Home Politics News Room : රටේ සම්පත් ටික විකුණා රාජ්‍ය ආදා­යම වැඩි කර ගැනී­මට...

News Room : රටේ සම්පත් ටික විකුණා රාජ්‍ය ආදා­යම වැඩි කර ගැනී­මට මා සූදා­නම් නෑ

1
0

රාජ්‍ය දේපළ සංව­ර්ධ­නය කර රාජ්‍ය ආදා­යම වැඩි කර ගන්නවා මිස රාජ්‍ය දේපළ විකු­ණා­ගෙන රාජ්‍ය ආදා­යම වැඩි කර ගැනී­මට තමා සූදා­නම් නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජ­පක්ෂ මහතා අව­ධා­ර­ණය කරයි.

ඇතැ­මුන් ප්‍රති­ප­ත්ති­යක් ලෙස රාජ්‍ය දේපළ විකුණා දැමී­මට උත්සාහ කරන බව පෙන්වා දෙන ඒ මහතා, විකු­ණන කිසිම දේප­ළක් ඔවුන් විසින් ගොඩ­නැඟූ ඒවා නොවන බව ද ඒ සියල්ල 2005 – 2015 මහින්ද රාජ­පක්ෂ යුගයේ ගොඩ­නැඟූ ඒවා බව ද සිහි­පත් කළේය.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම වෙනු­වෙන් හක්මණ නග­රයේ පැවැති ජන­හ­මු­වට එක්වෙ­මිනි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නායක සහ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මේ ජන රැලිය පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් නාමල් රාජ­පක්ෂ මහතා මෙසේද පැව­සීය.

මගේ කාර්යා­ලය තිබුණේ හක්මණ මායිමේ. 2005, 2010, 2015 කාල­වල දී මේ හක්මණ ජන­තාව බොහෝ අව­ස්ථා­වල මහ­ජන දින­වල දී ආවේ මගේ කාර්යා­ල­ය­ටයි. අපට මත­කයි, බෙලි­අත්ත ජන­තාව කියන්නේ හක්මන නග­රය සංව­ර්ධ­නය කර තිබෙ­නවා බෙලි­අ­ත්තට වඩා කිය­ලයි. ගාමිණී සෙන­රත් මහ­තාගේ ගම. බෙලි­අත්ත නග­ර­ය­ටත් වඩා හක්ම­ණට සිදුව තිබෙ­නවා. අලු­තින්ම නග­ර­යක් නිර්මා­ණය කළා. එදා සංව­ර්ධ­නය කරන්න මුදල් තිබුණා. මුදල් දුන්නා. ඒ වගේම එදා මහින්ද රාජ­පක්ෂ මහ­තාට වුව­ම­නාව තිබුණා ගම සංව­ර්ධ­නය කරන්න. ගොවි­යාගේ එළ­වළු ටික විකුණා ගන්න පොළ හදා දෙන්න අව­ශ්‍ය­තාව තිබුණා. ඇතැ­මුන් එදා කීවේ මේ ගම්ව­ලට මෙච්චර ලොකු පොළක් හදන්නේ මොක­ටද කියලා. මහ­පො­ළොව සමඟ හැප්පිලා වගා කර ලබා­ගන්නා අස්වැන්න විකු­ණා­ගන්න තැනක් තිබෙන්න ඕනෑ කියා එදා මහින්ද රාජ­පක්ෂ මහතා දැක්කා.

අපි අවු­රුදු 30ක් යුද්ධ කළා. ඒ කාලයේ බොහෝ නායක නායි­කා­වන් සාමය ගේන්න බලය ඉල්ලුවා. ඇතැම් අය ගිවි­සුම් අත්සන් කර ප්‍රභා­ක­රන් මහ­ත්තයා ඔය පැත්තේ ඉන්න, අපි මේ පැත්තේ ඉන්නම් කිව්වා. තවත් සම­හරු යුද්ධ කර­නවා කිව්වා. නමුත් සම­හ­රුන්ගේ අවු­රුදු 30ක් සටන් පාඨය වුණේ යුද්ධය අව­සන් කර­නවා කියන එකයි. නමුත් මහින්ද රාජ­පක්ෂ මහතා අවු­රුදු තුනක් ඇතු­ළත ඒ කාර්ය කළා. යුද්ධය අව­සන් කළා පම­ණක් නොවෙයි, මේ රටේ ග්‍රාමීය ආර්ථි­කය නඟා­සි­ටු­වන්න, යටි­තල පහ­සු­කම් ලබා­දී­මට අවශ්‍ය පිය­වර ගත්තා. මේ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ අම්මා තාත්තාගේ දරුවෝ තමයි බහු­ත­ර­යක් යුද්ධ­යට ගිහින් ත්‍රස්ත­වා­දය අව­සන් කරන්න පිය­වර ගත්තේ. වයඹ දරු­වන් තමයි එදා මවු­බිම බේරා­ගැ­නී­මට සටන් කළේ. අපේ ප්‍රාදේ­ශීය නාය­ක­යන්, දේශ­පා­ල­නයේ පිරිස් ඉන්නවා යුද්ධ­යට ගිහින් මේ රට බේර­ගත්ත. ඒ රණ­වි­රු­වන්ට තිබුණ අභි­මා­නය නැති කර­න්නත් පසු­ගිය කාලයේ ඇතැ­මුන් කට­යුතු කළා. ඒ අභි­මා­නය නැති කළා. එක් පැත්ත­කින් මහා සංඝ­ර­ත්න­යට මඩ ගැසුවා. ඒ තුළ මේ රටේ සංස්කෘ­තිය නැති කරන්න උත්සාහ කළා.

