටු­වීම පිණි­සත් රටේම ධීව­ර­යන්ට සහ­නා­ධාර රැසක් ලබා දීම­ටත් විශාල කැප කිරී­මක් කළ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට මෙවර ජන­ධි­ප­ති­ව­ර­ණ­යේදී පූර්ණ සහය ලබා දීමට යාප­නයේ ධීවර සමු­ප­කාර සමිති සම්මේ­ල­නය තීර­ණය කොට තිබෙන බව එහි සභා­පති ශාන්ත ප්‍රකාශ් මහතා පැව­සීය. ඔහු මෙම ප්‍රකා­ශය සිදු කරන ලද්දේ පසු­ගි­යදා (27) යාප­න­යේදී පැවති විශේෂ මාධ්‍ය හමු­ව­කට සහ­භාගි වෙමිනි.

“පසු­ගිය කාලයේ උතුරේ ධීව­ර­යන්ට ඉන්ධන සපයා ගැනී­මට නොහැකි වූ අව­ස්ථා­වේදී පවුල් 65000කට පමණ ධීවර රැකි­යාව අත­හැර කුලී රැකියා තෝරා ගන්නට සිදු වුණා. නමුත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති තන­තුර භාර­ගෙන බල­යට පත් වූ වහාම ධීව­ර­යින්ට අවශ්‍ය ඉන්ධන පම­ණක් නෙවෙයි බොහෝ සහ­නා­ධාර ලබා දුන් බව මේ අව­ස්ථා­වේදී සෑම ධීව­ර­යෙ­කුම මත­කයේ තබා ගත යුතුයි. විශේ­ෂ­යෙන්ම භූමි­තෙල් මිල ඉතා විශාල අග­ය­කින් පහත දැමී­ම­ටත් එම මිල­ටත් වඩා අඩු සහ­නා­ධාර ක්‍රම­ය­කට භුමි­තෙල් ලබා දීම­ටත් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කළා.

රටේ ආර්ථි­කය ඉතාම පහත් අඩි­ය­කට වැටී තිබුණු මොහො­තක එතුමා ධීව­ර­යින් වෙනු­වෙන් ගත් ක්‍රියා­මා­ර්ග­ව­ලට උතුරේ ධීව­ර­යින් පම­ණක් නෙවෙයි මේ රටේ සිය­ලුම ධීව­ර­යින් කළ­ගුණ සැල­කිය යුතුයි. ඉන්දි­යාවේ ධීව­ර­යි­න්ගෙන් උතුරේ ධීව­ර­යින්ට හානි පාඩු වගේම විශාල හිරි­හැ­ර­යක් සිදු­වෙ­නවා. බල­හ­ත්කා­ර­යෙන් ඉන්දි­යාවේ සිට උතුරු මුහු­දට ට්‍රෝලර් යාත්‍රා­ව­ලින් පැමි­ණෙන ඉන්දීය ධීව­ර­යින් උතුරේ අපට අයත් මුහුදු සම්පත් මංකො­ල්ල­කෑම නිසා මස­කට රුපි­යල් කෝටි ගණ­නක පාඩු­වක් සිදු වෙනවා. මේ නිසා අපි රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ගෙන් බලා­පො­රොත්තු වන්නේ එකම එක දෙයක් පම­ණයි.

ඒ ඉන්දීය ධීව­ර­යන්ගේ බල­හ­ත්කාර ආක්‍ර­ම­ණය නතර කරවා දෙන ලෙසයි.මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යින් අත­රින් හොඳම රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­ව­යක් හා ඉතාම සමීප ගනු­දෙ­නු­වක් ඉන්දි­යාව සමඟ ඇත්තේ රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට පම­ණක් නිසා ඔහුට මේ ක්‍රියාව ඉතා පහ­සු­වෙන් කළ හැකි බව අපි තර­යේම විශ්වාස කර­ගෙන අපි එතු­මාව යළිත් මේ රටේ ජනා­ධි­ප­ති­ව­රයා කිරී­මට කැප­වී­මෙන් යුතුව කට­යුතු කර­නවා’ යැයි සභා­ප­ති­ව­රයා වැඩි­දුර අද­හස් දක්ව­මින් මෙහිදී පැව­සීය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here