10
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙරට පැරණිම දේශපාලන කිහිපයෙන් එකකි, අන්තර් ජාතික සබඳතා සහිත මෙම දේශපාලන පක්ෂයට මීට දශක පහකට පෙර ප්‍රබල ජනපදනමක් තිබුණි. ඔවුනට එදා කේවල ක්‍රමය යටතේ පවා මන්ත්‍රී ආසන රැසක් ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකියාව තිබුණි.එසේ ප්‍රබල දේශපාලන පසුබිමක් තිබූ කොමියුනිස්ට් පක්ෂය පිළිඳව නැවත ජනතා අවධානයට ලක්වෙමින් ඇත්තේ මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමය.
මේ ආකාරයට කීර්තිමත් අතීතයක් තිබූ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයකු ලෙස කටයුතු කළ මාතර බී.වයි.තුඩාවේ මහතා එම පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක, පළාත් සභා ඇමැතිවරයකු ලෙසද නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද කටයුතු කර තිබේ.මේ ඔහු පිළිබඳව තබන සටහනකි.
බාලඋපාසකගේ යසෝදිස් තුඩාවේ උපන්නේ 1915 සැප්තැම්බර් 25 දින මාතර දීය.
ඔහු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සිටි ක්‍රියාශීලි දේශපාලනඥයෙකි.ඔහු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ අතර ඔහු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස සේවය කළේය.
බී. වයි. තුඩාවේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ලෙස අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක කාලයේදී
1970-1977
ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී
මාතර ආසන්නයේ
මන්ත්‍රී ලෙස 1965 – 1977 ජූලි දක්වා සිටියේය
ඔහුගේ බිරිය වුයේ රම්යලින් තුඩාවේයි..එකම දියණිය රංජිනී තුඩාවේ යි..
රැකියාව ලෙස බීවයි තුඩාවේ කළේ ගුරු වෘත්තීය යි..
1915 දී මාතර තුඩාව ගමේ දුප්පත් පවුලක උපත ලබා පාසල් අධ්‍යාපනය තුඩාවේ සී.සී. පාසල මාතර ගබඩාවීදිය. මාතර සර්වේශස් විදුහල තල්පාවිල විදුහල අධ්‍යාපනය ලබා ගුරුවරයකු ලෙස මාතර ජනතාවට සේවය කිරීමට ඇරඹීය. තුඩාවේ සහෝදරයා වැඩි කල් නොගොස් ගුරු සංගමයට හා සමුපකාර සමිතියට සහ තරුණ බෞද්ධ සංගමයට සම්බන්ධ විය. පසුව ඔහු ලංකා ජාතික ගුරු සංගමයේ මාතර දිස්ත්‍රික් ලේකම් බවට පත් විය.
ඔහු පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට බැඳුණු අතර පක්ෂයේ දිස්ත්‍රික් ලේකම් තනතුර දක්වා ඉහළට ගිය අතර පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ද විය. 1953 සහල් මිල ඉහළ යාමත් සමඟ රට තුළ ඇති වූ 1953 හර්තාලයේදී ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මාතර සමුපකාර රෝහල් සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු ලංකාව නියෝජනය කරමින් පෝලන්තයේ පැවති ජාත්‍යන්තර සමුපකාර සමුළුවට සහභාගි විය. 1962 දී සෝවියට් ගගනගාමී යූරි ගගාරිනාරා මාතරට පැමිණි විට, තුඩාවේ ඔහුගේ කතාව සිංහලට පරිවර්තනය කළේය.
මෙරට කොමියුනිස්ට් පක්ෂයේ දිගුකාලීන සාමාජිකයකු ලෙස ඔහු 1965 දී මාතර මැතිවරණ කොට්ඨාසයේ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර 1965 දී 1970 දී බහුතර ඡන්ද දායකයින්ගෙන් වැඩි පිරිසකවගේ කැමැත්ත ඇතිව නැවත තේරී පත් විය. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ මහත්මියගේ නායකත්වයෙන් යුත් 1970 සමඟි පෙරමුණු ආණ්ඩුවේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තුඩාවේ පත් කරන ලදී. 1977 මහ මැතිවරණයෙන් ඔහු පරාජයට පත් වූ අතර, ප්‍රථම වතාවට කොමියුනිස්ට් පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැතිව මාතර ඉතිරි විය, කෙසේ වෙතත්, පසුව ඔහු මාතර නගර සභාවේ විපක්ෂ නායක ලෙස තේරී පත් විය.
1988 පැවති ප්‍රථම පළාත් සභා මැතිවරණයෙන් දකුණු පළාත් සභාවට තේරී පත් වූ තුඩාවේ විපක්ෂ නායක ධුරය දරමින් කොමියුනිස්ට් පක්ෂයට නිවැරැදි මාවතක වැඩ කිරීමට උදවු කළේය. ඔහු 1993 වසරේ දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස තේරී පත් වූ නමුත් එම සභාව දින කිහිපයකට පමණක් සීමා වූයේ එය විශ්වාසභංගයකින් පරාජය වූ බැවිනි. නැවත මැතිවරණයෙන් පැරදුනත් ඔහු තම දේශපාලන ජීවිතයත් ජනතා සේවයත් කරගෙන යාමට සමත් විය.
1987 ඔක්තෝම්බර් 1 දින, ඔවුන්ගේ දෙවන කැරැල්ලේ නියැලී සිටි ජවිපෙ අනෙකුත් වාමාංශික පක්ෂවලට ප්‍රහාර රැල්ලක් දියත් කළේය. ඔක්තෝබර් 1 වන දින ඔවුන් වෙඩි තබා පහර දී ඔහු තුවාල ලබා දිගු කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවද, ඔහු සම්පූර්ණ සුවය ලබා නැවත දේශපාලනයට පැමිණියේය.. ඔහු මියයන දවස දක්වා ජවිපෙ එල්ල කළ උණ්ඩ සිරුරේ රැගෙනය.
බී වයි තුඩාවේ 1944 දී රම්යලින් තුඩාවේ සමඟ විවාහ වූ අතර රංජිනී තුඩාවේ නම් එක් දරුවෙක් සිටී.
බි වයි 2000 ජනවාරි 22 වැනි දින වයස අවුරුදු 84 දී හදිසි රෝගාබාධයක් හේතුවෙන් මිය ගියේය
නන්දික බැද්දේගම