3
අධික වර්ෂාව සහ කුණාටු සහිත සුළං හේතුවෙන් අරාබි මුහුදේ ගැඹුරු පීඩන අවපාතයක් ඇති වී ඇතැයි ද, එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී රටට කඩා වදිනු ඇතැයි ද පාකිස්තානයේ කාලගුණ විද්‍යා ඒකකය අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කාලගුණ විද්‍යා ඒකකය විසින් සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීමත් සමඟ ඊයේ එරට විශාලතම නගරය වන කරච්චි නුවර සියලු පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර, මේ වන විටත් කරච්චි නුවර ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 147ක ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන බැවින් අරාබි මුහුදට ආසන්න නගරවලින් දහස් සංඛ්‍යාත ජනතාව ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අරාබි මුහුදේ වර්ධනය වෙමින් පවතින සුළි කුණාටුව පිළිබඳ ඉන්දීය බලධාරීන් ද දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එරට ගුජරාට් ප්‍රාන්තයේ ඇතැම් පළාත්වල පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉදිරි දෙදින ඇතුළත අරාබි මුහුද හරහා වයඹ දෙසට ගමන් කරනු ඇති බවය. ඊයේ රාත්රියේදී පාකිස්තානය මෙන්ම ඉන්දියාව ද සුළි කුණාටුව සිය රටවල ඇතැම් පළාත්වලට කඩා වදිනු ඇතැයි අනාවැකි පළ කර ඇතැයි ද වාර්තා වේ. ඊයේ උදෑසන වන විට ගුජරාට් ප්‍රාන්තයේ පළාත් කිහිපයකට දැඩි වර්ෂාපතනයක් පැවැති බව ද වාර්තා වේ.