Home Politics News Room : නුව­ර­එ­ළියේ ප්‍රකා­ශිත ඡන්ද­ව­ලින් 85%ක ප්‍රති­ශ­ත­යක් අරන් ජන­පති රනිල් දින­නවා

News Room : නුව­ර­එ­ළියේ ප්‍රකා­ශිත ඡන්ද­ව­ලින් 85%ක ප්‍රති­ශ­ත­යක් අරන් ජන­පති රනිල් දින­නවා

1
0

ජනා­ධි­පති මැති­ව­ර­ණ­යේදී ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කර­මින් නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කය ප්‍රකා­ශිත ඡන්ද­ව­ලින් 85%ක ප්‍රති­ශ­ත­යක් ලබා ගනි­මින් නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ විශිෂ්ට ජයක් වත්මන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ලබා­ගන්නා බවත්, සමස්ත රටේ ඡන්ද ප්‍රති­ඵ­ලය එයට සාපේක්ෂ වන බව නුව­ර­එ­ළිය දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.බී. දිසා­නා­යක මහතා පැව­සීය.

එස්.බී. දිසා­නා­යක මහතා ඒ බැව් කියා සිටියේ නුව­ර­එ­ළිය මැති­ව­රණ කොට්ඨා­සයේ ඡන්ද මධ්‍ය­ස්ථාන මට්ට­මෙන් කට­යුතු කරන  ක්‍රියා­කාරී සංවි­ධා­ය­ක­ව­රුන්ට ඉදිරි මැති­ව­ර­ණයේ සැල­සුම් පිළි­බඳ නුව­ර­එ­ළිය දිස්ත්‍රික් මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ල­යේදී (26) දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

මෙහිදී වැඩි­දු­ර­ටත් එස්.බී. දිසා­නා­යක මහතා මෙසේද පැව­සීය.

කලින් වතා­වේදී ගෝඨා­භය රාජ­පක්ෂ දින්නේ පොදු­ජන පෙර­මුණේ ඡන්ද විත­රක් අරන් මේ පාර ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ නියෝ­ජ­නය කළ 11 හැරෙන්න අනිත් සියලු දෙනාම ඉන්නේ වත්මන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාත් එක්කයි. ඒත් එක්කම අපිත් සමඟ එක­තු­වෙලා ඉන්නවා එක්සත් ජාතික පාක්ෂි­ක­යන් හා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ අය.

මේ වෙන­කොට දිග­ම්බ­රම් මන්ත්‍රී­ව­ර­යාගේ පක්ෂ­යත් දෙකට කැඩිලා. ඔවුන්ගේ ක්‍රියා කලා­ප­යට අක­මැති අය අපිත් එක්ක කතා කර තිබෙ­නවා.

මන්ත්‍රී­ව­රුන් එකො­ළ­හක් මේ වන විට රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් අත්වැල් බැඳ ගන්න සූදා­නම් වෙලා සිටි­නවා. ඔවුන් හෙට අනිද්දා අපත් එක්ක එකතු වෙන්න නිය­මි­තයි.

මේ හැම දේ එක්කම වත්මන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු වෙලා තිබෙන්නේ, අපි අනි­වා­ර්ය­යෙන්ම 85%ක ජය­ග්‍ර­හ­ණ­යක් අත්කර ගන්න එක ඉර හඳ වගේ විශ්වා­සයි යනු­වෙන් පැව­සීය.

හැටන් රංජිත් රාජ­පක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here