27
“පොදු ජනතාව බදු ගෙව්වත් බදු නොගෙවන සෙට් එකක් ඉන්නවා දේශපාලනඥයන්ට මුවාවෙලා. ඒ අය හැම වෙලාවෙම බලයට එන ආණ්ඩුවට, මුදල් ඇමැතිට සෙට් වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දුත් ගෙවිය යුතු බදු ආණ්ඩුවට දුන්නේ නෑ. කෝටි හත්සීයක් පොලු තියලා. සජිත්ට බස් බෙදන්නත් සල්ලි දෙන්නේ කැසිනෝ මුදලාලි කෙනෙක්. කැසිනෝ මුදලාලිට පින් කරගන්න ඕනි නම් ඔහුට කෙළින්ම බස් ටික පාසල්වලට දෙන්න තිබුණනෙ. ඇයි සජිත් හරහා දෙන්නේ බැරිවෙලාවත් බලයට ආවොත් අවශ්‍ය දේවල් කරගන්න තමයි මේක කරන්නේ. මම නෙවෙයි මේව කියන්නේ සජිත් ගාව හිටපු ෆොන්සේකා. මේවා ඇත්ත හින්දා සජිත්ගේ එකෙක්වත් මේ ගැන මීක් ගාන්නේ නෑ. අපි මේ ජාවාරම්කාරයන්ගේ බදු ටික අය කරගෙන සාමාන්‍ය ජනතාවගේ බදු බර අඩු කරනවා” යැයිද මේ එන්නේ වෙනස්ම ආණ්ඩුවක් බව ජාවාරම්කාරයන් මෙන්ම මේ මහජන ව්‍යාපාරයට මඩ ගහන අයත් හොඳට මතක තියා ගත යුතු බව ද, ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා (28) කුරුවිට නගරයේදී පැවති ප්‍රධාන ජන හමුවේදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“අපේ මල්වතු අස්ගිරි නා හිමිවරුන්ගේ සිට රටේ සමස්ත මහා සංඝරත්නය අපේ මහජන ව්‍යාපාරයට එකතු වෙමින් ආශීර්වාද කරමින් ඉන්නවා. මේක ඉවසන්න බැරි සමහරු අපි බුද්ධාගමට එක එක දේවල් කිව්ව කියල පට්ටපල් බොරු කියනවා. එවැනි බොරු පතුරුවන හැමෝටම අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. මේ මහජන ව්‍යාපාරයේ ජයග්‍රහණය නවත්වන්න දැන් ප්‍රමාද වැඩියි. ඒනිසා මේ මහජන ව්‍යාපාරයත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා කියා කාට කාටත් කියන්න කැමැතියි.
අවුරුදු 76කට පසු අපි අපේ රට මහජන ව්‍යාපාරයකින් හදන මහජන ආණ්ඩුවක් හදන්න පටන් ගන්නවා. ඒ ආණ්ඩුවේ පළමු කොටස ලෙස සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පත් කර ගන්නවා. නොවැම්බර් අග සතිය වන විට මහ මැතිවරණයෙන් මහජන ආණ්ඩුවක් පත් වෙනවා. නොවැම්බර් අග වන විට බලය සම්බන්ධ කාරණා අවසන් වෙනවා. එතැනින් එහාට තිබෙන්නේ අමාත්‍යාංශ 25කින් විෂය කොටස් බෙදාගෙන රට හැදීමේ කටයුතු ආරම්භ කිරීමයි. හැම කෙනාම මේක අපේ රට කියන හැඟීමෙන් තමන්ගේ වගකීම ඉටුකළ යුතුයි. අපි අපේ රටේ අනාගතය, රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතා එකට එකතු විය යුතුයි.
මේ රට බංකොලොත් කරලයි තිබෙන්නේ. අපිට අවශ්‍යයි ශක්තිමත් ආර්ථිකයක්. ඒ සඳහා තෝරා ගත යුතු එකම මාර්ගය තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම. රටට ඕනි ජාතික සැලැස්මක්. ඒ සැලැස්ම ස්ථානගත වෙන්නේ භාණ්ඩ හා නිෂ්පාදනයෙන්. මේ රටේ මිලියන 22ක් වන ජනතාව වෙනුවෙන් ලෝකය ඉලක්ක කර ගත් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. අපිට එතැනට යන්න පුළුවන්.
අපේ රටට ඩොලර් ගේන්න පුළුවන් හොඳම, කෙටිම, ස්ථාවරම මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. නමුත් අද ගයිඩ් කෙනෙකුගේ දක්ෂතාව මත හෝටල් හිමියකුගේ ඉල්ලීම මත සුද්දෙක් ගෙන්න ගත්තොත් හැර ලොකු සංචාරක කර්මාන්තයක් අපට නෑ.
අපිට තවත් ඉදිරියට යන්න පුළුවන් හොඳ ක්ෂේත්රයක් තමයි තොරතුරු තාක්ෂණය. අද වන විට අයි ටීවලට සම්බන්ධ ආයතනවල ඉහළ කළමනාකරණයේ ඉන්නේ වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයෝ. තරුණ තරුණියන් ලක්ෂ දෙකක් මේ ක්ෂේත්රයට බඳවාගෙන වෘත්තිකයන් බවට පත්කරනවා. පාසල් විෂය පද්ධතියටත් මේක ඇතුළත් කරනවා. ලංකාවේ අයි ටී කලාප 4ක් ස්ථාපිත කරන්න කටයුතු කරනවා.”
මෙහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික රත්නපුර දිස්ත්‍රික් නායක ශාන්ත පද්මකුමාර, විධායක සභික කුරුවිට සංවිධායක ප්‍රදේශීය සභා මන්ත්‍රී විකසිත පුෂ්පකුමාර, විශ්‍රාමික පොලිස සාමූහිකයේ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක එම්.එම්.එස්.ඩී. මනම්පේරි යන මහත්වරුන් ද අදහස් දැක් වූ අතර, මෙම අවස්ථාවට රත්නපුර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මංජු කොස්පැලවින්න මහතා ඇතුළු ප්‍රදේශීය මහජන නියෝජතයන් පිරිසක් ද, විශාල මහජනතාවක් ද එක්ව සිටියහ.
කේ.ඒ. සුනිල් – කුරුවිට