14
ජනාධිපති ධුර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන ජයග්‍රාහී ජනරැලි රැසක් ඉදිරි දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව අද (31) පෙරවරු 11.00 බණ්ඩාරවෙල විහාරය අසලදීත් පස්වරු 3.00ට පොලොන්නරුව, පස්වරු 4.00ට ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය අසල, පස්වරු 5.00ට සමන්තුරෛයි පොදු ක්‍රීඩාංගණයේ දී ජනහමු පැවැත්වීමට නියමිතව තිබේ.
රාත්‍රී 7.00ට නැඟෙනහිර පළාත් තරුණ සාකච්ඡාව කාත්තන්කුඩිහි හිස්බුල්ලා සංස්කෘතික ශාලාවේදී ජනහමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර හෙට (01) පෙරවරු 11.00ට වව්නියාවේ තරුණ ක්‍රීඩාංගණයේදීත්, පස්වරු 3.00ට කැකිරාව පොදු ක්‍රීඩාංගණය, 4.00ට හලාවත බස් නැවතුම්පොළ සහ පස්වරු 5.00ට දොම්පේ ප්‍රදේශයේදීත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන ජයග්‍රාහී ජන රැලි පැවැත්වීමට නියමිතයි.
නෙත්මි පූජනී රත්නායක