මහජන පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති මෙසේද පැවසීය.
‘‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධින් කීපයක් මේ වන විට වාර්තා වී තිබෙනවා.
පසුගිය කාලයේද මේ ආකාරයට විවිධ ව්‍යාපාරිකයන්ට මෙන්ම පුද්ගලයන්ට දුරකතන ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමේ සිද්ධීන් අපට වාර්තා වී තිබුණා. එවැනි වංචා කිරීම් සිදු කළ කීප දෙනකුට එරෙහිව පොලිසිය මැදිහත් වී නීතිමය පියවර මේ වන විට අරගෙන තියනවා.
නැවත වතාවක් එම ක්‍රියාව දිවයිනේ ස්ථාන කීපයක ක්‍රියාත්මක වන බව මේ වන විට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර නීතිමය පියවර ගැනීමට අපි මේ වන විට කටයුතු කර තිබෙනවා.
කිසියම් අයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස නොව කුමන තරාතිරමක අයකු ලෙස පෙනී සිටිමින් වුවත් මුදල් ඉල්ලා සිටින්නේ ඊට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම වංචාව සිදු කරන්නේ එකම කණ්ඩායමක් විසින් බවටයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කුමන හේතුවක හෝ කිසිදු රජයේ නිලධාරියකුට මුදල් දෙන්න එපා කියන එකයි.
එවැනි ඇමතුමක් ඔබට ලැබුණොත් කඩිනමින් ඒ බව ළඟම ඇති පොලිසියට දැණුම් දෙන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් යම් අයකු මුදල් ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපි සංගමයක් ලෙස මහජනතාව සමග සිටින බවත් කියන්න කැමැතියි.’’