Home World News Room : සිසිලි මුහුදේ ගිලුණු බයේ­සි­යන් යාත්‍රාවේ රක්ෂණ ආව­ර­ණය ඩොලර් මිලි­යන...

News Room : සිසිලි මුහුදේ ගිලුණු බයේ­සි­යන් යාත්‍රාවේ රක්ෂණ ආව­ර­ණය ඩොලර් මිලි­යන 150ක්

0
0

බ්‍රිතාන්‍ය කෝටි­පති ව්‍යාපා­රික මයික් ලින්ච් ඇතුළු පුද්ග­ල­යන් 7 දෙන­කුට මරු කැඳ­ව­මින් ඉතා­ලියේ සිසිලි දූපත ආස­න්න­යේදී පසු­ගි­යදා ටොනේඩෝ කුණා­ටු­ව­කට හසුවී මුහු­දු­බත් වූ ‘බයේ­සි­යන්’ සුඛෝ­ප­භෝගී සංචා­රක යාත්‍රාවේ රක්ෂණ මුදල අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 150ක ඉක්ම­වනු ඇතැයි යාත්‍රා නිෂ්පා­දන ක්ෂේත්‍රයේ විශේ­ෂ­ඥ­වරු අනා­වැකි පළ කර ඇතැයි වාර්තා වේ. බ්‍රිතාන්‍ය ධජය සහි­තව ගමන් කළ බයේ­සි­යන් සුපිරි යාත්‍රාව සුළි කුණා­ටු­වට හසුවී මුහු­දු­බත් වූයේ උතුරු සිසි­ලියේ නැංගුරම් ලා තිබි­ය­දීය. යාත්‍රාව මුහුදේ ගිලී අතු­රු­දන් වූයේ මිනිත්තු කිහි­ප­යක් ඇතු­ළ­ත­දීය. යාත්‍රාවේ රක්ෂ­ණය ඇතු­ළුව පාරි­ස­රික හානිය, තුවාල හා මරණ ඇතු­ළුව තුන්වැනි පාර්ශ්වයේ වග­කීම් හිමි­කම් කර ඇති බැවින් රක්ෂණ මුදල එවැනි විශාල අග­යක් ගනු ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

බයේ­සි­යන් යාත්‍රාව අන­තු­රට පත්වී­මට එම යාත්‍රාවේ කපි­තා­න්ව­රයා ඇතුළු කාර්ය මණ්ඩ­ලයේ නොසැ­ල­කි­ලි­ම­ත්භා­වය බලපෑ බවට චෝදනා එල්ල වූවද, රක්ෂණ ආව­ර­ණ­යට එම­ඟින් බල­පෑම් සිදු නොවන බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මධ්‍ය­ධ­රණී මුහුදේ අඩි 160ක් ගැඹුරු සාගර පතුලේ තැන්පත්වූ යාත්‍රාවේ සුන්බුන් අතර සිර­වුණු සියලු මළ­සි­රුරු සමඟ මුහු­දු­බත් වූ සුඛෝ­ප­භෝගී යාත්‍රාව ගොඩගැනීමේ සැල­සු­මක් නැති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here