Home Politics News Room : ජන­තා­වට මම සහ­නා­ධාර දෙන්නේ ඔවුන්ගේ ආදා­යම වැඩි කිරීමේ සැල­සුම්...

News Room : ජන­තා­වට මම සහ­නා­ධාර දෙන්නේ ඔවුන්ගේ ආදා­යම වැඩි කිරීමේ සැල­සුම් ඇති­වයි

1
0

  • ජන­පති රනිල්ගේ නිවැ­රැදි නාය­ක­ත්ව­යෙන් රට අද යම් තැන­කට පැමිණ තිබෙ­නවා – ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ
  • යළිත් අපට අත්හදා බැලීම් කරන්න කාල­යක් නැහැ – ඇමැති මහින්ද අම­ර­වීර
  • ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉතා­මත් තීර­ණා­ත්ම­කයි – හිටපු ඇමැති ෆයි­සර් මුස්තාපා
  • රටේ නාය­ක­ත්ව­යට යළි රනිල් නාවොත් සියලු දෙනා සමූල ඝාත­නය වීම වළ­ක්වන්න බෑ – හිටපු ඇමැති මනූෂ නානා­ය­ක්කාර

ජන­තා­වට සහ­නා­ධාර දෙන්නේ ජන­තා­වගේ ආදා­යම වැඩි කිරීමේ සැල­සුම් සහි­තව බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හම්බ­න්තොට සහ මොන­රා­ගල ජන රැලි අම­ත­මින් පෙරේදා (29) පැව­සීය.

තමා දෙන සහ­නා­ධා­ර­යෙන් නවීන කෘෂි­ක­ර්මා­න්ත­යට අනු­ග­ත­වී­මෙන් නිෂ්පා­ද­නය වැඩි­කර ජන­තා­වගේ ආදා­යම වැඩි­වන බව ජනා­ධි­ප­ති­ව­රයා උදා­හ­ර­ණ­යක් ලෙස මෙහිදී සඳ­හන් කළේය. අනෙක් අය කිසිම සැල­සු­මක් නැතිව කරන්නේ මොන­වා­දැයි කියා­වත් නොදැන සහ­නා­ධාර පොරොන්දු ලබා­දෙන බව කී ජනා­ධි­ප­ති­ව­රයා රටට මුදල් නැති­නම් සහ­නා­ධාර දෙන්නේ කෙලෙස දැයි මෙහිදී ප්‍රශ්න කළේය. අංක ගණි­ත­ය­වත් නොදන්නා මිනි­සුන් ජනා­ධි­පති ධුර­යට පත්වන්නේ කෙසේ දැයි ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් කීය.

ආර්ථි­කය ස්ථාවර කිරී­මේදී මේ රටේ ගොවි ජන­තාව තමාට විශාල සහ­යක් ලබා දුන් බව කී ජනා­ධි­ප­ති­ව­රයා, 2023 මහ කන්නය සහ යල කන්නය සාර්ථක වී යැයි ද සියලු ගොවි ජන­තා­වට ස්තූති­වන්ත වන බව ද පැව­සීය.

හම්බ­න්තොට බස්නැ­ව­තු­ම්පොළ ඉදි­රි­පිට ක්‍රීඩාං­ග­ණ­යේදී සහ මොන­රා­ගල පැවති “පුළු­වන් ශ්‍රී ලංකා” ජන රැලි අම­ත­මින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේ ද කීය.

2022 වසරේ මා භාර ගත්තේ කඩා වැටුණු රටක්. මම රට හදන්න සිය­ලු­දෙ­නාට ආරා­ධනා කළා. රට බේර­ගන්න බැහැ. රනිල් වික්‍ර­ම­සිංහ ඉව­රයි අපි එන්නේ නැහැ කියලා ඇතැම් අය කිව්වා. නමුත් මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ පොහො­ට්ටුවේ බහු­ත­ර­යක් මට සහාය දුන්නා. එදා සිට ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන තෙක් මට ඒ සහාය ලැබුණා. මම ඒ පිළි­බඳ ස්තූවන්ත වෙනවා. මේ මැති­ව­ර­ණය සඳහා මම ඔවුන්ගේ සහාය ඉල්ලුවේ නැහැ. මැති­ව­ර­ණ­ය­කදී ඕනෑම පක්ෂ­ය­කට ඕනෑම තීර­ණ­යක් ගැනීමේ හැකි­යාව තිබෙ­නවා. ඔවුන් වෙනම තරග කර­නවා. අපි වෙනම තරග කර­නවා. මම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූයේ රටේ අප ඇති කර තිබෙන ආර්ථික ස්ථාව­ර­ත්වය ආරක්ෂා කර දීම සඳ­හායි. 2023 වස­රේදී මෙරට දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 84ක් බවට පත් කර ගැනී­මට අපට හැකි වුණා. අපට මුදල් ලැබී­මත් සමඟ අස්වැ­සුම වැඩ­ස­ට­හන යටතේ ජන­තා­වට සමෘද්ධි දීම­නාව මෙන් තුන් ගුණ­යක මුද­ලක් ලබා දුන්නා. අද අපි සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම සහන ලබාදී තිබෙ­නවා.