තවත් පැත්ත­කින් මේ රටේ රණ­වි­රු­වන්ගේ අභි­මා­නය නැති කරන්න උත්සාහ කළා. අපේ රට බේරා­ගන්න ජීවි­තය පූජා කළ, අත­පය නැති වුණු, තමන්ගේ හෙට දවස වෙනු­වට දරු­වන්ගේ හෙට දවස කල්පනා කළ රණ­වි­රු­වාගේ ගෞර­වය ආරක්ෂා කර­න්නත් අපි හදන ආණ්ඩු­ව­කින් කට­යුතු කර­නවා. ඒ ගෞර­වය, අභි­මා­නය අපි ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම තමයි තරුණ පර­ම්ප­රාව අපේක්ෂා කරන රැකි­යාව දෙන්න අපි ආයෝ­ජ­ක­යන් ගමට ගේනවා. ඒ ගමට ගේන ආයෝ­ජ­ක­යන්ට අවශ්‍ය පසු­බිම අපි හද­නවා. යටි­තල පහ­සු­කම් ටික අපි හදා දෙන්න ඕනෑ. යටි­තල පහ­සු­කම් හද­නවා වගේම ආයෝ­ජ­ක­යන්ට ආයෝ­ජ­නය සඳහා අවශ්‍ය පරි­ස­රය නිර්මා­ණය කළ යුතුයි. අපි හදන ආණ්ඩු­ව­කින් මේ රටේ හැම මැති­ව­රණ කොට්ඨා­ස­ය­ක­ටම කර්මා­න්ත­යක් ආරම්භ කරන්න පිය­වර ගන්නවා. මේ රටේ තරුණ පිරිස අපේක්ෂා කරන තාක්ෂ­ණය සමඟ බද්ධ වුණු පරි­ව­ර්ත­නය වගේම රැකියා බිහි කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළින් විරැ­කි­යාව අව­සන් කිරීමේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­නවා. එළ­ඹෙන 22න් පසුව මේ රට නැවත වැඩ­බි­මක් කරන ඔබගේ ආණ්ඩු­වක් පිහි­ටු­වන්න කට­යුතු කර­නවා.

එදා මහින්ද රාජ­පක්ෂ යුගයේ ගොවි­යාගේ ආර්ථි­කය හැදුවා. ආයෝ­ජ­ක­යන් ගෙනාවා. අධි­වේගී මාර්ග ගෙනාවා. සංචා­රක ව්‍යාපා­රය ගෙනාවා. 2015 වස­රෙන් පසුව මේ සිය­ල්ලම නතර වුණා. ඒ නිසා අපිට වග­කී­මක් තිබෙ­නවා. ඒ අනුව 2015 වසරේ දී මහින්ද රාජ­පක්ෂ මහතා මේ රටේ සංව­ර්ධ­නය නතර කළ තැනින් නැවත වතා­වක් එළ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ 22දා සිට සංව­ර්ධ­නය ගමට ගේන්නත් ලංකාව ආසි­යාවේ දියු­ණුම රට බවට පත් කර­න්නත් වග­කී­මක් තිබෙ­නවා. ඒ වග­කීම භාර ගන්නවා. ඒ වග­කීම ඉටු­ක­ර­නවා. අපි තාක්ෂ­ණය ගේන්න ඕන. අපි තාක්ෂ­ණය බද්ධ කළ යුතු වෙනවා. රටේ තරු­ණ­යක් අපේක්ෂා කරන තාක්ෂ­ණික විප්ල­වය රාජ්‍ය සේව­යට ගෙන­එන්න ඕන. රාජ්‍ය සේව­ක­යාගේ ගෞර­වය ආරක්ෂා කර­නවා වගේම රාජ්‍ය සේවය තුළින් ජන­තා­වට සිදු­වන සේවාව තාක්ෂ­ණය සමඟ බද්ධ කළ යුතු වෙනවා. පෝලි­ම්වල සිටින යුගය අව­සන් කළ යුතු වෙනවා. අපි ඒක කර­නවා. පරි­භෝ­ජ­නය අඩු කරලා, මිල වැඩි කරලා, තෙල් පෝලිම ඉවත් කළාට පාස්පෝට් පෝලිම ඉවත් කර ගන්න බැරි­වුණේ ඇයි.

