5
ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේවන විට දිවයිනට පැමිණ තිබේ.
කොළඹ දී ඔවුන් රැස්වීමෙන් අනතුරුව දිස්ත්රික්ක වෙත ගමන් කිරීමට නියමිතය.
පොදු රාජ්ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.
මීට අමතරව ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයින් ද ඉදිරි සති කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතය.