Home World News Room : බට­හිර ඉවුරේ මෙහෙ­යු­මෙන් හමාස් නාය­ක­යෙක් මරුට

News Room : බට­හිර ඉවුරේ මෙහෙ­යු­මෙන් හමාස් නාය­ක­යෙක් මරුට

0
0

පල­ස්තී­නය පිහිටි බට­හිර ඉවුරේ ආරම්භ කළ දැවැන්ත ත්‍රස්ත මර්දන මෙහෙ­යු­මේදී එම කලා­පයේ හමාස් නාය­කයා ඝාත­නය කළ බව ඊශ්‍රා­යල හමු­දාව නිවේ­ද­නය කර ඇතැයි වාර්තා වේ. පල­ස්තී­නයේ ජෙනින් නුවර පෙරේදා සිදු කළ මෙහෙ­යු­මෙන් හමාස් කලා­පීය නායක විසාම් කාසිම් ගමන් ගත් මෝටර් රථ­යට ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කළ බවත්, ඔහු සමඟ තවත් හමාස් සාමා­ජි­ක­යන් දෙදෙ­නකු මිය ගිය බවත් ඊශ්‍රා­යල හමු­දාව වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර ඇතැයි වාර්තා වේ.‍

හමාස් සංවි­ධා­නයේ පාල­න­යට නතු වූ ගාසා තීරයේ යුද මෙහෙ­යුම් අත­ර­තුර ඊශ්‍රා­යල හමු­දාව පල­ස්තී­න­යට අයත් බට­හිර ඉවුර ආක්‍ර­ම­ණය කිරී­මත්, සැක කට­යුතු පුද්ග­ල­යන් ඝාත­නය කිරී­මත් ජාත්‍ය­න්තර අව­ධා­න­යට ලක්වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් ඇන්ටෝ­නියෝ ගුටා­රෙස් එම මෙහෙ­යුම් වහාම නතර කරන ලෙස ද ඊශ්‍රා­ය­ල­යෙන් ඉල්ලී­මක් කර තිබිණි.

ජෙනින් නුවර ඇතුළු බට­හිර ඉවුරේ ස්ථාන 4ක ඊශ්‍රා­යල මෙහෙ­යුම් සිදු කර තිබූ අතර, එහිදී ගොඩ­බිම් ආක්‍ර­ම­ණ­යට අම­ත­රව ගුවන් මඟින් ද එල්ල වූ ප්‍රහා­ර­ව­ලින් සිවිල් වැසි­යන් 20කට ආසන්න සංඛ්‍යා­වක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, ඒ පිළි­බඳ බ්‍රිතාන්‍යය දැඩි විරෝ­ධය පළ කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here