15
යුක්රේනයේ සහ බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊට කලාපීය හා ගෝලීය ගැටලු පිළිබඳ අදහස් හුවමාරුවක් ද ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. බංග්ලාදේශයේ වත්මන් තත්ත්වය හා එරට ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී දෙරටේ නායකයන් අතර සාකච්ඡාවට ලක්වී ඇතැයි ද, බංග්ලාදේශයේ සුළු ජාතීන්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බවට එකඟතාවට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
විශේෂයෙන් පසුගියදා ශෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු එරට හින්දු ජාතිකයන්ට සහ ඔවුන්ගේ ව්‍යාපාරවලට එල්ල වූ ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ ප්‍රහාර පිළිබඳ සංවාදයට ලක්වී ඇති අතර, එම දුරකතන සංවාදය පවත්වා ඇත්තේ ඉන්දීය අගමැතිවරයාගේ යුක්රේන හා පෝලන්ත සංචාරයෙන් පසුව බවද වාර්තා වේ.