12
අභියෝග ජය ගනිමින් අනාගත පරපුරේ හෙට දවස සෑම අංශයක් ඔස්සේම සංවර්ධනය කරන දැක්ම ඇතුළත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශනය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනිදා ජනගත කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රට හමුවේ ඉදිරිපත් කරන ප්රතිපත්ති ප්රකාශයේ මුල් පිටපත ඊයේ (30) දහවල් සුබ මොහොතින් එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණි.
රණවිරුවන්ගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිකළ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ තම ප්රතිපත්ති ප්රකාශනය තුළින් රටේ සංවර්ධනය සහ තරුණ තරුණියන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාමාර්ග සහ පවතින අභියෝග පරදා රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ඇතුළත් කර තිබෙන අතර, එම සැලසුම් නියත වශයෙන්ම ක්රියාවට නංවන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද අලුත්ගෙදර