Home Politics News Room : මාතර සභාපති – මන්ත්‍රීවරු 192ක් සමගි ජන සන්ධානයට එක්...

News Room : මාතර සභාපති – මන්ත්‍රීවරු 192ක් සමගි ජන සන්ධානයට එක් වෙති

0
0

මාතර අපි නිවැරැදි දේශපාලන මතවාදය වටා පෙළගැසෙනවා – මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

සමගි ජන සන්ධානයට මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපතිවරු, මන්ත්‍රීවරු එකසිය අනූදෙකක් එක්වීම අගෝස්තු 30දා මාතර පාලටුව, එල්.එච්.කේ. (LHK) උත්සව ශාලාවේදී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කරුණා කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සිදු විය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද පැවසීය.

Òඅප සියලු දෙනාම අද දින මෙතැනට රැස් වූයේ, එළැඹෙන සැප්තැම්බර් මස විසි එක් වන දින පවත්වන්නට නියමිත මැතිවරණයේදී අපේ ස්ථාවරය කුමක්ද යන්න රටට දැනුම් දීම සඳහායි. මේ අවස්ථාවට අකුරැස්ස ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආසන සංවිධායකවරයා මෙන්ම මාලිම්බඩ, අකුරැස්ස, අතුරලිය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ද වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ද සහභාගීව සිටිනවා. මේ අවස්ථාවට සහභාගී වීමට සිටි නමුත් විශේෂ කටයුත්තක් සඳහා ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බැවින් මෙම අවස්ථාවට සහභාගී නොවන නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ සුබ පැතුමත් ඔබට එක් කරනවා. එසේම මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා බහුතරයක සභාපතිවරු, උප සභාපතිවරු ඇතුළු පළාත් පාලන නියෝජිතයන් එකසිය අනූ දෙකක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා. අප සියලු දෙනාම මේ මොහොතේ රැස්වෙලා ඉන්නේ එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව අපේ දේශපාලන මතය සාමූහිකව රටට දක්වන්න. ඔබ දන්නවා මාතර මිනිස්සු තමයි මේ රටේ දේශපාලනයේ දිශානතිය තීන්දු කිරීම සිදු කළේ. මේ රටේ සාහිත්‍යයෙහි, මෙරට ව්‍යාවසායකත්ව තීන්දු තීරණ සහ ක්‍රීඩාව ආදී සෑම අවස්ථාවකදීම මාතර පුරවරයේ ඉපදුණු මිනිස්සු රටට නායකත්වයක්, පුරෝගාමීත්වයක් ගත්තා. රටට මඟ පෙන්නුවා. රටට මතවාදයක් ඉදිරිපත් කළා. ඒ නිසා පසුගිය 2019 ජනාධිපතිවරණයේත්, පසුගිය 2020 මහ මැතිවරණයේත්, මාතර අපි නිවැරදි දේශපාලන මතවාදය වටා පෙළ ගැසෙමින් රටට නායකත්වය හා මඟපෙන්වීම ලබා දුන්නා. එහි ප්‍රතිඵලය වුණේ අපි හිටපු කඳවුර මේ සෑම මැතිවරණයකදීම රටේ ප්‍රමුඛම ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමයි. අපි සියලු දෙනාම ඒකමතිකව තීරණය කර ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දීමටයි. එනම් සමගි සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් අපට දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා.

Òඅප සියලු දෙනාම කැප වී, මහන්සි, දුක්විඳ හැටනව ලක්ෂයක ජනමතයක් ගොඩනැඟුවා. නමුත් අපේ බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ල බිඳවැට්ටුවා. 2022 ජූලි මාසයේ විසිදෙවැනිදා පාර්ලිමේන්තුවේත් රටේම නායකත්වය මාතර දිස්ත්‍රික්කයට ගේන්න අවස්ථාවක් තිබුණා. නමුත් ඒ අවස්ථාව අහිමි කළේ අප එකතු වී ඉතා වෙර වීරියෙන් ගොඩනැඟූ පක්ෂයේ නායකයන්මයි. ඒ වෙලාවේ තමන්ගෙ දේශපාලන මතයෙන් බැහැර වී විපක්ෂයත් සමඟ එකතු වී ජාතික රාජ්‍ය ගොඩනැඟීමට කැපවීමෙන් තම අපේක්ෂකත්වය පරිත්‍යාග කර ඩලස් අලහප්පෙරුම වන මා වෙත සහයෝගය පළ කිරීමට තරම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කිරීම, රටේ ඒ වන විට තිබුණු තත්ත්වය ඉතා හොඳින් තේරුම් ගෙන ගත් ඉතා වැදගත් තීරණයක්. ඔහුගේ ඡන්ද සටනට අප ශක්තියක් වුණේ ඒ නිසයි. සැප්තැම්බර් විසිදෙවැනිදා අලුත් ඉරක් යට අලුත් හුස්මක් ගෙන අලුත් නායකයෙක් සමඟ අලුත් ගමනක් යන්නට සියලු දෙනාටම ඇරයුම් කරනවා.Ó

තෙලිජ්ජවිල සමූහ

වජිර පූජිත ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here