Home Politics News Room : ජන­තාව ජීවත් කර­වන පොදු­ජන යුග­යක් 21දා උදා කරනවා

News Room : ජන­තාව ජීවත් කර­වන පොදු­ජන යුග­යක් 21දා උදා කරනවා

0
0

ඉහළ සිට පහ­ළට ක්‍රියා­ත්මක දූෂ­ණය වංචාව හොර­කම අල්ලස ඉවත් කර ජන­තාව රැක­ග­නි­මින් ජන­තාව ජීවත් කර­වන පොදු­ජන යුග­යක් ලබන 21 දා නිර්මා­ණය කරන බව සමගි ජන බල­වේ­ගයේ සහ සමගි ජන සන්ධා­නයේ ජනා­ධි­පති අපෙ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

ගරු­සරු රටක පද­නම ගොඩ­න­ඟන සැමට ජයක් සමගි රටක් ප්‍රති­පත්ති මාලාවේ මැද මාවත හරහා රැකී රක්ෂා ඇති කර දුගී දුප්ප­ත්කම තුරන් කර සාඩ­ම්බර රටක් ගොඩ­න­ඟන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර ගනි­මින් සමගි ජන බල­වේ­ගය සහ සමගි ජන සන්ධා­නය සංවි­ධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලි­යක් පෙරේදා (29) පූගොඩ දී පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් සමගි ජන­බ­ල­වේ­ගයේ සහ සමගි ජන සන්ධා­නයේ ජනා­ධි­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා මෙසේ ද පැව­සීය.

‘‘දළදා වහ­න්සේගේ සහ මහා­නා­යක හිමි­ව­රුන්ගේ ආශි­ර්වා­දය ලබා­ගෙන රට ගොඩ­න­ඟන, ප්‍රජා කේන්ද්‍රීය, ප්‍රජා සංව­ර්ධන, ප්‍රජා නාය­කත්ව වැඩ­පි­ළි­වෙළ, සැවොම ජය­ග්‍ර­හ­ණය කර­වන ප්‍රති­ප­ත්තිය අපි අද එළි­දැ­ක්වූවා. මේ ප්‍රති­ප­ත්තිය සකස් කළේ වෘත්ති­ය­වේ­දීන්, විශේ­ෂ­ඥ­යන්, විෂ­යා­නු­බද්ධ උග­තුන් බුද්ධි­ම­තුන් වගේම බිම් මට්ට­මෙන් අද­හස් යෝජනා ලබා­ගෙ­නයි. පොදු­ජන යුග­යක් සැප්තැ­ම්බර් 21 වැනිදා නිර්මා­ණය කරන බව අපි දළදා වහන්සේ ඉදි­රියේ පොරොන්දු වුණා.

අපට වැද­ගත් දර්ශ­න­යක් තිබෙ­නවා. ජන­තා­වාදී සංක­ල්ප­යක් තිබෙ­නවා. දක්ෂ­තම කණ්ඩා­ය­මක් සිටි­නවා. ජන සමා­ජයේ සියලු දෙනාට ශක්තිය දෙන ප්‍රති­පත්ති මාලාව සෑම නිව­ස­ක­ටම අපි රැගෙන එන්න කට­යුතු කර­නවා. එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ මේ වැඩ­පි­ළි­වෙළ මහ පොළොවේ සත්‍ය­යක් යථා­ර්ථ­යක් බවට පත් කර­නවා. සමගි ජන සන්ධා­නයේ ප්‍රති­පත්ති මාලාව අපි ඉදි­රි­පත් කරන්නේ සක්වළ හුස්ම වැනි වැඩ­ස­ට­හ­න්ව­ලින් රටට ලක්ෂ 10,000ක සේව­යක් කර­ලයි. වර්ත­මාන රජ­යට විදේශ ගමන් බල­පත්‍ර ලබා­දෙන්න නොහැකි වෙලා තිබෙ­නවා. අද රටේ විදේශ ගමන් බල­පත්‍ර පෝලි­මක් නිර්මා­ණය වී තිබෙ­නවා.

