20
ශෙයික් හසීනාගේ රජය බිඳවැටීමෙන් පසු රටින් පලා ගිය බවට තොරතුරු වාර්තා වූ අවාමි ලීග් පක්ෂයේ ඉහළම නායකයකුගේ මළ සිරුර බංග්ලාදේශයේ ඉන්දීය දේශසීමාව ආසන්නයෙන් සොයාගත් බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඉෂාක් අලි ඛාන් නමැති මේ දේශපාලන නායකයා ගෙල සිර කර ඝාතනය කර ඇති බවට මූලික මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇතැයි ද වාර්තා වේ.
අඩක් නරක් වී තිබූ ඔහුගේ මළ සිරුර පසුගියදා නැඟෙනහිර බංග්ලාදේශයේ බුලත් කොරටුවක තිබී සොයාගෙන ඇති අතර, මළ සිරුර අසල තිබූ ගුවන් ගමන් බලපත්‍රයෙන් ඔහු අවාමි ලීග් පක්ෂයේ ප්‍රබල නායකයකු වූ ඉෂාක් අලි බවට හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.