Home World News Room : වසර දෙකකට පෙර බිරිය ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ඔස්ට්‍රේලියා...

News Room : වසර දෙකකට පෙර බිරිය ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ඔස්ට්‍රේලියා අධිකරණයේදී වරදකරු වෙයි

0
0

අත්පො­‌ෙරාවකින් හා පිහියකින් තුවාල සිදු කර සිය බිරිය ඝාතනය කළ ශ්‍රී ලාංකිකයකු ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු බවට තීන්දු කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2022 දෙසැම්බර් මස මුල් භාගයේ මෙල්බර්න් නුවර සැන්ඩර්ස්ට් ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේදී 43 හැවිරිදි නෙලෝමි පෙරේරා ඝාතනයට ලක්වී ඇතැයි ද, ඇගේ සැමියා වන 47 හැවිරිදි දිනුෂ් කුරේරා විසින් එම ඝාතනය සිදු කර ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළි වූ අතර, ඒ වන විට නෙලෝමි සිය සැමියාගෙන් දික්කසාද වීම සඳහා නඩුවක් ගොනු කර තිබු බව ද ජූරි සභාවට කරුණු වාර්තා වී ඇත. විත්තිකරු ගෘහස්ථ හිංසනය සම්බන්ධව දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බවත්, ඔහු එදින කළු ඇඳුමකින් සැරසී අත්පො­‍ෙරාවක් හා පෙට්‍රල් කෑනයක් ද රැගෙන පිටුපස දොරෙන් නිවෙසට ඇතුළු වී ඇති බවට කරුණු හෙළිවී ඇති අතර, සියලු කරුණු සලකා බැලූ ජූරි සභාව පැය තුනකටත් අඩු කාලයකදී ඔහු වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කර යළි මෙල්බර්න් නුවරට පැමිණ ඇත්තේ ඊට දින කිහිපයකට පෙර බව ද වාර්තා වී තිබේ. බිරිය ඝාතනය කිරීමේ චෝදනාව පිළිගන්නා බවත්, එය සිදු කළේ ආත්මාරක්ෂාව සඳහා බවත් විත්තිකරුගේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කළ ද, එය ජූරි සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත්, ඝාතනය ඇසින් දුටු ඔවුන්ගේ දියණිය හා පුත්‍රයාගේ සාක්ෂි ඔහු වරදකරු කිරීමට ප්‍රබල සාධක බවට පත්වූ බවද වාර්තා වේ. සිය මවට පො‍ෙරාවෙන් හා පිහියෙන් පහර දීම වැළැක්වීමට උත්සාහ දැරූ 16 හැවිරිදි පුත්‍රයාට ද තුවාල සිදු කර ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී සති 5ක කාලයක් පැවැති නඩු විභාගයෙන් පසු විනිසුරු අමන්දා ෆොක්ස් වරදකරුගේ දඬුවම ප්‍රකාශ කිරීම ලබන නොවැම්බර් මස 8 වැනිදා දක්වා කල් තැබූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here