Home World News Room : වෙනිසියුලා ජනපතිගේ ගුවන්යානය අමෙරිකාවේ භාරයට

News Room : වෙනිසියුලා ජනපතිගේ ගුවන්යානය අමෙරිකාවේ භාරයට

2
0

සම්බාධක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝට අයත් ගුවන්යානයක් තම බාරයට ගත් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 13කට මිලදී ගත් බව කියන එම ගුවන්යානය අමෙරිකානු බලධාරීන් විසින් අත්පත් කරගනු ලැබුවේ ඩොමිනිකන් රාජ්‍යයේදී බවත්, එය මේ වන විට ෆ්ලොරිඩා ප්‍රාන්තයට රැගෙන ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ගුවන්යානය අත්පත් කරගත් අවස්ථාවේදී වෙනිසියුලාවේ ජනාධිපතිවරයා එහි නොසිටි බව ද වාර්තා වේ.මූල්‍ය වංචා හා දූෂණ සම්බන්ධව චෝදනා ලබා සිටින නිකොලොස් මදුරෝ ඇතුළු වෙනිසියුලාවේ රජයට එරෙහිව අමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධකවලට අනුව එවැනි මිලදී ගැනීම් හෝ අලෙවි කිරීම් තහනම් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here