23
සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක හේමාල් ගුණසේකර මහතා පූගොඩ ඊයේ (30) පැවැති සමගි ජන බලවේගයේ මහජන රැලියට එක්විය.
හිටපු ඇමැතිවරයෙක්, ආණ්ඩුකාරවරයෙක් වන හේමාල් ගුණසේකර මහතා සමුපකාර හා වෙළෙඳ නියෝජ්‍ය ඇමැති, නිවාස හා සමෘද්ධි රාජ්‍ය ඇමැති, දකුණු පළාත් ආණ්ඩුකාර යන තනතුරු රැසක් හෙබවීය.
ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමටත් ඒ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයට ශක්තියක් ලබාදීමටත් කටයුතු කරන බව හේමාල් ගුණසේකර මහතා කියා සිටියේය.
නුවන් කොඩිකාර