උක් වගා­ව­ටත් පොහොර සහ­නා­ධා­රය ලබා­දී­මට කට­යුතු කර­නවා. මේ සහ­නා­ධාර දුන් විට ජන­තා­වගේ ආදා­යම් වැඩි වෙනවා. අප සහ අනිත් පාර්ශ්ව­යන් අතර තිබෙන වෙනස එයයි. මුදල් නැතිව සහ­නා­ධාර ලබා දෙන්නේ කොහො­මද? ඒ නිසා ජන­තා­වට සහන දිය යුත්තේ ආදා­යම් වැඩි කර­ගෙ­නයි. මේ අංක ගණි­තය නොදත් අය රටේ ජනා­ධි­පති වන්නේ කොහො­මද කියා මම අහන්න කැම­තියි. මේ රටේ නිෂ්පා­දන වැඩි­වී­මත්, රුපි­යල ශක්ති­මත් වීමත් සමඟ අපට ජන­තා­වගේ ජීවන බර අඩු කළ හැකියි. අප පසු­ගිය කාලයේ ආරම්භ කළේ ඒ වැඩ­පි­ළි­වෙ­ළයි. අපි තරුණ තරු­ණි­යන්ට රැකියා ලබා­දී­මට සැල­සුම් කර තිබෙ­නවා. සමගි ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ ඒ පිළි­බඳ කිසි­වක් ඇතු­ළත්ව නැහැ. හම්බ­න්තොට වරාය දියුණු කිරීමේ වග­කීම මා එදා භාර ගත්තා. චයිනා මර්චන්ට් සමා­ගම මෙන්ම සුබානා ජුරොං සමා­ගම ද ඒ සඳහා සැලැ­ස්මක් සකස් කර තිබෙ­නවා. හම්බ­න්තොට මහා පරි­මාණ අයෝ­ජන කලා­ප­යක් ඇති කිරී­මට අක්කර හාර­ද­හ­සක් ලබා­දී­මට අප එකඟ වී තිබෙ­නවා. ඒ වගේම සයි­නො­පෙක් පිරි­ප­හ­දුව මේ ප්‍රදේ­ශ­යට ගෙනැ­විත් තිබෙ­නවා. සයි­නො­පෙක් පිරි­ප­හ­දුව ලංකාවේ දෙවන පිරි­ප­හ­දු­වයි. මේ ව්‍යාපෘති සමඟ අප ඉදිරි වසර පහේදී හම්බ­න්තො­ටට සංචා­රක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථි­ක­යක් ගේනවා.මේ දියු­ණුව ඇති කිරීම වෙනු­වෙන් අපි එක්වෙමු.

කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර මහතා-

අර්බු­දය අව­ස්ථාවේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රට භාර ගත් නිසා අප අද එතු­මාට සහාය ලබා දෙනවා. එදා ජන­තාව පෝලි­ම්වල මැරී වැටුණා. ඒ අව­ස්ථාවේ එතුමා රට ගොඩ­නැ­ඟීමේ වග­කීම භාර ගත්තා. එසේම ජනා­ධි­පති ධුරය භාර ගැනී­මෙන් පසුව අපේ සහාය එතුමා ඉල්ලා සිටියා. කෘෂි­කර්ම ඇමැ­ති­ව­රයා ලෙස මා ගොවීන්ට පෙහොර ලබා­දී­මට මැදි­හත් වුණා. ගොවි­ජ­න­තාව නැවත වරක් ගොවි­බි­මට යැවී­මට කට­යුතු කළා. විවිධ දුෂ්ක­රතා මධ්‍යයේ වුවද එදා අප පොහොර ආන­ය­නය කර ගොවි ජන­තා­වට ලබා­දුන්නා. එය නතර කරන්න ජවිපෙ උත්සාහ ගත්තා. ජවිපෙ මොන බාධක ඇති කළත් ජන­තා­වට පොහොර සහ­නා­ධාර ලබා­දීම අප නතර කළේ නැහැ. රජයේ කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හන හේතු­වෙන් අද වන විට සහල් අති­රි­ක්ත­යක් පවා රටේ ඇති වී තිබෙ­නවා. අපේ ඉදිරි රජ­යක් යටතේ අති­රික්ත සහල් අප­න­ය­නය කිරී­මෙන් ගොවි ජන­තා­වගේ ආර්ථි­කය නඟා සිටු­වී­මට කට­යුතු කර­නවා. කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හ­නින් ඉදි­රි­යේදී තරු­ණ­යන්ට ලක්ෂ තුන හත­රක් ලැබෙන පරිදි වැඩ­ස­ට­හන් නිර්මා­ණය කර­නවා. ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළ ඉලක්ක කර­ගෙන සහල් නිෂ්පා­ද­නය වැඩි කිරී­මට ලබන කන්නයේ සිට පොහොර මිටි­යක් රුපි­යල් හාර­ද­හ­ස­කට ලබා­දී­මට දැන­ටම මුදල් වෙන්කර තිබෙ­නවා. ඒ වගේම සියලු ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබා­දී­මට දැන­ට­මත් ගිවි­සුම් අත්සන් කර­මින් සිටි­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා රට ගොඩ­නැ­ඟීමේ පින්ක­මට දායක වුණා. යළිත් අපට අත්හදා බැලීම් කරන්න කාල­යක් නැහැ. මේ රට දියුණු කරන වැඩ­පි­ළි­වෙළ ජය­ග්‍ර­හ­ණය කිරීමේ වග­කීම ඉදි­රියේ අපට තිබෙ­නවා.

සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා-

රට­කට ජාතික ආර­ක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආර­ක්ෂා­වත් අව­ශ්‍යයි. පසු­ගිය කාලයේ පැවැති අර්බුද හේතු­වෙන් රටට සංචා­ර­ක­යන් ආවේ නැහැ. එදා පැව­තියේ විදේශ ප්‍රේෂණ විදි­යට අමෙ­රිකා ඩොලර් බිලි­යන හත­රක් පම­ණයි. විදෙ­ස්ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් ලැබෙන ඩොලර් බිලි­යන 7 – 8ක් අපට අහිමි වුණා. අද රටට ඇද­හිය නොහැකි ආර්ථික විප්ල­ව­යක් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇති කළා. ආර්ථික යුද්ධ­යෙන් රට බේරා­ගත් නායක ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට අප කෘත­වේ­දීව සහාය දිය යුතුයි. එදා අප රටක් විදි­හට දුක්වින්දා. නමුත් එතුමා ඉතා කෙටි කාල­ය­කින් රටේ ආර්ථි­කය ඉහ­ළට ඔසවා තැබී­මට පිය­වර ගත්තා. එතු­මාගේ නිවැ­රැදි නාය­ක­ත්වය නිසා රුපි­යල ස්ථාවර වී තිබෙ­නවා. උද්ධ­ම­නය අඩු වී තිබෙ­නවා.ජනා­ධි­ප­තිට ඉදිරි වසර පහක කාලය නැවත ජනා­ධි­පති ධුරය ලබා­දී­මට අප සිය­ලු­දෙනා කැප­වෙමු.

නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා –

හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ප්‍රාදේ­ශීය නාය­ක­යන් බහු­ත­ර­යක් එක වේදි­කා­ව­කට ඇවිත් තිබෙ­නවා. ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් දේශ­පා­ලන බල­වේග විශාල පිරි­සක් අප සමඟ ඒක­රාශී වෙමින් සිටි­නවා. අප අද වෙහෙ­ස­කර ගම­නක් ආරම්භ කර තිබෙ­නවා. ගතවූ වසර දෙකේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රටට යුතු­කම සහ වග­කීම නිසි ලෙස ඉටු­කළ නාය­ක­යෙක් බව පැව­සිය යුතුයි. එම­නිසා එතු­මාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­ව­රුන් සිය­ය­කට වැඩි පිරි­සක් එතුමා වටා ඒක­රාශී වී සිටි­නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ මන්ත්‍රී­වරු විදි­යට එතුමා වෙනු­වෙන් මේ දේශ­පා­ලන තීන්දුව ගත්තේ රට ගැන සිතා බව කිව යුතුයි.