ලංකාවේ සෑම ආස­න­ය­කම තරුණ සංව­ර්ධන මධ්‍ය­ස්ථාන නිර්මා­ණය කර, සෑම පාස­ලක්ම සුහුරු පාස­ලක් බවට පත් කර, සෑම රෝහ­ලක්ම සුහුරු රෝහ­ලක් බවට පත් කර, ජන ජීවි­තය ශක්ති­මත් කර­මින් තාරු­ණ්‍යය සවි­බල ගන්ව­මින් අනි­වා­ර්යෙන් නව ව්‍යව­සා­ය­කින් ලක්ෂ 10ක් සමඟ රට ගොඩ­ගන්න වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­නවා. සෑම මැති­ව­රණ කොට්ඨා­ස­ය­කම නිෂ්පා­දන කර්මා­න්ත­ශාලා ඇති කර­න්නත් කට­යුතු කර­නවා. ඒ වගේම කළ­ම­නා­ක­ර­ණය තාක්ෂ­ණය කේන්ද්‍ර කර­ගෙන තරුණ සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන්න කට­යුතු කර­නවා. රටේ කර්මාන්ත පද්ධ­තිය ශක්ති­මත් කරන අතර කෘෂි­ක­ර්මා­න්තයේ නියැ­ළෙන සියලු දෙනාගේ ජන ජීවි­තය ශක්ති­මත් කරන්න කට­යුතු කර­නවා.

කුඩා මධ්‍ය පරි­මා­ණයේ කර්මා­න්ත­ක­රු­වන්ට දිරි­ගැ­න්වීම් ලබා දී ආර්ථි­කය ශක්ති­මත් කර ජන­තා­වට සුබ­වාදී හෙට දව­සක් උදා කරන්න කට­යුතු කර­නවා. ඔබ සියලු දෙනාට ගරු­සරු රටක පද­නම ගොඩ­න­ඟන සැමට ජයක් සමගි රටක් අපේ ප්‍රති­ප­ත්ති­යක සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තුළින් රැකී­රක්ෂා බිහි කර­මින් කර්මාන්ත බිහි­ක­ර­මින්, දුප්ප­ත්කම තුරන් කර­මින් අභි­මා­න­වත් ශක්ති­මත් දේශ­යක් අපි ගොඩ­න­ඟ­නවා.”

පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා –

අපි ජීවත් වෙන්නේ බංකො­ලොත් වූ රටක. අද මොන­රා­ගල රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යාගේ රැස්වී­මක් තිබෙ­නවා කතාව කියන්න කන­ගා­ටුයි සෙනඟ දාහ­ක්වත් නැති තරම්. අපේ ඊයේ රැස්වී­මක් තිබ්බා සෙනඟ දහ­දා­හ­කට වැඩියි. මේක තමයි වෙනස. විප­ක්ෂයේ ඉද­ගෙන කරපු කාර්යය මොන­වද කියා ඔබ හොඳින් දන්නවා. බල­යට පැමිණි පසු කොහො­මද කියා අමු­තු­වෙන් කියන්න අවශ්‍ය නැහැ.

අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය අද ඉදි­රි­පත් කළා දළදා වහන්සේ වැද නම­ස්කාර කර­ගෙන. මල්වතු අස්ගි­රියේ මහා­නා­ය­ක­ව­රුන්ට ප්‍රදා­නය කර තමයි ආරම්භ කළේ. ජවිපෙ ප්‍රති­ප­තත්ති ප්‍රකා­ශයේ ඉදි­රි­පත් කළේ තරු පහේ හෝට­ල­යක. රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යත් තරු පහේ හෝට­ල­යක තමයි ප්‍රති­පත්ති ප්‍රකා­ශය එළි­දැ­ක්වූයේ.

අපේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් අද අඩු ආදා­ය­ම්ලාභි පවුල් සම්බ­න්ධ­යෙන් විශේෂ අව­ධා­න­යක් යොමු කර තිබෙ­නවා. රජයේ සේව­ක­යන්ට අද ලැබෙන වැටු­පෙන් ජීවත් වෙන්න අමාරු තත්ත්ව­යක් තිබෙන නිසා සිය­යට 24කින් වැටුප් වැඩි­වී­මක් කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

පූගොඩ, කිරි­ඳි­වැල බහු­ත­ර­යක් අයගේ ජීවි­කාව වන්නේ පොල් සහ රබර් කර්මා­න්තය යෙදිලා ඉන්න අය. රාජ­පක්ෂ සහ රනිල්ගේ ආණ්ඩු­වෙන් මේ කර්මා­න්තය නැත්ත­ටම නැති­වෙලා අමා­රු­වෙන් කර­ගෙන යන සුළු­ත­ර­යක් අද ඉන්නේ. තමන් සතු කන­කර උකස් කර ඒවා අද සින්න වෙලා කර කියා ගන්න දෙයක් නැතිව ඉන්නේ. රටක් ඉදි­රි­යට ගෙන යන්න නම් හොඳ පළ­පු­රුදු දක්ෂ කණ්ඩා­ය­මක් ඉන්න අව­ශ්‍ය­යයි.

ජවිපෙ ඉන්නේ 88 – 89 මිනී­ම­රලා, ගෙවල් ගිනි තියපු, කර්මාන්ත ශාලා ගිනි තියපු බැංකු කඩපු පරණ සෙට් එක තමයි ජ.වි.පෙ. කැබි­නට් එකේ ඉන්නේ. නමුත් සමගි සන්ධා­නයේ ඉන්නේ පිරි­සුදු දක්ෂ දූෂ­ණ­යෙන් තොර පළ­පු­රුදු කණ්ඩා­ය­මක්. ඒ නිසා ලබන 21 වැනිදා සජිත් ප්‍රේම­දාස දින­වන්න කට­යුතු කරන ලෙස ඉල්ලා සිටි­නවා.

පාර්ලි­මේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා –

පූගො­ඩට අව්වත් තිබෙ­නවා වැස්සත් තිබෙ­නවා. ඒ කියන්නේ මඟුල් ගෙයක් ළඟයි කියලා. සුබ ලකු­ණක්. ලබන 21 වැනිදා කියන්නේ පුංචි මිනිසා දින­වන දවස. අවු­රුදු ගණ­නා­ව­කට පස්සේ තමයි පුංචි මිනි­සුන්ගේ නාය­ක­යෙක් බිහි­වන්නේ. එදා රණ­සිංහ ප්‍රේම­දාස මහතා පුංචි මිනි­සුන්ගේ නාය­කයා විදි­හට ආණ්ඩු­වක් කළා. ජන­ස­විය, නිවාස ව්‍යාපෘති ගම්උදා ගණ­නා­වක් කළා. එදා රණ­සිංහ ප්‍රේම­දාස ජනා­ධි­ප­තිගේ පාලන කාලයේ පාසල් නිල ඇඳුම්, සපත්තු, දිවා ආහාර වේල සෙවණ සරණ මාපිය රැක­ව­රණ ක්‍රමය ලබා­ගත් අය තමයි අද මෙතැන වැඩි­හි­ටි­යන් බවට පත් වෙලා ඉන්නේ.

තමන්ගේ ආණ්ඩුවේ ව්‍යාපෘ­ති­ව­ලින් සිය­යට 99ක්ම පුංචි මිනිසා වෙනු­වෙන් කරපු ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ගෙන් පස්සේ අවු­රුදු ගණ­නා­ව­කට පස්සේ සැප්තැ­ම්බර් 21දා පස්සේ පුංචි මිනි­සුන්ගේ මිනිහා සජිත් ප්‍රේම­දාස මේ රටේ ජන­ධි­ප­ති­ව­රයා බව මේ සුබ ආරං­චිය පූගො­ඩට, දොම්පෙට ආවාම අපට පේනවා. ජේ.ආර්. සහ ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­වරු අප­න­යන ආර­ථි­ක­යක් හදලා ගමට කර්මා­න්ත­ශාලා ගෙනැත් ගමට ඩොලර් ගෙනැල්ලා නතර කළ තැන 1994. එතැන ඉදලා වැඩ බැරි ටාස­න්ලත් ජනා­ධි­පති වෙන්න හද­නවා. 1994 චන්ද්‍රි­කාගේ ආණ්ඩුවේ ඒකට දාය­ක­වුණු පිරිස තමයි ජනතා විමුක්ති පෙර­මුණ. අවු­රුදු 10ක් ආණ්ඩුව කළා. චන්ද්‍රිකා උදේ 10ට නැඟි­ටින්නේ. ඉන් පස්සේ ජන­තාව භාර දුන්නා තව අවු­රුදු 10ක් අසා­ර්ථක ව්‍යාපෘති කර මේ රට බංකො­ලොත් කරන්න වැඩිම දායක වුණු මහින්ද රාජ­පක්ෂ යුගය පාල­න­යට වැඩිම දායක වුණේ කවුද ජනතා විමුක්ති පෙර­මුණ.