පාස්පෝට් පෝලිම අව­සන් කර­ගන්න නොහැකි වුණේ තාක්ෂ­ණය සමඟ මේ රටේ රාජ්‍ය සේවය බද්ධ නොවුණු නිසයි. ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව එම වැඩ­ක­ට­යුතු ආරම්භ කළා. තොර­තුරු තාක්ෂණ ගම්මාන ගෙනාවා. තාක්ෂ­ණික විප්ල­වය ආරම්භ කළත් අර­ග­ලය හේතු­වෙන් අවා­ස­නා­වට එය කර­ගෙන යන්න නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ හදන ආණ්ඩුව තාක්ෂ­ණ­යත් සමඟ මේ රටේ රාජ්‍ය සේවය බද්ධ කිරීමේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­නවා. අපි එක් කර­නවා. අපි මේ පණි­වු­ඩය ගමට ගෙන­යමු. අපි ආස­න­යෙන් ආස­නය, ගමෙන් ගමට යනවා. අපි ජන­තාව සමඟ දේශ­පා­ල­නය කර­නවා. මහා ජන­රැලි කරන එක ලේසියි. විය­දම් කරලා රැලි කරන්න පුළු­වන්. ජන­තාව අත­රට යන්න නම් ගමෙන් ගමට යා යුතු වෙනවා. ඒ අනුව අපි ගමට ගොස් ගමේ ජන­තාව හමුවී මැති­ව­රණ ව්‍යාපා­රය කර­නවා. හිත් බිඳුණු, කල­කි­රුණු අය වගේම ඇතැම් මැර දේශ­පා­ලන බල­වේ­ග­ව­ලට නිශ්ශබ්ද වූ අයත් ඇති. අපි බය නැහැ. සැප්තැ­ම්බර් 21 අපේ පක්ෂය දින­වන්න එක්වෙමු කියා ආරා­ධනා කර­නවා.

දිගා­ම­ඬුල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ඩී. වීර­සිංහ මහතා,

අද ඇතැ­මුන් රාජ­ප­ක්ෂ­වරු රටට මොනවා ද කළේ කියා අහ­නවා. රාජ­ප­ක්ෂ­වරු රට වෙනු­වෙන් විශාල වැඩ කොට­සක් සිදු කර තිබෙ­නවා. අද රෑට කන්න නැතත් හෙට දවසේ බිය නැතිව ජීවත් වෙන්න පුළු­වන් පරි­ස­ර­යක් උදා­කර දුන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­තායි. එදා අපි රෑට හිටියේ කැලෑ­වල. අපි රෑට ගෙදර සිටියේ නැහැ. එදා අපිට අපේ ආගම සිහි කරන්න අව­ස්ථා­වක් ලැබුණේ නැහැ. දළදා මාලි­ගා­වට ගැහුවා. ශ්‍රී මහා බෝධි­යට පහර දුන්නා. පාස­ල්ව­ලට දරු­වන්ට යන්න නොහැකි තත්ත්ව­යක් තිබුණා. අපේ රටේ හැම­තැ­නම යුද බිය තිබුණා. එක් පැත්ත­කින් අපි ත්‍රස්ත­වා­දී­න්ගෙන් බැට­කෑවා. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙර­මු­ණෙන් බැට­කෑවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ හක්මණ ආස­නයේ සංවි­ධා­යිකා සුභා­ෂිණී බුලේ­ගොඩ මහ­ත්මිය ද මෙහිදී කතා කළාය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ජානක තිස්ස­කු­ට්ටි­ආ­රච්චි, නිපුණ රණ­වක මහ­ත්වරු ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ඡායා­රූප – සුදත් නිශාන්ත

මහින්ද අලු­ත්ගෙ­දර, හක්මණ සිට …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here