හිටපු ඇමැති රාජිත සේනා­රත්න මහතා-

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් 38ක් රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතු­ළුව ඉදි­රි­පත්ව සිටි­නවා. ජන­පති පුටු­වට යෑමට කී දෙනෙක් බලාන ඉන්නවා ද කියා එම­ඟින් පැහැ­දි­ලියි. අනුර හා සජිත් මැති­ව­රණ වෙනු­වෙන් කොප­මණ මුද­ලක් විය­දම් කර­න­වද? එදා රට භාර ගන්න ඔය කිසි කෙනෙක් හිටියේ නැහැ. බලය දුන්න වෙලාවේ කවු­රුත් භාර ගත්තේ නැහැ. රනිල් වික්‍ර­ම­සිංහ මහතා එදා රට භාර ගන්න විට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 20යි තිබුණේ. මේ රටේ ජන­තා­වට දව­සක් කන්න දෙන්න ඒ මුදල ප්‍රමා­ණ­වත් නැහැ. ධන­පති පන්තියේ නාය­ක­යන් නිර්ධන පන්ති­යට බලය හොඳින් ලබා දෙන්නේ නැහැ. ඔවුන් සන්නද්ධ අර­ග­ල­ය­කින් බලය ගන්න තමයි උත්සාහ කරන්නේ. අද ඔවුන්ට ඡන්ද­යට ඉදි­රි­පත් වෙන්න අවස්ථා ලැබුණේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රටට කළ වෙනස නිසයි. ඉදිරි මැති­ව­ර­ණ­යේදී අපි වරද්දා ගත්තොත් ශ්‍රී ලංකා­වට අත්වන දේ හිතා­ග­න්න­වත් බෑ.

හිටපු ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහතා –

ඉති­හා­සයේ සිටම එජා­පය මේ රටට වැඩක් කළ, පක්ෂ­යක් බව කිව යුතුයි. එදා අර්බු­ද­යට මැදිව තිබූ මේ රට ජනා­ධි­පති රනිල් භාර ගත්තා. ඒ අර්බු­දය චිත්‍ර­ප­ට­යක් නම් ඒ චිත්‍ර­ප­ට­යට විවේ­ක­යක් ජනා­ධි­පති වික්‍ර­ම­සිංහ මහතා ලබා දී තිබෙ­නවා.

මේ විවේක කාලයේ අර්බු­ද­යෙන් එළි­යට යන­වාද, එහෙම නැත්නම් රට යළිත් අර්බු­ද­ය­කට ගෙන­ය­න­වාද කියා කල්පනා කළ යුතුයි. අද වන විට බංග්ලා­දේ­ශයේ තත්ත්වය ඉන්දු­නී­සි­යා­වට පම­ණක් නොව මාල­දි­ව­යි­න­ටත් පැතිර ගිහින්. ජවිපෙ කාර්යාල අද රට පුරාම ජන රැලි­ව­ලට රට වටෙන්ම බස්ව­ලින් ගේනවා. දව­ස­කට බස්ව­ලට විත­රක් ලක්ෂ ගණන් විය­දම් කර­නවා. ඔවුන්ට මෙත­රම් සල්ලි කොහෙන්ද? මේ සල්ලි දෙන්නේ මේ රට යළිත් අර්බු­ද­ය­කට ඇද දැමී­මට උත්සාහ කරන බල­වේ­ගයි. ඒ බල­වේග ශ්‍රී ලංකාව ගොඩ­නැ­ඟෙ­න­වාට කැමති නැහැ. ඒ නිසා ජවි­පෙට ඕනෑ­ත­රම් සල්ලි විය­දම් කර­නවා. ඒ නිසා අපි රටක් විදි­හට සාමූ­හි­කව මැරී වැටිය යුතු නැහැ.ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රටේ නාය­ක­ත්ව­යට යළිත් පත් නොවු­ණ­හොත් අප සියලු දෙනා සමූල ඝාත­නය වීම වළ­ක්වන්න බැහැ.

හිටපු ඇමැති ෆයි­සර් මුස්තාපා මහතා-

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉතා­මත් තීර­ණා­ත්ම­කයි.ඇතැ­මුන් මේ රටේ දේශ­පා­ල­නය පම­ණයි කරන්නේ. නමුත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා රටේ ජන­තා­වට ආද­රය කරන නාය­ක­යෙක්. අනික් දේශ­පා­ල­න­ඥ­යන් සහ වික්‍ර­ම­සිංහ මහතා අතර වෙන­සක් තිබෙ­නවා. සම­හර අය ජාතීන් අතර ප්‍රශ්න ඇති කර­නවා.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ශ්‍රී ලාංකේය චින්ත­න­යක් සහි­තව රට ඉදි­රි­යට ගෙන­යන නාය­ක­යෙක්. එතුමා එදා රට භාර­ගෙන කළ කාර්ය­භා­රය ලෝකයේ කිසිම රටක නාය­ක­යෙක් කර නෑ. දිනෙන් දින රටේ ආර්ථි­කය ශක්ති­මත් වෙමින් තිබෙ­නවා. සජිත් ප්‍රේම­දාස මහතා හෝ අනුර දිසා­නා­යක මහතා මේ රටේ බල­යට පත්වු­ව­හොත් මාස හයක් ඇතු­ළත යළි පෝලිම් යුග­යක් ඇති­වෙන එක නම් නිය­තයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here