පාර්ලි­මේන්තු මන්ත්‍රී තිස්ස අත්ත­නා­යක මහතා –

රනිල් වික්‍ර­ම­සිංහ මහතා හැම දේශ­පා­ලන රැස්වී­ම­ක­දීම සජිත් ප්‍රේම­දාස මහ­තාට විරු­ද්ධව කතා කර­නවා. ඒ නිසා රනිල් වික්‍ර­ම­සිංහ මහතා බොරු තොග­යක් කියන්න පටන් අර­ගෙන. එතුමා කිය­නවා රට භාර ගන්න කියපු වෙලාවේ සජිත් ප්‍රේම­දාස මහතා පැනලා ගියාලු. රාජ­පක්ෂ පවු­ලත් එක්ක ඩීල් දාන්න ගියේ නැහැ. සජිත් ප්‍රේම­දාස මහතා කිව්වේ මම රට භාර­ග­න්නම් හැබැයි කොන්දේසි 4ක් තිබෙ­නවා. එකක් තමයි ගෝඨා­භය රාජ­පක්ෂ ඉවත් වන දවස පැහැ­දි­ලිව කියන්න ඕනෑ. දෙවන කාර­ණය කැබි­නට් මණ්ඩ­ලය පත් කරන විට ගෝඨා­භය ආණ්ඩුවේ හිටපු දූෂිත අය පත් කරන්න බැහැ. පොහො­ට්ටු­වෙන් 15ක් දාලා අපෙන් 5ක් දාන්න කියා යෝජ­නාව ආවා. ඒක කරන්න බැහැ. ඒක අග­මැ­ති­ව­ර­යාට සම්පූ­ර්ණ­යෙන් පව­රන්න ඕනෑ. තුන්වන කාර­ණය විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කරන්න. හත­ර­වන කාර­ණය අපට ජන­ව­ර­මක් නැති නිසා මාස 6කින් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­කට ගිහින් අලුත් ආණ්ඩු­වක් තෝරන්න ඉඩ­කඩ දෙන්න කියලා. මේ කාරණා ලියා ලියුම භාර­දීලා පැයක් ගියේ රනිල් වික්‍ර­ම­සිංහ දිවු­රුම් දෙනවා. රාජ­ප­ක්ෂලා ආරක්ෂා කරන්න රනිල් වික්‍ර­ම­සිංහ තමයි හොඳම තේරීම කියා ඔවුන් තීර­ණය කළා.පාර්ලි­මේන්තු මන්ත්‍රී හර්ෂණ රාජ­ක­රුණා මහතා –

මේ රටේ සිය­ලුම ජන­කො­ට­ස්වල හා බහු­ත­ර­යක් පක්ෂ එක්ව සිටින්නේ සැප්තැ­ම්බර් 21 වැනිදා නියත ජන­පති ලෙස සජිත් ප්‍රේම­දාස මහතා පත් කර­න්නයි. සජිත් ප්‍රේම­දාස මහතා අවු­රුදු 24ක් පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­ව­ර­යෙක් හැටි­ය­ටත්, නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යෙක් හැටි­ය­ටත්, කැබි­නට් ඇමැ­ති­ව­ර­යෙක් හැටි­ය­ටත්, විපක්ෂ නාය­ක­ව­රයා හැටි­ය­ටත් මේ රටට විශාල සේව­යක් ඉටු කර තිබෙ­නවා.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here