13
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ලස්සන වචන ටිකක් පමණක් බවත්, මේ වචනවලට රැවටුණොත් රට ආගාධයකට යන එක වළක්වන්න බැරි බවත් විදේශ කටයුතු, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (28) කොළඹ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ලස්සන වචන ටිකක් විතරයි. මේ වචනවලට රැවටුණොත් රට අගාධයකට යෑම වැළැක්විය නොහැකියි. ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ අයි.එම්.එෆ්. සාකච්ඡා ලත් තැන ලොප් වී රට නැවත විනාශයකට යොමු වන ආකාරයේ ප්‍රතිපත්තියක්.
2022 ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. බදු අඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ආදායම අවුරුද්දකට බිලියන 600කට පමණ අඩු වුණා. ඒ තත්ත්වය පාලනය කර ගන්න රජයට මුදල් නැති වුණා. ඒ හින්දා තමයි ණය ගෙවාගන්න බැරි වුණේ. වියදම වැඩි වෙනවා නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි විය යුතුයි. ආදායම අඩු කරලා, වියදම වැඩි කරනවා කියන්නේ කරන්න බැරි දෙයක්. ඒ වෙලාවට මුදල් අච්චු ගහන්න ඕනෑ. දැන් කොහොමටත් මහ බැංකු පනත නිසා මුදල් අච්චු ගහන්න බෑ. එහෙම වුණොත් රුපියල කඩා වැටෙනවා. උද්ධමනය උඩ යනවා. ඩොලර් ටික නැතිවෙනවා. 2022 තත්ත්වයටම රට පත් වෙනවා. මේ අය අයි.එම්.එෆ් එකත් එක්ක ඉදිරියට යනවලු. අයි.එම්.එෆ් වැඩසටහන තුළ තිබෙන වැදගත්ම දේ තමයි ණය ගෙවීමේ ශක්‍යතාව පිළිබඳ දරා ගැනීමේ හැකියාව පිළිබඳ විස්තරය. ඒක උඩ තමයි සම්පූර්ණයෙන්ම ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ සාකච්ඡා කරලා තියෙන්නේ. වියදම් කරන ප්‍රමාණය සාකච්ඡා කරලා තියෙන්නේ. ගෙවිය යුතු බදු පිළිබඳ සාකච්ඡා කරලා තියෙන්නේ. මේ අය කියන්නේ සාකච්ඡා කරලා විකල්පයක් ඉදිරිපත් කරන බවයි. එහෙම කරන්න බැහැ. කරුණු කීපයක් උඩ එහෙම කිරීමේ හැකියාවක් නැහැ. මේකෙන් අදහස් වෙන්නේ මේ සාකච්ඡා අසාර්ථක වෙන බවයි. අයි.එම්.එෆ්. සාකච්ඡා ලත් තැනින්ම ලොප් වෙලා විනාශයකට යනවා කියන එක. අයි.එම්.එෆ්. එක පැත්ත ගැහුවොත් වෙන්නේ ණය ප්‍රතිසංස්කරණයට එකඟ වුණු රටවල් තියෙනවා. ඒ සියලු රටවල් ආපස්සට යනවා. මොකද ඔවුන් එකඟ වුණේ මේ කොන්දේසිවලටයි. ඒ නිසා අප කියන්නේ මේක රටේ ජනතාවට මේක සම්පූර්ණයෙන්ම කළ නොහැකි ප්‍රායෝගික නොවන, කඩාවැටීමට වැට බඳින වැඩපිළිවෙළක්.”
සුභාෂිණී සේනානායක